ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපිට පැවැති විරෝධතාවේ දී විකෘති කළ ජාතික කොඩියක් බෙදා හැරියේ තමන්ගේ දැනුම්වත් කමින් නොවන බවත්, එය රාජ්‍ය නොවන සංවිධානයක වැඩක් බවට සැක කරන බවත් අඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල මහත්වරු කියති.
මේ නිසා කාගේ හෝ සිත් රිදීමක් වූවා නම් සමාව ඉල්ලන බව ද අලහප්පෙරුම මහතා පවසයි.
පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත ද එවැනි කොඩියක් තිබූ බවට සමහරු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් දන්නේ නැහැ තමන් කරන්නේ මොකක්ද කියලා. (නි)
ඕස්ට්‍රේලියන් පුරවැසියෙක් උන මෙයා රටේ ජාතික කොඩිය කියල එල්ටීටීඊ කොඩිය දුන්නත් වැළඳ ගනීවී. කීයක් හරි අතට හම්බ වෙනව නම් අනේ මෙහෙමත් නරි. (ස)
කිංග්ස්ලි පෙරේරා මහතා කියූ පරිදි 1948 නිදහස ලැබීමෙන් පසු එස වු සිංහ කොඩිය තමා මේ. කොඩිය විකෘති කරලා තියෙන්නේ කව්ද කියල බලන්න. (ස)
අවලම් විදිහට කවලම් නුණු සිංහලයන්ගේ ජාතියේ කොඩියයි ඕක. කවලම් වුණු කොලපාට ඉරි කහපාට ඉරි තියෙන්නේ ජාතික කොඩියේ ජාතික කොඩියයි ,ජාතියේ කොඩියයි පටලවගන්න එපා ඔය කොඩිය නියම සිංහල ජාතියේ කොඩියයි (බ)
සංවිධානයක් කොඩි බෙදලා ඉදිරියේදී සිංහයා ඉවත් කොට උඩ තඩි රැවුලක් ඇති අයෙක් ඇතුලත් කරලා, අපේ කොඩිය හදයි ද ? හදලා බෙදයි ද ? අනේ මන්දා. අවුරුදු 6 000 කට වැඩි ඉතිහාසයක් තියන හෙළ දෙරනකට, ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ගිය කලක්. (ස)
එන්ජීඕ බෙදාපු කොඩියවත් අඳුරගන්න බැරි උනානම් ඒකෙන්ම පේනවා මේ අය මේ දවස් වල අවසිහියෙන් වැඩ කරන බව! කතාවට නම් අැල්වතුරත් නිවලලු බොන්නේ! මේ වගේ අයට ගමේ නම් කියන්නේ කන කබරු කියල ! (ස)
මේ වගේ යහපත් වැඩ බකල් කරන්න සමහර අන්තවාදීන් ඒවාට රිංගනවා. ඒවාට ඉදිරියේදී ඉඩ තියන්න එපා. (බ)
කින්ග්ලි පෙරේරා මගේ අදහස හරි. මෙතන වෙලා තියෙන්නේ කොඩි අතේ තියාගෙන් අනුන්ගේ වැඩක් යි කියමින් ප්‍රශ්නයෙන් පැන යන්න හදන එකනේ. අනිත් එක මෙතන වෙලා තියෙන්නේ පිළිගත් ජාතික කොඩිය ඉවත් කර තනි සිංහ කොඩියක් එසවීම නෙවෙයිනෙ. තනි සිංහ කොඩිය එසවීම තහනම් කර ඇත්තෙත් නැහැනේ. (ස)
ගම්මන්පිල මහත්තයෝ .. මේකත් ඇමෙරිකන් කඩාකප්පල් කාරී වැඩක්ද ? දිනසීයක් යනකොට ඔයත් විහිලු සපයන්නෙක් වුනාද? (බ)
නිකන් බයිලා අපිට වැඩක් නැහැ (නි)
