
(අංජුල මහික වීරරත්න)
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘති වලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.රජය ලෙස අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන බවද ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්, ඒ අය වැටුප් ගන්නේ ඒකට. ඔෆිස් ඇවිත් නිදා ගන්න නෙවෙයි...
බලයට එන්න පෙරාතුව කීවේ සහභාගි වෙන්නත් එපා කියලයි. ඔහොම යන්...
වෙනදා ඕව ණය මත කරන බව නෙවෙයි ඇඟෙව්වෙ තමන්ගෙ බූදලයෙන් කරනවා වගේ, දේශපාලඥයන් සහ නිළධාරීන් දෙගොල්ලො එකතුවෙලා කොමිස් ගැහිලයි කලේ. මේ ප්‍රකාශය අනුව වගකීම් සහ වගවීම් පැහැදිලිවම පේනව, මේක තමයි විය යුත්තේ.
මීලඟ නිදහස් සැමරුම ප්‍රභූන් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් බව ප්‍රකාශයක් අසන්නට ලැබුන. එය කෙසේ දැයි පැහැදිලි නොවුනද මෙතෙක් කල් අප දුටු නිදහස් සැමරුමවූයේ දේශපාලඥයන්ගේ බිරින්දෑවරු දරුවන්, සහ හමුදාවේ උසස් අයගෙ සහ බිරින්දෑවරුන් වාහන වලින් පැමිණ රතු පලස් මගින් අසුන් ගත කර අහසට වෙඩි තැබීමත් නිරස කතාවත් පමණි. තානාපතිවරුන්ද පැත්තක වාඩිකරවීමටද ඔවුන් අමතක නොකරයි. මේ ක්‍රමය වෙනස් කිරීම ඉතාම හොඳ වැඩක්. අප පැතු වෙනස මෙයයි
නිදහස සමරන්න කියලා පෙබරවාරි 4 වැනිදා රුපියල් කෝටි ගණන් වියදම් කරගෙන ගාලු මුවදොර/ නිදහස් චතුරශ්‍රයේ නටන පිස්සු විකාර සන්දර්ශනය නවත්වන්න. එදෑට සෑම නිවසකම/ රාජ්‍ය ආයතනයකම ජාතික ධජය ඔසවා තබන්න නියම කරන්න. ආගමික ස්ථානවල සැඳැවට ආගමික පුද පූජා හා නැමදීම් පමණක් පවත්වන්න නියම කරා නම් ඇති...!
නිදහස සැමරීම ලෝකයේ බොහෝ රටවල සිදුවෙනවා ඒවා ප්‍රවෘත්ති මගින් නොදකින බව පැහැදිලියි නැත්නම් මෙහෙම කියන්නෙ කොහොමද ඊළඟට මෑතකදී හිටපු ජනාධිපති පදිංචිව හිටියෙ පුද්ගලික නිවසක තමයි ඒත් අවශ්‍යතා නිසා ජනාධිපති මන්ධිරයේ කුස්සියේ අහාර එකතුවක් තිබුනා ඒවා අනවශ්‍ය දේවල් කියලා සේවකයින්ට ගෙනයාමට කියලා තිබුනා ඇත්තටම ඒ ආහාර තිබුනේ ජනාධිපතිට පරිභෝජනය සදහාද කියලා නුවනැත්තෝ සිතත්වා එහෙම ශෝබන වැඩ කරන්නෙ මෝඩ මිනිස්සු රවටා බලය ගැනීමේ උපක්‍රමයක් ලෙසටද කියලා තේරුම් ගන්න බැහැ සාමාන්‍යයෙන් මැයි දිනය තමයි අගමැති කියන ආකාරයට වෙනසක් වෙන්න ඕන