රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත ක්‍රියා කරතියි එහි ස්වාධීන ශිෂ්‍ය එකමුතුවේ ලේකම් හසිත ඒකනායක මාධ්‍ය හමුවක් පවත්වමින් අද (03) පැවසීය.
අතළොස්සක් වන සිසුන් පිරිසක් හා හාරදහස් පන්සීයක් වන සිසුන්ගේ අනාගතය අඳුරු කිරීමට සැරසෙතියි ද ඔහු කීවේය.
ශිෂ්‍ය සංගමයේ මැරයින් කිහිප දෙනකුට අහිංසක සිසුන් ගොදුරු කැර ගැනීමට නොදෙන ලෙසද ඔහු ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. ඔය දේ තියෙන්නේ දිගු කාලයක සිටයි (නි)
නුවන්, ස්වාධීන කියන අයට ඉදිරියට එන්න පුළුවන් ඒ අය බලවත් නිසාමයි. එහෙම නැත්නම් අනෙක් අයගේ බලයට යටත්වී නිහඬව ඉන්න වෙනවා. එහෙම ප්‍රබල කණ්ඩායම් දෙකක් ඉන්නකොට ගැටුම් ඇති වෙනවා. එක තමයි පෙනෙන්නේ ස්වාධීන කණ්ඩායම් භයානක විදියට. (ස)
මොකක්ද මේ වෙන‍්නේ? (නි)
අපි ඉතින් මොනවා කියලා කරන්නද? (නි)
ස්වාධින කියන්නේ ආණ්ඩුව මෙහෙයවන එක (නදී)
අප පසු පස ඇති එකම බලය සත්‍යයම පමණයි. තවද ම.ශි.ස හා අන්තරය එක්ව සරසවිය විනාශ කොට ඔවුන්ගේ දේශපාලන වුවමනා සඳහා සිසුන් බිළි දීමට දරන්නාවූ නින්දිත උත්සාහය ව්‍යර්ථ කිරීම උදෙසාම අප පෙළ ගැසුනෙමු. අප පෙරට ඒමට හේතු වූයේ සරසවි සිසුන් , මහ ජනතාව මුලා කරමින් අන්තරයේ මැරයින් ගෙන යන වැඩ පිළිවෙලමය (නදී)
අප ආණ්ඩුවට හෝ පරිපාලනයට කඩේ යන්නේ නැත. අප කඩේ යනුයේ බහුතර ශිෂ්‍යයන්ගේ ස්වාධීන අයිතියටය. පන්ති තහනම් 28 ක් ඇතැයි කියන ම.ශි.ස ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා කලාපය නිසා 981 වි.වි පනත යටතේ 12 දෙනෙකුගේ පන්ති තහනම් වන තැනට කටයුතු කර ඇත. එනම් තහනම් 28 කතාව අමූලික බොරුය. රටේ හතරවැනි පුරවැසියා හිරගත කොට දඬු, මුගුරු පොලු ගෙන වියරුවෙන් හැසිරුණේ ම.ශි.සයේ සිසුන් කියා ගන්නා මැරයින් 30 40 කගේ වුවමනාවටය. ඔවුනගේ ක්‍රියා හේතුවෙන් සමස්ත සරසවි සිසුන් 4500 කගේ අයිතිය ඔවුන් විසින්ම සොරකම් කර තිබේ. ඒ නිසා අප ආණ්ඩුවේ යැයි ප්‍රකාශ කරන්නට පෙර වසන් කරනු ලැබ ඇති සත්‍යය සොයා යා යුතුය. (නදී)
මොනවද මේ අධ්‍යාපනයට වෙන්නේ? (නි)
ස්වාදීන කියන අය හරිම භයානකයි. (නදී)