ජාතික කොඩිය සහ සිංහ කොඩිය එකක් ලෙසින් සිතන කට්ටියට මේකත් වරදක් බව තේරෙනවා. නමුත් මට මතකයි, පසුගිය පාලන සමයේදී දේශපාලන විරෝධතා සඳහා ජාතික කොඩිය ගෙන ක්‍රියාකිරීම විවේචනයට ලක්වුණා. ඒ නිසා මේ කොඩිය සිංහයා පමණක් ඉන්නා කොඩියක් නිසා සියලු අංගයන්ගෙන් සම්පුර්ණ ජාතික කොඩියක් ලෙසින් ආරෝපණය නොකර මෙය සිංහ කොඩියක් ලෙසින් පමණක් සළකා කටයුතු කිරීම අගනා ලෙසින් මම දකිමි. (නි)
මේක යකාගේ වැඩක්නේ මුන් මොන වැරදි කළත් ේකට ඇමරිකාව පලිද ? අපේ උන් කරන්න තියෙනවා ඔක්කොම බලු වැඩ කරලා ඊට පස්සේ කියනවා අයියෝ මම මොකුත් දන්නේ නෑ මේක කරන්න ඇත්තේ ඇමරිකාව තමයි (බ)
මේක පසුගිය ආණ්ඩු කාලේ වුණා නම්... (නි)
තමන්ගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා දන්නෙ නැති මෙයාලටනේ අපේ සමහරක් ජයවේවා කියන්නේ. (නි)
හොරු වෙනුවෙන් හොරු! (නි)
වරදක් වුණා නම් පිළිගන්නවා මිස එය නොදැන කළ බව ප්‍රකාශ කිරීම සමාව ලැබෙන හේතුවක් නොවේ (නි)
අතේ තියෙන එක මොකක්ද දන්නේ නැහැ කියන එක සමාවට කාරණයක් නොවේ. මෙවන් නොදැනුවත්කම් නිසා තමයි කවුරුත් කවුරුත් අමාරුවේ වැටෙන්නේ. (නි)
රට විනාශ කරන දේශපාලන සරණාගතයෝ. (ස)
තොත්ත බබාලා ටික බටහිර කුමන්ත්‍රණයකට අහුවෙලාද දන්නේ නෑ. (ස)
චන්දන සහ රොහාන් මහතාණෙනි. ඔය දෙන්නා කියන විදියට අපේ පරණ සිංහ කොඩිය අතේ තියාගෙන ඉන්න එක වරදක්ද ? ඔතන ඉන්න කවුරුවත් මේ අපේ ජාතික කොඩියයි කියා නැත්නම් එය ජාතික කොඩිය ලෙස ප්‍රදර්ශනය කරලා නැත්නම් එතන වරදක් තිබිය නොහැක. මම දන්නේ නැහැ ඒ දෙන්නා ඕකට මොකට සමාව ගත්තද කියලා. හැබැයි එයට වඩා වරදක් පසුගියදා යහපාලන ආණ්ඩුවෙන් යාපනේදී සිදුකරන්න ඉඩ දුන්නා. ව්‍යවස්ථාව ගැන කතා කරන චන්දන මත්තයෝ එහිදී ජාතික ගිය දෙමලෙන් ගැයිණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුවට ජාතික ගීය ගැයුමට යුත්තේ සිංහලයෙන් පමණි. දෙමලෙන් එය ගැයුම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමකි. (නදී)
අනේ! පිවිතුරු හෙළ උරුමයේ ඉඳලත් ජාතික කොඩියෙ අඩුපාඩු අඳුරගන්න බැරිවුණානෙ? (නි)
මේවා සම්පුර්ණයෙන්ම වැරදි වැඩම තමයි. ජාතික ගීය වෙනස්කර ව්‍යවස්ථාව උල්ලංගනය කරනකොට, විපක්ෂය ජාතික කොඩිය විකෘති කරනවා. කාට කියන්නද ලංකාවේ අනාගතය ගැන. (නි)
කොටි සංවිධානයේ වැඩක් වෙන්න ඇති. (ස)
දැඩි දඬුවම් දියයුතුයි (නි)
