ථෙරපුත්තාභය හිමි මඟ යමින් හාමුදුරුවරුන් සිය නමක් උපැවිදි වී හෝ මේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දෙන බව සූරියවැව, බැඳිවැව පේමසිරි හිමි තංගල්ල පුරාණ ‘වනවාස‘ විහාරයේ මාධ්‍ය හමුවකදී කීහ.
හම්බන්තොට එක්සත් භික්ෂු සංසදය මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.
ථෙරපුත්තාභය හිමි මඟ යමින් හාමුදුරුවරුන් සිය නමක් උපැවිදි වී හෝ මේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දෙන බව සූරියවැව, බැඳිවැව පේමසිරි හිමි තංගල්ල පුරාණ ‘වනවාස‘ විහාරයේ මාධ්‍ය හමුවකදී කීහ.
හම්බන්තොට එක්සත් භික්ෂු සංසදය මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදියෝ අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරනකොට, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය යට මිනිස් ඝාතනය කරනකොට, නුවර දළදා මාලිගාවට ගහනවිට සිවුර පැත්තකට දාලා ඉදිරියට ආ ඔබ නැවතත් සිවුර හරින්න හදන එක ගැන අපට හරිම සතුටුයි. (නි)
ඒ ගමන අපිට හාමුදුරු හමුදාවකුත් නඩත්තු කරන්න වෙයි වගේ (නි)
එතකොට නිවන් දැකිය හැකිවෙයි මේ ආත්මෙදිම. හාමුදුරුවනේ, පින් සිද්ධවෙයි, ථෙරපුත්තාභය හිමියන්ගේ කතාව තව සැරයක් හොඳින් කියවා බලන්න. අපේ ඉතිහාසය සුළුවෙන් හෝ හෑල්ලුවට ලක්කරන්න එපා. (නි)
අනේ හාමුදුරුවරුවනේ, මොනවද මේ කරන්න යන්නේ? (නි)
හොඳින් බණ දහම් පුරා ඇති බව නම් පැහැදිලියි (නි)
එහෙනම් පොලිසියේ ආරක්ෂාව ඕනෑ නැහැනේ. සියලුම ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන්න. ඒ අය රටට වැඩදායක කාර්යයක යොදවන්න. පුදුම රටක්නේ මේ අසිරිමත් ලංකාව. මෙහි සිටින හාමුදුරුවන්ගෙන් සමහරක් "බොඩිගාඩ්" වැඩත් කරනවා. (නි)
ශාසනයේ ඉන්නවාට වඩා ඔහොමම සිවුර දාලා යන එක බොහොම හොඳයි. (නි)
මම නම් මේ තීරණයේ කිසිම වරදක් දකින්නේ නැහැ. (නි)
රටේ හැමතැනම පෙළපාලි තියන එකයි, පොල් ගහන එකයි, පාර්ලිමේන්තුවේ පිස්සු නටන එකයි නතර කරලා අපිට කරදර නොකර ඔය ඉන්නවා කියන හාමුදුරුවෝ ටික එක්ක පරිස්සමට ඉන්නකෝ. (නි)
මේ වගේ දේවල් වලට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ඇයි දන්නේ නැහැ යුද්ධය කාලේ සිවුර දාලා යුද්ධයට ගියේ නැත්තේ. මහින්දට 100 ක ආරක්ෂාවක් මදිද? (නි)
බොහොම කාලෙකට පස්සේ ඔන්න ඇහුවා හාමුදුරු කෙනෙක් සැබෑ ශාසනික සේවයක් කරන්න යනවා කියලා. මීට කලින්ම ඔය සේවය කළා නම් එක් කෙනෙකුගෙන් හරි ශාසනය පිරිසිදු වෙනවානේ. (නි)
පොලිසිය හෑල්ලුවට ලක්කරන්න එපා. සිවුර හරින්න හොඳ හේතුවක් හොයාගෙන වගේ. අනේ මෙහෙමත් රටක්!!! (නි)
ඔබ වහන්සේලා ඔහොම සිවුරු අරින්න ගියොත් සඟ පරපුරක් ඉතුරුවෙයිද? (නි)
මම එකඟ නොවෙමි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහසට. ඔබ වහන්සේ සිවුරු අරින්න එපා (නි)
අද බෞද්ධ දර්ශනය තුළ මාර්ගඵල ලබාගත් අය හිඟ ඇයි කියලා තේරෙනවා නේද? මේ හාමුදුරුවරු බුද්ධ දර්ශනය තුළ තිබෙන සර්වකාලින පිළිතුරු සමාජගත කිරීමේ වගකීමෙන් මිදිලා පුද්ගල නාම පස්සේ ගිය එක තමයි කළේ. (නි)
