පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ බුරුත ඇතුළු වටිනා ගස් කපා කඳන් කර මහා පරිමාණයෙන් සංවිධානාත්මක කල්ලියක් විසින් ඒවා වාලච්චේන ලී මෝල් වලට විකුණන ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීන් මෙන්ම පරිසරවේදියෝ කියති.
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ත්‍රිකෝණමඩුව රක්ෂිතය අක්කර 2000කට ආසන්න රක්ෂීතයක් වන අතර මේ වන විට අක්කර 750ක් පමණ වපසරියක ඇති වසර ගණනක් පැරැණි බුරුත ඇතුළු වටිනා ගස් යන්ත්‍ර(විදුලි කියත්) කපා එම ගස් කඳන් කර ලොරි මගින් වාලච්චේන ලී මෝල් වලට ප්‍රවාහනය කරන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ නිලධාරීන් යටතේ ගස් ටික කපන්න පුළුවන් බව මේ ලී හොරු දන්නවා ඇති. කවුරුහරි අදාළ බලධාරීන්ට පත්තරයක් ගිහින් දෙන්න හැමදාම. මොකද හැමදාම පත්තරේ වනාන්තර විනාශය ගැන තියෙනවා. (නි)
අයියෝ මේ වෙන විනාශයක් (නි)
පොළොන්නරුවේ මේ විනාශේ වෙන්ට කොහෙත්ම බැහැනේ. ජනාධිපති තුමා උදේට නැගිටලා ජනේලය අරිනකොටම පේනවනේ එහෙමනම්....(බ)
කූඹි කන එක විතරයි වගකිවයුත්තන්ට පෙනෙන්නේ. අනිත් පැත්තෙන් අලි කාගෙන කාගෙන යනවා. (නි)
මේ වැඩවලින් දේශපාලුවොයි දුෂිත නිලධාරීනුයි හම්බ කරගන්නවා. අඩි 2 ක මෝරපු කඳක් සහිත බුරුත ගහක් හැදෙන්න අවුරුදු 1,000 ත් 1,500 අතර කාලයක් යනවා. තව ටික කලකින් මේ කාබාසිනියාකාරයෝ නිසා රටේ වන සම්පත නැතිවෙලා, කාන්තාරයක් වෙයි ලංකාව. (නි)
පරිසර අැමතිතුමා පත්තරෙන් මේක දැකල හෙට ඉඳන් නීතිය ක්‍රියාත්මක කරාවි.(අ)