කිංග්ස්ලි පෙරේරා මහතාණනි, නීතින ස්වභාවික ලෝකයේ සත්‍ය, අසත්‍ය තාවය මත තර්කය ගොඩ නොනගී. නමුත්, ජන වින්ඥානය නිවැරදි තීන්දු ගනීවී. කබරයා, තලගොයා කරන ක්‍රමයක් ලොව පවතී. සත්‍ය කවදා හෝ ජය ගනු නියතයි.(අ)
හුස්සින් මෝහමෙඩ්, ඔයාලත් ඔය කියපු විදියට කලානම් කිසිම ජාති බේදයක් නෑ, මෙතැන වෙන්නේ ඔයාලට අවැසි වෙනකොට අපි ජාති වාදී, අවැසි වෙනකොට සහෝදරයෝ, ඉස්සෙල්ලම ඔයාල හැදිලා ඉන්න ඕනේත (ස)
තමන් කරන දේ නොදන්නා මෙවන් අයට කුමක් කරන්නද? (නි)
කොඩියක් කොහෙද මා ළඟ? (ස)
ශ්රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට හතු පිපෙනවා මෙන් සංවිදාන මතුවේ. කටත් හොරෙන් පැමිණ මෙවැනි දේ කරන්නේ බටහිර න්‍යාය පත්‍රය අනුව ලංකාව පාලනය කිරීමටයි. සියල්ලෝ කල්පනාවෙන් වැඩ කරත්වා. (ස)
මේ..රටට, දැයට, පහලවූ කොඩි අතින් ගත් කොඩිවින....(ස)
අඳ ගොළු බිහිරි මිනිස්සු උනහම මෙහෙමයි. අනේ පවු මගේ රට. (ස)
1. මහජන මුදල් සොරා කාපු සෑම දේසපාලුවෙකුටම, රජයේ නිලදාරියෙකුටම දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි අනාගතයේදී මෙවැනි දේවල් සිදු නොවීමටනම්. 2. බයියනි, අතිගරු ජනාදිපති සිරිසේන මහතා පැවසු පරිදි මෙම ලැබී තිබෙන මාධ්‍ය නිදහස, වල්බුරු නිදහසක් කරගන්න එපා. අමතක කරන්න එපා අපිට අපේ නමින් අදහසක් දැමිය හැකි කාලයක් මේ රටේ නොතුබුන බව. 3. රටේ ජාතික කොඩිය අඳුනගන්න බැරි ගෙම්බන්පිල වගේ අයද දේශප්‍රේමය ගැන අපිට කියා දෙන්න හදන්නේ? (ස)
මම දැක්ක ඩලස් පෙළපාලිය එනකොට එයාගේ අතෙත් විකෘති කරන ජාතික කොඩියට සමාන කොඩියක් තිබුනා. රුපවාහිනී ප්‍රවෘත්ති නරඹන ලද සැවොම එය දකින්න ඇති. දැන් ඔහුට බොරු කියා වෙන කිසිවකු මෙය බෙදුවා කියා ඇග බේරා ගත නොහැක. (ස)
තොත්ත බබාල ටික. (ස)
තමන් අතට ලැබුණු තමන්න්ගේ ජාතික කොඩිය අඳුරන්න බැරි බබාලද මේ මහත්හොරු, වැරැද්ද කරන්න කලින් ඕනේ කල්පනා. මේ අයද අපේ උත්තරිතර සභාවේ තීන්දු තීරණ ගන්නේ? (ස)
පක්ෂේ නම පිවිතුරු හෙළ උරුමය. ඒ උනාට රටේ ජාතික කොඩිය අඳුරන්නේ නෑ. විපක්ෂේ ඉඳගන උසාවි නියෝග කඩ කරනවා නම් බලේට ආවොත් කොහොම නටාවිද. (ස)
යහපාලනය සහ රටේ නීතිය සමග සෙල්ලම් කරන අයව වහාම අත්අඩංගුවට ගත යුතුය. (ස)
ගමන්පිල මහත්තයා පිමි දෙකක් පිටපිට පැන්නේ දිනන පැත්ත හරියට හිතාගන්න බැරිවු නිසා වෙන්න ඇති. (ස)