දේශපාලන කුහකයෝ එතුමාව ප්‍රතික්ෂේප කළාට, ලක්ෂ 58 කට වැඩි ජනතාව එතුමට තවමත් හදවතින්ම ආදරෙයි. මොකද අපිට ජීවත් වෙන්න අයිතිය දුන්නේ එතුමා (නි)
මිනිසුනේ, බොලඳ පටු විදිහට හිතන්න එපා. නිර්මල බුද්ධ ශාසනය රැකෙන්න නම් ලංකාවත් බෞද්ධයොත් රැකිලා ඉන්න ඕනෑ. එ්ක කරන්න පුළුවන් බව පෙන්වූ නායකයෙක් තමා මහින්ද. කොච්චර වැරදි තිබුනත් අපි ඒ ගැන හිතන්න ඕනෑ. රජයෙන් කෙරෙන්නේ නැති ඒවාට රට ජාතිය බේරාගන්න හාමුදුරුවරු සිවුර ගළවා ඉස්සරහට ආවට කමක් නැහැ (නි)
අනේ අපේ හාමුදුරුවනේ, එහෙම කරන්න. ඒක ශාසනයටත් සේවයක්. මොකද යථාර්ථය තේරුම් ගන්න බැරි සමහර වහන්සේලාගෙන් ශාසනයට වෙන සේවය හිතාගන්න පුළුවන් (නි)
සමහර චීවරධාරියෝ සිව්රු ඇරියොත් එ්ක ශාසනයට කරන ලොකුම උදව්ව වේවි. (නි)
කොහේ තියෙන නිර්මල බුදු දහමක් ගැනද මේ අය කතා කරන්නේ? (නි)
රට රැකදුන් නායකයාට කළගුණ සැළකීම අපි අගය කරමු (නි)
අනේ මේ වගේ සංඝයා වහන්සේලා? ශාසනය බලාගෙන හිටියා නම් හොඳටම ඇති අපිට (නි)
එච්චරයි අඩුවෙලා තිබුනේ. අඬන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අැන්නා වගේ! (නි)
එතකොට එයාලා යුධ හමුදා ආරක්ෂාවටත් වඩා ආරක්ෂාවක් දෙනවද? සිල්වත්ව ඉඳගෙන පිරිත් කියලා ධර්මයේ ආරක්ෂාව දුන්නා නම් ඔය ඔක්කොටම වැඩිය ලොකුයි (නි)
හැබැයි නුදුසුස්සන්ගේ සිවුරු ගැළෙව්වොත් නම් මහින්ද මහත්තයාට ඒ වගේ පිනක් නම් ආයේ ජීවිතේට කරගන්න හම්බෙන්නේ නැහැ (නි)
අනේ හාමුදුරුවනේ, ථෙරපුත්තාභය හාමුදුරුවන්ට විශේෂ දක්ෂතා තිබුනා. ඔබවහන්සේලා ශාසනය රැකගෙන ඉන්න. (නි)
සංඝාරක්ෂාව නොමිලේ ලබාදෙන බැවින් එස්ටීඑෆ් එක හිටපු තැනට යවමු. (නි)
පන්සල කඩයක් කරගෙනීම පාපයක් (ම)
යහපත් අදහසක් නම් මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැත. තමන් කැපවී සිටින ධර්මයට වඩා වෙනත් කරුණක් තමන්ගේ පැවැත්මට වැඩදායක බව සිතන කවරකු හෝ ඉන් ඉවත්වීම එම ධර්මයට කරන ගෞරවයකි. යම් කරුණක් ඉටු කරගැනීමට එක් පුද්ගලයකු හෝ පවුලක් එයට දායක වූ පමණින් එහි අයිතිය සදාකාලිකව ඔවුන්ටම හිමි කරදීමට කිසියම් පාර්ශවයක් කටයුතු කිරීම සාධාරණද? (නි)
මෙහි ප්‍රායෝගික බව කෙසේවෙතත් අපේ රටේ කිසිම නායකයෙකු වෙනුවෙන් භික්ෂුන් මෙවන් ප්‍රකාශ නිකුත්කොට නැත. මහින්ද එතරම්ම දේශීයයි. (නි)
කරන්න පුළුවන් දෙයක් කියන්න හාමුදුරුවනේ (නි)
දැන් සමහර හාමුදුරුවරුන්ගේ හැසිරීම බලද්දී උපැවිදි වෙන එක ලොකු දෙයක් (නි)
එතකොට මේවාට යන වියදම්? (නි)
කොහොමත් සමහරු නම් සිවුරු අරින එක බුදුපියාණන්ට කරන ගෞරවයක්. (නි)
ඒක හොඳයි , කොහොමත් සිවුරේ හිටියා කියලා ආගමික දෙයක් හෝ ශාසනික සේවයක් කරන එකක්යෑ. (නි)
සිවුරු ඇරලා බලන්නකෝ. ඊටපස්සේ මහින්ද නොවෙයි, තමන්ගේ බඩවියත රැකගන්න කොච්චර අමාරුවෙයිද කියලා (නි)
ඉතා හොඳයි. ශාසනයට කරන ලොකුම සේවයක් (නි)
හොඳ වැඩක්. සුබ පතනවා! (නි)
