සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ලබන පෙබරවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසීය.
සුපිරි අමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති දැනටමත් මෙම පනත් කෙටුම්පතට අවසර දී ඇති බවත් ඔහු පැවසීය.
මෙම පනතින් කිසිදු අයුරකින් පළාත් සභාවල බලතල අඩු නොවන බව කී අමාත්‍යවරයා විශේෂ ආයතනයක් පිහිටුවමින් ආයෝජකයන්ට පහසුකම් සපයන බවත් එම ආයතනය ඔස්සේ වංචා කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවත් කීවේය.
හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීනයේ ‘චයිනා මර්චන්ට්’ සමාගම එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවත් ඔහු පැවසූවේය.
හම්බන්තොට වරාය ඉදිකළ ද පසුගිය ආණ්ඩුව එයින් ආදායම් ජනනය කරන ක්‍රමවේදයක් සකසා නැති බවත් පසුගිය රජය එහි අනාගතය පිළිබඳ කිසිදු සැලැස්මක් නොමැතිව කටයුතු කර ඇතැයි ද පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික සම්පත් පිටරට සමාගම් වලට විකිණීමේදී ඇතිවන මහජන විරෝධතාවයන් තලාගෙන යන්න හදන්නෙ (අ)
රාජ්‍ය සංවර්ධන කටයුත්තකදී හෝ මේ රටට යහපතක් වෙන කටයුත්තකදී යම් පසුබෑමක් වෙනවා නම් කළයුත්තේ එයට වගකිවයුතු අය ඉවත්කර පිට කොන්දක් ඇති ප්‍රධානින් යෙදවීම මිස මහජන මුදලින් යැපෙන, මහජනයා මත බරපටවන ඇමතියන් පත්කිරීම නොවේ. (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
මේ අදහසට විරුද්ධවෙන අය, රටේ දළ දේශීය අදායම ඉහළ දැමීමටත්, ගුණාත්මක අතින් ඉහළ අලුත් රැකියා ඇති කිරීමටත් ඉදිරිපත් කරන විකල්ප ක්‍රියාමාර්ගය කුමක්ද? (නි)
ඉතාම අත්‍යඅවශ්‍ය දෙයක්, ව්‍යාපෘතියකට අනුමැතිය ගන්න ගිහාම තියන රස්තියාදුව නිසා ආයෝජකයන්ට මේරටේ ආයෝජනය කරන්න එපා වෙනවා. (බ)