සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය නොදන්නා පුද්ගලයකු විසින් බවත්, මෙම පනත් කෙටුම්පත යළි සාකච්ඡාවට බඳුන් කර සශෝධනය කර ඉදිරිපත් කළ යුතු බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී සේනාරත්න මහතා එලෙස කීවේය.

‘සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගෙනඒමට පෙර රටේ  සංවාදයක් ඇති කළ යුතුයි. පළාත් සභාවල යෝජනා ලබාගෙන වැරදි සකස් කර මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා. පළාත් සභාවල සහාය අවශ්‍ය නම් පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු අමාත්‍යවරුන් සමග සාකචිඡා කිරීමට අවස්ථාව තිබුණා. මගේ අදහස නම් මෙය පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් නොකළ යුතු බවයි. පළාත් සභාවල මතය විමසීමෙන් පසු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා. මෙම පනත් කෙටුම්පතේ සදහන් වෙනවා අමාත්‍යවරයා සද්භාවයෙන් කටයුතු කරනවා නම් නඩු පැවැරීමට නොහැකි බව. මම එම වගන්තියට විරුද්ධයි. මොකද ජනාධිපතිවරයාටත් නඩු පැවැරිය හැකි මොහොතක අමාත්‍යවරයෙකුට මුක්තියක් ලබාදෙන්නේ කොහොමද? මෙම කෙටුම්පතෙනුත් කමිටු හදලා වැඩක් නැහැ. ව්‍යාපෘති ක්‍රීයාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාව ආයෝජන හිතවාදි රටක් බවට පත් කළ යුතුයි. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය දෙයක්. සංවර්ධන ව්‍යාපෘති එක ස්ථානයකින් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මෙම කෙටුම්පත යළි සාකචිඡාවට බදුන් කර ඉදිරිපත් කළ යුතු බව මම ප්‍රකාශ කරනවා. 

 යහපාලන රජයට රට තුළ ලොකු විරෝධයක් නැහැ. රජය කළ වැඩ කොටස් ගැන ප්‍රසාදයක් තිඛෙනවා. රුපියල් සතවලින් එම වැඩ කොටස මනින්න එපා. සංහිදියාව ගොඩනැගෙනවා. පක්ෂ ගැන කථා කරලා වැඩක් නැහැ. රජය තුල සිටිමින් ඇතැම් අමාත්‍යවරුන් හිටපු ජනාධිපතිවරයාගේ මතවාදය ගැන කථා කරනවා. රට ගොඩනැගීමට යහපාලන රජය බිහි කළේ”