කොඩිය නම් විකෘති වෙලා නෑ. ඒත් ජාතික ගීය විකෘති කරල උතුරෙ කියල තියනව නේද? (ස)
ඔයාල කරන දේ ගැනවත් ඔයාල හරියට දන්නේ නැතුව ඇති මගේ හිතේ. මොකෝ මහින්දොන්මාදයෙන් පෙලෙන නිසා. (ස)
රොහාන් සෞදි , කිංස්ලි පෙරේරාගේ කතාව අදටත් වලංගු යි. එනම් එදින භාවිතා වී ඇත්තේ විකෘති කළ කොඩියක් නොව ප්‍රකෘති කොඩියයි. එය වත්මන් ජාතික කොඩිය නොවීම වෙනම කතා කළ යුත්තකි. එහෙත් රටේ සියලු ජාතීන් එකට එකමුතුව තමන් ජීවත් වන රටේ ඓතිහාසික ජාතික කොඩිය ඇති සැටියෙන් පිළි ගෙන එය සමග අනන්‍ය වීම මිස එක් එක් ජාතිය වෙන් වෙන්ව සිතා තමන් වෙනුවෙන් වෙනම තීරු ඉල්ලා සිටීමෙන් ජාතික සමගියක් ඇති වන්නේවත් එවැනි තීරු වලින් ජාතික සමගියක් නිරූපණය වන්නේ වත් නැති බවයි මට නම් වැටහෙන්නේ. එනම් ප්‍රකෘති ජාතික කොඩියට තීරු එල්ලීම ඓතිහාසික වරදකැයි මම සිතමි. එහෙත් මේ එය නිවැරදි කිරීමට අවස්ථාව නොවෙතියි සිතමි. මට වැටහෙන පරිදි ජාතිවාදීන් ලෙස හැඳින්විය යුත්තේ තමන්ගේ ජාතිය පමණක් පැවතිය යුතුයැයි සිතන අන්‍ය ජාතීන්ගේ පැවැත්ම නොඉවසන එමෙන්ම තමන් ජීවත් වන රටේ ඓතිහාසික සහ සංස්කෘතික අනන්‍යතාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන උදවියටයි. ඔබ සෞදියේ ඇහැ කණ ඇරගෙන ජීවත් වුණොත් සුළු ජාතීන්ට නොසලකන ජාතිවාදීන් ලෙස සිංහලයන්ට කරන චෝදනාව කෙතරම් වැරදි දැයි ඔබට ම වැටහෙනු ඇත. අප රටේ ඉතිහාසයත් සංස්කෘතික අනන්‍යතාවයත් අමතක කරන එමෙන්ම එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන සුළු ජාතිකයන් නිසා අප රටේ කෙතරම් නම් ලේ ගංගා මේ වන විට ගලා ගොස් ඇතිද? කෙතරම් නම් පීඩාවකට සියලු ජාතීන්ට ම මුහුණ පෑමට සිදු වී ඇත්දැයි මොහොතක් සිතා බලන්න (අ)
සමාව ඉල්ලුවම අැයි තවත් ඒ් ගැන තවත් වද වෙන්න? (බ)
සෑම්, ඔබ හරි. මේගොල්ලෝ විපක්ෂයේ ඉඳගෙන මෙහෙම නම් උසාවි නියෝග කඩන්නේ, බලයට ආවොත් නඩුකාරයන්ගේ ගෙවල් වලටත් ගල්ගහවි. (නි)
ප්‍රියන්ත දෙමළ භාෂාව නොදැන කතාකරන්න එපා. ජාතික ගීය කොතනකවත් වෙනස් නොකර දෙමළෙන් ගායනා කෙරුවට එකම අර්ථයයි තියෙන්නේ. ඔයා වගේ තවම ජාතිවාදයෙන් පෙලෙන උන්මත්තකයන් පෙලන්න එපා. ලංකාවේ සාමය නැති වෙන්නෙත් ඔය වගේ අය නිසයි. (ස)
ඉතින් ජාතික ගී දෙකක් තියන එකේ ජාතික කොඩි දෙකක් තිබ්බම අහවල් කෙන්ගෙඩියක් ද වෙන්නේ .. කන්ඩ දෙනවා නම් ,, බොන්ඩ දෙනවා නම් රටට මොන කෙන්ගෙඩියක් උනත් අපිට මොකද?