කරන වැඩවල හැටියට, සමහර භික්ෂුන් සිවුර හරින එක ශාසනයට කරන ලොකු සේවයක්. මේ පුවතට අදාළ හිමියන් මේක තේරුම් අරගෙන ඔය වැඩේ කරන්න හදනවාද දන්නේ නැහැ.වැරදි කරලා නැත්නම්, හදවතට එකඟව "මා කිසිම වරදක් කරලා නැහැ.. මා යටතේ සිටි කිසිවකුට රටට පාඩුවන වරදක් කරන්න දීලත් නැහැ" කියා කෙළින් හිටගන්න පුළුවන් නම් මහින්ද මහත්තය බයවෙන්න ඕනෑ නැහැ. (නි)
බොහොම හොඳයි. කවදාද පටන්ගන්නේ? (නි)
කට්ටියක් කහ සිවුරෙන්ම 100 ක හමුදාවක් පිහිටුවනවා කිව්වා. දැන් කහ සිවුර ගළවලා හමුදාවක් හදනවාද? අනේ වාසනාවන්! (නි)
රාජපක්ෂ පස්සෙන් තවත් යනවානේ හැබෑටම? (නි)
අනේ සාධු සාධු!! (නි)
මහින්දව රැකගන්න සිවුර හරින්න පුලුවන් නම් යුද්ධය තිබුන වෙලේ හමුදාවට බැඳෙන්න තිබුුනා රට වෙනුවෙන්. නුවර මාළිගාවට බෝම්බ ගහනකොට කොහෙද හිටියේ? ඒ දවස්වල එයට විරුද්ධව මේ අය පාරට බැස්සද? මේ වගේ අය සිවුර අරින එක ඉතාම හොඳයි (නි)
එතකොට මහණවෙලා තියෙන්නේ බුදුහිමි ගිය මඟ යන්න නෙමෙයිද? (නි)
ගිලනුන්ට උපස්ථාන කිරීම මහඟු පිනකි. එයට සිවුරු හැරිය යුතු නැත. (නි)
කාලෝචිත යෝජනාවක්. ඔබ වහන්සේලාට මහත් පිනක් රට වෙනුවෙන් කැපවීම ගැන (නි)
ගොඩක් හොඳ වැඩක් අපේ හාමුදුරුවනේ (නි)
අනේ! අපිට පව් පුරවන්නේ නැතුව බුද්ධාගම රැකගෙන ඉන්න. එහෙම නැත්නම් ඔය සිවුර ගළවා දමන්න (නි)
අපේ හාමුදුරුවනේ, අපි අසරණවෙලා කියල දැන්නම් හිතෙනවා. සසර මඟ කෙටිකරන පැවිදි දිවියට පිවිසි හා අන් අයට සසර මඟ කෙටිකරගන්න දේශනා කරන්න කැපවුණ ඔබවහන්සේලා මොනවද මේ කියන කතා? සිවුර කොතරම් හෑල්ලුවට ලක්කරනවද? (නි)
ඔබවහසේලා එදා ඉඳලාම ඉදිරියට අා නිසා තමයි අපේ සිංහල දේශය තවම රැකී තියෙන්නේ. (නි)
ඒ මනුස්සයාට එහෙමවත් සළකන අය ඉන්න එක සතුටට කරුණක් (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
මං හිතන්නේ කඩු, තෝමර, හෙල්ල, පලි අත දරන ආරක්ෂක හමුදාවක් වෙන්න ඇති. කමක් නැහැ ඉතින් ඔය ඔක්කොම තංගල්ලේයි හම්බන්තොටයිනේ. ගරුතර මහා සංඝරත්නය මේ ලෙස එක් පුද්ගලයෙකු වෙනුවෙන් ගන්නා බව කියන කාලයට නොගැළපෙන ක්‍රියාමාර්ග නිසා හිනාවෙන්නේ අන්‍යාගමිකයෝයි. අනේ හැබෑට බුද්ධාගමට ගිය කලක්! (නි)
වෙසක් සතියේ අහන්න ලැබුන හොඳ ප්‍රවෘත්තියක්. අනේ, සාධු අනේ සාධු!! (නි)
අපේ රටින් වැනසීයන නිර්මල බුදු දහම රකිනවා වෙනුවට, මෙම හිමිවරුන් කැපවන්නේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කළ, පමණට වඩාත් ආරක්ෂාව ලබන මහින්ද රැකගන්නටයි (නි)
මේක හොඳ වැඩක්. පොලිසියටයි, හමුදාවටයි වෙන වැඩ කරන්න පුළුවන්. කිය කියා ඉන්නේ නැතුව හෙටම පටන් ගන්න (නි)
සමහරුන්ට රට සවාරි යන්න ආණ්ඩුවෙන් වියදම දෙනවා වගේ ඔබලාවත් ඊශ්‍රායල් යවයි පුහුණුවට. (නි)
සසර දුකයි කියා තථාගතයන් වහන්සේ දෙසු බව අමතකව ඇති හැඩයි (නි)
යුද්ධය කාලෙනේ කරන්න තිබුණේ. මේවා බොරු සංදර්ශන. 100 ක ආරක්ෂාවක් මදිද? (නි)
මෙවැනි දේවල් සිදුවෙන ලංකාව වැනි රටක ඉපදීමත් දුකකි (නි)