වැලිකන්ද සෙවනපිටියේ වගාබිමක වැතිරි සිටින අලියා වෙඩි වැදීමෙන් ඔත්පලවී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා පවසයි.
හොඳින් වැඩුණු වයස අවුරුදු 40ක් පමණ වන මේ සතාට කිසියම් අයකු සතියකට පමණ පෙර වෙඩි තබා ඇතැයි ද වෛද්‍ය දේවසුරේන්ද්‍ර මහතා කීවේය. අද පස්වරුවේ අලියාට ප්‍රතිකාර ලබාදිම අරඹමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලියාගේ හිසට වැදුණු වෙඩි උණ්ඩය මොළය දක්වාම ගමන්කිරිම හේතුවෙන් අලියා දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධ කරනවුන්ට අපායක් වෙනම සැදිය යුතු නේද?අලි බිය ගැන්විය හැකි තන්ඩර් ෆ්ලෑෂ් නමැති වෙඩි වර්ගයක් ඇති බව දනිමි ශ්‍රී ලංකා යුද හමුදාව පුහුණු වීම් සඳහා ඒවා භාවිතා කළ අතර ඒවායින් විශාල ශබ්දයක් විනා අනතුරක් සිදු නොවේ. අනෙක් සතුන් මෙන් නොව අලියෙකු ඇතෙකු මැරීම හෙන ගසන අපරාධයකි.එය ලංකාවේ නූතන ඉතිහාසයේ සටහන් වී ඇත. (බ)
මේ සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුව සම්පුර්ණ වගකීම බාරගත යුතුයි (ම)
මේ අහිංසකයට කරපු අපරාධයට ඒ පාපී දුර්ජනයට කිසිම කලක හොදක්නම් නොවේවා...!!! කිසිම ආණ්ඩුවක් පරිසර හානිය වලක්වන්න කැප වෙන්නේ නැති එකේ ප්‍රතිපල තමයි මේ. (බ)
මොලයක් නැති කෙනෙකුගේ හිතක් පපුවක් නැති වැඩක් (බ)
මොන තරම් පාපකර්මයක්ද මේ අහිංසක සත්තුට උන්ගේ පාඩුවේ ඉන්දදුනනම් ඉවරනේ (ම)
අනේ දෙවියනේ! (නි)