කලින් ජනපති වගේ වනචාරි ජාතිවාදිත්වයට උඩගෙඩි නොදී තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාකිරීම බලය ඇත්තන්ගේ පරම වගකීමක්. කිතුලට නැගපු එකාටත් කියන්න දේවල් තිබ්බලු.මෙයාලා බබ්බුනේ. කරන කියන දේවල් දන්නේ නෑ. කරුණාකර, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාතීන් අතර සහජීවනය ගැන හිතා, රටේ දියුණුව ගැන හිතා දැන්වත් මොවුන්ට නිසි දඬුවම් දෙන්න. (ස)
ප්‍රියන්ත ජතික ගීය විකෘති කරල නැහැ. එය දෙමළ භාෂාවට පරිවර්තනය කොට ගායනා කරනවා. හැබැයි ජාතික කොඩිය විකෘති කරල තියෙනවා හොඳට පෙනෙනවා. පුදුමයි ඔබ රටේ ජාතික කොඩිය අඳුරන්නේ නෑ. (ස)
කිංස්ලි පෙරේරා මෙන්ම රොහාන් පීරිස්ද නිවැරදි යැයි සිතමි. මෙය අපගේ පුරාණ සිංහලේ සිංහ කොඩියයි (නි)
විරෝධතාවයකදි තමන් කැමති කොඩියක් අරගෙන යන්න පුළුවන්.ඒ කොඩිය ජාතික කොඩිය නෙමෙයි නම් වෙන මොන කතාද?ඒ්ක ඒයාලගෙ කොඩියක් වෙන්න අැති.එතකොට සිංහයෙක්ගෙ ෆොටෝ එකක් ගෙනියන්නත් තහනම්ද?ජාතික කොඩියෙ නැහැනෙ උපුටා ගැනීම තහනම් කියලා. (නි)
මම නම් දන්නා විදියට ජාතික ගීය වෙනත් භාෂාවකින් ගැයීම ව්‍යවස්ථාවට පටහැනියි (නි)
උද්ඝෝෂණයකදී කොඩියක් භාවිතා කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ජාතික කොඩියම විය යුතුයැයි නීතියෙන් නියමකොට නැත. එකී උද්ඝෝෂණයෙහිදී කිසිවකුත් එය ජාතික කොඩිය වෙනුවට භාවිතා කරන බවක් සඳහන් කර නැතුවා සේම ජාතික කොඩියට අපහාස වන කිසිවක් එහිදී කියැවුණු බවක් ද අසන්නටද නොලැබුණි. එබැවින් එදින උද්ඝෝෂණයෙහිදී ජාතික කොඩියට කිසිදු අවමානයක් සිදු වී නොමැති බව පැහැදිලිය. (නි)
නිලුෂි, ඇසළට කොටි හංවඩුව ගහන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා. (නි)
මෙයාලගේ බොරු ජාත්‍යාලය පාවිච්චි වෙන්නේ මොනවටද කියලා අපි දන්නවා (නි)
මෙයාල තමා අපේ රට කන්නේ. කෙනෙක් ඇමෙරිකන්, අනිත් කෙනා ඕස්ට්‍රේලියන්. (ස)
චන්දන, කිංස්ලි මහතාට කරුණු නොදැන කතා කරන්නේයැයි චෝදනා කරන ඔබ කරුණු දැන කතාකරන බව ඔබට නිසැකද? ඔබ ඔහු කියන්නේ කුමක්දැයි වටහාගෙන කතාකරන බව ඔබට නිසැකද?කිංස්ලි මහතා පවසා ඇත්තේ එය අපගේ පැරණි ජාතික කොඩිය බවත් එය විකෘතියක් නොව ප්‍රකෘතිය වන බවත්ය. එය බොරුවක් නොවෙයි. (නි)
රොහාන් සෞදි , කිංස්ලි පෙරේරාගේ කතාව අදටත් වලංගුයි. (නි)
මෙන්න අර ඉස්සර කියපු අසුද්ද සන්දානයේ ලොක්කො (බ)
පුරගේ, ඔයාට කේන්ති ගියාට මොකද රටේ සාමාන්‍ය පිළිගැනීමක් තිබෙනවා ඕනෑම වසංගතයක් හෝ වින්නැහියක් ආවොත් එන්නේ ඇමරිකාවෙන්ය කියලා. වෙන එකක් තියා ඇමරිකාවට අල්ලපු රටේ උදවියත් එහෙම හිතනවා. මා දන්නා සත්‍යය පැවසුවා පමණි. ඔබ අමනාප නොවනු ඇතැයි සිතමි. (නි)
