(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි පහළොස් දහසක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටුපොළ පිරිසිදු කරන්නියක විසින් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පදිංචිව සිටින කාන්තාවකි .
මෙම ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ සිටි මගියෙකු විසින් ඇයට ලබා දී තිබූ අතර , ඇය එම ස්වර්ණාභරණ තොගය ඇයගේ රාජකාරී පිරිසිදු කිරීමේ උපකරණ සහ රසායනික ද්‍රව්‍ය බහා ගෙන යන ට්‍රොලියේ තිබූ පොලිතීන් මල්ලක සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් මේ බැව අනාවරණය කරගෙන රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
මෙම පිරිසිදු කරන්නිය සතු වූ මෙම බෑගය තුළ මාල ,වළලු , මුදු , කරාබු ඇතුළු කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 187 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබූ බවත් , ඇය මෙම ජාවාරම දිගු කළක සිට සිදු කරන්නට ඇති බවට රේගු නිලධාරීන් සැක කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩු අරගෙන ආවා නම් ප්‍රශ්නයක් නැතිවෙයි නේද?
අපේ රාජ්‍ය සේවකයෝ ගෑවිච්ච තැන කරන්නේ හොරකම තමයි...
මේවා නිකම් කුණු කසල... මේ සේවිකාව ඇහිඳ ගනු ලබන, බින් එකට දාන්න ගෙනියන්නේ...
මේ ගොල්ලෝ ඇල්ලුවේ ඒ ගොල්ලන්ගේ කොමිසන් එක හම්බ වුනේ නැති නිසයි. අර මුස්ලිම් දොස්තරගේ වස්තුව හම්බ කරේ කොහොමද කියලා හෙව්වා වගේ... ලංකාවේ හිටපු සහ දැන් ඉන්න ඔක්කොම රේගු නිලධාරීන්ගේ දේපල සහ ඔවුන්ගේ දරුවන් රට රාජ්‍ය මුදල් වියදම් කර ඉගෙන ගත්තේ කොහොමද කියලා බැලුවා නම් මරේ මරු...
කරුමෙට සුළු සේවකයෙක් වුණානේ? ලොක්කෙක් වුණානම් මෙලහට බඩුත් එක්කලම ගෙදරත් ගිහින්... පොටෝ ගහන්නේ එකට ඉඳලා...
සේවිකාව "සුළු" වුවත් ඇයට මේ විශාල කටයුත්ත වෙනුවෙන් අති විශාල "ගතමනාවක්" මෙයට සම්බන්ද මහා මොළ කරුවන් විසින් ගෙවා ඇත! "රාජකාරී පිරිසිදු කිරීමේ උපකරණ සහ රසායනික ද්‍රව්‍ය බහා ගෙන යන ට්‍රොලියේ තිබූ කුණු කන්දල්" ඇය සිය නිවසට ගෙන යාම සඳහාද මේ ක්‍රමයට ගුවන් තොටුපොලෙන් පිට කිරීමට සුදානම් උනේ? එහි කුණු එකතුකරන කොන්ටෙනර් හිගයක් තිබෙනවද මේ විදියට සේවකයන් ට්‍රොලි පිට කරන්නේ???? සමහරවිට ඇය සමහර ඇමති, මන්ත්‍රීන් මෙන් සුකෝපබෝගී මන්දිරයක හිමිකරියෙක් වෙන්නත් බැරි නැහැ. හොයා බැලුවොත් නරකද මෙයා ගැන තව විස්තර ටිකක්?
හිමාල්, රේගු නිලදාරීන්ට හම්බවෙන ප්‍රතිසතයට අමතරව ගහන ගැහිල්ල තමයි මාර ගැහිල්ල. මගේ ඥතී සහෝදරයෙක් රේගු නිලදාරියෙක් හැටියට සේවය කර සහකාර අධ්යක්ෂ වෙලා දැන් නිදහසේ විශ්‍රාම ගත කරනවා.