රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ සංවර්ධන විශේෂ විධි විධාන පනත අද (29) බස්නාහිර පළාත් සභාවේදී වැඩි ඡන්ද 24කින් පරාජයට පත්විය.
පනතට විරුද්ධව ඡන්ද 52ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 28ක් පමණි. පනතට විපක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජාතික හෙළ උරුමය ඡන්දය දුන් අතර ඊට පක්ෂව එක්සත් ජාතික පක්ෂය ඡන්දය ලබාදුන්නේය. ස්වාධීන මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙම පනත පළාත් සභා අටටම ඉදිරිපත් කර පරාජයට පත්වූ අතර ඉතිරිව ඇත්තේ නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් කර අදහස් ලබා ගැනීම පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පනත කොහෙවත් දිනන්නේ නැත. මොකද කිසිම පළාත් සබාවක් දැනට තිබෙන බලය අඩුකර ගන්න කැමති නැත. නමුත් මහජනයාට උවමනා පළාත් සබාවල බලය අඩුකර ගැනීමටය. එමනිසා පර්ලිමේන්තුවෙන් මෙම පනත සම්මත කරගන්න. පළාත් සබා නැත්තටම නැතිකළාට කමක් නැත (නි)
පළාත් සබාවල බහුතර බලය රජයට නැති බව නේද මේ පෙන්වන්නේ (බ)
ඔය පළාත්සභා විසුරුවන්න. අපි ඡන්දෙ දීල පත්කරපු නව රජයක් මේ රටේ තියෙන්නේ. රජයේ සංවර්ධන වැඩපිළිවෙලට එකඟ නැති ඔය පරාජිත පක්ෂයේ පළාත් සභා මොකටද තියාගෙන ඉන්නේ. අපේ සල්ලි කාලාදාන ලෝකේ වටේ සවාරි ගහන සුදු අලියෙක් මොකටද නඩත්තු කරන්නේ. (නි)