එතකොට පිටිපස්සෙන් තියෙන ලොකු කොඩි කව්ද බෙදුවේ? ඔතන හිටිය කණ්ඩායම් දෙකක් මේ කොඩි මිට කලිනුත් භාවිතා කර තියෙනවා. කවුරුත් දන්නා දෙයක් මෙයාල නොදන්නා එක අරුම පුදුම කතාවක්. (බ)
වරද්දත් කරලා මේ බොරු අවලාද නගන අයව හිරේට යවන්න ඕන. මේ අය එදා සිටම කලේ බොරුව. ඔය බොරුවලින් මෝඩයින් ටික දෙනෙක් රැවට්ටුවට ලංකාවේ බහුතරය ඕවට රැවටෙන්නේ නැහැ. මේ මිනිස්සු හිතනවා ඇති මේ අය වගේ අපිත් මෝඩයි කියල. පන්සිල් පද පහ වත් නොරකින අධමයෝ. (ස)
ජාතික කොඩිය, සිංහ කොඩිය අපේ ප්‍රාණයයි, අපේ උරුමයයි, අපේ ජීවයයි. එය, විකෘතිකොට පෙළපාලියට, විරෝධතාවයට රැගෙනයෑම, භාවිතා කිරීම, අත තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම බරපතල වරදක්.එහි බරපතලකම ඇඟට දැනෙන සේ, රටට දැනෙන සේ, දැඩි දඬුවම් කළයුතුයි. එය එසේ කිරීම රජයක, අධිකරණයක වගකීමයි. මතු පරපුරට ආදර්ශයයි.නීතිය කාටත් පොදුයි (නි)
ඔය විදියට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. "මම දන්නේ නැහැ. මම මොකක්ද කළා" කියලා. (නි)
දැන් බලනකොට හැම දේම කරලා තියෙන්නේ නොදැනුවත් කම නිසානේ. මේක වෙන කවුරුහරි කළා නම් තමා බලන්න තිබුනේ කටේ සැර (බ)
මේ කට්ටිය ඔක්කොම මහින්දගේ වටේ හිටපු දූෂිතයෝ අද නන්නත්තාර වෙලා ඉන්නේ හරි ජාතික කොඩිය මොකද කියලා හඳුනන්නේ නැහැ. මහ ලොකුවට කතා කරන්නේ ජාතිවාදය ජාතික මමත්වය පෙන්වන්නේ. මේ ගොල්ලෝ කරන වැඩවලින් වෙන්නේ තව තවත් මෙගොල්ලෝම පිරිහෙන එක විතරයි. වැරදි කර නැත්තනම් නිතියට බයවෙන්නේ මොකටද ? (ස)
මාර වැඩේ, මට නම් පෙනෙන්නේ මේ පාර සෙනසුරු මාරුව පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ. ලක්ෂ 58කටම තදින්ම වැදිලා වගේ. (ස)
මේක මොවුන්ට මඩ ගැසීමට සංවිධානාත්මකව සිදුකල කඩාකප්පල්කාරී ක්‍රියාවක්. මේ ටිකිරි මොළවල වැඩ තව කී දවසක් වලංගු වෙයිද කියල බලමුකෝ . (ස)
අනේ පවු එයාලා අහිංසකයි (නි)
ආයෙත් යුද්ධයකට ඕනෑකරන අඩිතාලම දානවා වගෙයි පෙනෙන්නේ. (නි)
ගරු සහෝදර සහෝදරියනි. අපි සුළු ජාතීන් හෝ මහා ජාතීන් කියා මෙරට දෙකඩ කර බෙදා වෙන්කරනවාද එසේනැත්නම් ජාතිකගීයේ (එක මවකගේ දරු කල බැවිනා.....) කියන කොටස කපා ඉවත්කරනවාද..? ජාතික කොඩිය විකෘති කිරීම කියන්න ඉතාමත් බරපතල වරදත්. හින්දු - මුස්ලිම් ජනකොටස් පිළිබිඹු කරන කොළ හා තැඹිලි වර්ණය ජාතික ධජයෙන් ඉවත්කිරීම ඉතාමත් වේදනා ඇතිකරන කරුණක්. අපි කවදාවත් එහෙම මේ රටේ ජීවත් වුනේ නැහැ. ඒ නිසා එම වරද දේශප්‍රේමී අපි කිසිකෙනෙකුට සුළුකොට තකන්න බැහැ. අපි හිතුවා එල් ටී ටී ත්‍රස්තවාදය ඉවරවුණා මෙරටේ සාමය සෞභාග්‍යය උදාවුණා කියා. නමුත් ඊටත් වඩා දරුණු ත්‍රස්තවාදයක් පතුරුවන්න සමහර දේශපාලකයින් හා හෙන්චයියින් උත්සාහ කරනවා. මේ සියල්ල අපේ කුඩා දූපතේ විනාශයට මුල කියනඑක අමතක කරන්න එපා. ආත්මාර්ථකාමී දේශපාලකයින් පසු පස නොගොස් අපේ අපේ බුද්ධියෙන් විමසලා කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. (අ)
