(දිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 916ක් සුවය ලබා අද(01) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 58,075 දක්වා ඉහළ ගියේය.
අද දිනයේදී වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ රඹුක්කන ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 98කි.ගිරිඋල්ල සහ පැණිදෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 73දෙනෙකු බැගින් සුවය ලබා පිටව ගොස් ඇත.
සුවය ලබා පිටව ගිය පිරිස අතර කිසිදු විදේශිකයෙක් නොවෙයි.
ජනවාරි 27 වැනිදා (1520) සහ 28 වැනිදා (1896) හැරුණුවිට 2021 වසරේදී වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ අද(01) දිනයේදී බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේවුවත්, ආසාදිතයෝ 5766දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත ගණන 64,157ක් වන අතර, 316දෙනෙකු මිය ගොසිනි. එයින් 197දෙනෙකු පුරුෂයන් වන අතර, අය කාන්තාවෝ වෙති.
මිය ගිය පිරිසෙන් 40%ක් අවුරුදු 61-75ත් අතර අය වෙති.
ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් මරණ ගණන 14කි. ඉන්දියාවේ එම අගය 111ක් වන අතර දකුණු ආසියානු කලාපයේ 96ක් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සුවය ලැබූවන් ගණන 58,000 පනී