ඔතන කිසිම විකෘති වීමක් වෙලා නැහැ ගම්මන්පිල මහත්තයෝ .ඕක තමයි අපේ සිංහ කොඩිය සුමංගල හාමුදුරුවෝ එසවූ.සහ පලවෙනි නිදහස් උත්සවයේ ඩි එස් .සේනානායක අගමැතිතුමා ඔසවපු කොඩියත් ඔකම තම්යි.අපේ සිංහල ජාතිය විකෘති කරන්න බලාගෙන ඉන්න එවුන්ට සහ අපේ අතීතය දන්නේ නැති අයට මේවා ලොකු දේවල් වුණාට දන්නෝ දනති. (අ)
කොඩියක් කොහෙද මා අත, ලී කැබැල්ල අල්ලන් ඉන්නේ.... මා පිවිතුරු බව නැද්දෝ දන්නේ.... (නි)
ඇට නැති දිව කොයි අතටත් හරවන්න පුළුවන්. තමන් කළ වැරැද්ද පිළිගන්න කැමති නැත්තෙ කොන්දක් නැති අය නේ (බ)
විරෝධතා පවත්වල වැඩක් නැහැ . කරපු වැරදි වලට බෞද්ධයෝ හැටියට රාජපක්ෂලට කර්මය පලදෙන එක නවත්වන්නට මොන ජගතෙකුටවත් බැහැ. (බ)
අනේ පව් එයාලා... (නි)
ඔය තියෙන්නේ සාක්ෂි ඇස් දෙකටම බලාගන්න (නි)
අනේ මෙහෙමත් දේශප්‍රේමියෙක්! (නි)
මේ තොත්ත බබාලට පස්සෙයි තේරුනේ මේක සීරියස් වැඩක් එකෙන් ඡන්දෙදි කෙලවෙනවා කියල. දැන් ඉතින් මේක හොඳට ජනතාව අතරට ගිහින් ඉවරයි. ලබන ඡන්දෙදි පොලිත් එක්ක ලැබේවි. (බ)
ගම්මන්පිල මහත්තයෝ හිගා කෑවනම් මීට වඩා හොඳයි (බ)
සංවිධානයක් කොඩි බෙදලා, අන්ධ පිරිසක් කොඩි අතැතිව පෙළපාලි යයි. (ස)
සංවිධානයක් කොඩි බෙදලා, මොන්ටිසෝරි ළමයි පිරිසක් කොඩි අතැතිව පෙළපාලි යයි, ළමයි පවු. (ස)
කොඩියක් කොහෙද මා ලඟ, ලීයනේ අල්ලන් ඉන්නේ. (ස)
බබාලා. කව්රු හරි දෙන දෙයක් අල්ලන් ඉන්න එක තමා කරන්නේ ? (ර)
නිසි දඩුවම් දිය යුතුයි. (ර)
මේ සිංහලේ කොඩියනේ, ඇති වැරැද්ද මොකද්ද (දිල්)
ගම්මන්පිලව අන්දන්න පුලුවන් ඕන කෙනෙක්ට, අනිත් කෙනා ඩලස්, මෙයා හරිනං ඇමරිකාවට මාරු වෙන්න ඕනෙ, (ස)
කවුරුත් ඔය කොඩිය විකෘති කරලා නැහැ. ඔය තියෙන්නේ බ්‍රිතාන්‍ය අපිව යටත්කරගන්න වෙලාවේ භාවිතා කළ කොඩිය. ඉංග්‍රීසින්ගෙ කොඩිය බිමදාලා ඔසවපු කොඩිය ඕක තමයි. (නි)
මෙයාලගෙ නාඩගම් තව ටික දවසකට යි. හැලිය රත් වෙනකල් කකුළුවා නටයි. (බ)
අමු අමුවේ ජාතිවාදී දෙමළ දේශපාලනයට රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් මුදාගත් උතුරු නැගෙන හිර පාවා දෙමින් අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් කරන නොපනත්කම් අනුමත කරමින් ඇස්කන් පියාගෙන කටයුතු කරන යහපාලන කට්ටියගේ ජාත්‍යාලය උතුරා යන හැටි දැක්කම පිස්සු හැදෙනවා..දැන් එතකොට යහපාලානේට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ සිංහ කොඩියද?..උද්ගොෂනයකදී ජාතික කොඩිය ගේන්නම කියල නියමයක් තියෙනවද?කවුද මේක ජාතික කොඩිය කියල කිව්වේ..මේ තියෙන්නේ සිංහලේ කොඩිය.ජාතික කොඩිය නිර්මාණය කලේ මේ කොඩිය වෙනස් කරලා..මේක ප්‍රදර්ශනය කරන්න නීතියෙන් බාධාවක් තියෙනවනම් සිංහයා ඉන්න කිසිම දෙයක් ප්‍රදර්ශනය කරන්න බැරි වෙන්න ඕන..ගම්මන්පිල මහත්තයල කට වරද්ද ගෙන.අපි අතේ තියාගත්තේ ජාතික කොඩිය නෙමෙයි කියල කිව්වනම් වැඩේ ඉවරයිනේ.. (බ)
නොදැනුවත්ව අතේ තියොගෙන ඉන්න එක්කෝ ඔවුන් ජාතික කොඩිය හඳුනන්නේ නැතිවෙන්න ඕනෑ. නැත්නම් ඇස් වහගෙන ඉන්න ඕනෑ. (නි)
අපිව අන්දන්න එන්න එපා ගම්මන්පිල මහත්තයෝ... ඔය කොඩිය දැන් සති කීපයකට කලින් නිර්මාණය කළා කියල ඔබ සහ විමල් වීරවංශ ඇතුළු පිරිසක් ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයට පෙන්නුව බවත් ඒ කොඩිය එතුමා අගය කල බවත් මහා උජාරුවෙන් වාර්තා කරලා තිබ්බා. ඕනේ නම් රංග ජයවර්ධන කියන පුද්ගලයාගේ ෆේස්බුක් පිටුව බැලුවොත් මම කියන දේ ඇත්ත ඕනේ කෙනෙකුට බල ගන්න පුළුවන්. ජාතිවාදය අවුස්සලා රටට මොනවා උනත් තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගන්න නේද බලන්නේ. දැන් පට්ට පල් බොරුත් කියන්න පටන් අරන්. (ස)
මෙයාලා හිතන්නේ ලංකාවේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියලා මෙයාල කියන ඔක්කොම අහන්න. (නි)
කිංග්ස්ලි පෙරේරා ඔය කියනදේ හරි වෙන්නේ පුළුවන්. නමුත් දැන් කාලයට වලංගු නැහැ. සිංහල අපි පමණක් නොවේ මේ රටේ ජිවත්වන්නේ. සුළු ජාතින් අමතක කරන අයට අපි කියන්නේ නම් ජාතිවාදීන් කියල. (ස)
කිංග්ස්ලි පෙරේරා මහත්මයානනි , ඉස්සර කුමන ධජය පාවිච්චි කලත් අද අපේ රටේ ව්‍යවස්ථාවෙන් සම්මත උන ජාතික කොඩියක් තියෙනවා. සියලුම ශ්‍රී ලාංකිකයින් එම ව්‍යවස්තාවට යටයි. එක එක්කෙනාට ඕන විදිහට එම ජාතික කොඩිය වෙනස් කල නොහැකියි. එසේ අවශ්‍යතාවයක් තියෙනව නම් රටේ ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි. ඒක නිසා නොදන්නා දේවල් කතා කරන්න ගිහිල්ල ඔබ තුමාගේ නොදැනුවත්කම මුළු ලෝකෙටම පෙන්වන්න එපා. ස්තුතියි. (ස)
දැඩි දඬුවම් කළයුතුයි. මන්ද මොවුන් තමයි ජනතා කැලඹීම් ඇතිකරන්නේ (නි)
එයි මම ලියන ඒවා පළ නොකරන්නේ (බ)
නිකන් දෙනවා නම් ඕනෑදෙයක් ගත්තාට වනන්න කලින් බලන්න එපායැ මහත්තයෝ (නි)
ජාතික කොඩිය හරියට හඳුනන්නේවත් නැති මිනිස්සු! මොනවටද පාර්ලිමේන්තු යවන්නේ? (නි)
දැන් මෙයාලගේ දේශප්‍රේමී,ජාතිමාමක සළු ගැළවිලා තියෙන්නේ ! (නි)
ඇට නැති දිව තිබුන පළියට මේ වගේ කතා කියන්න තරම් දේශපාලකයෝ පහතට වැටීම ගැන ජනතාව විමසිලිමත් වියයුතුයි. නැත්නම් මේගොල්ලෝ හැමදාම ජනතාව අන්දන්න පුළුවන් කියලා හිතාවි. (නි)