
(ඩයනා උදයංගනී)
සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත.
රට අරාජික සහ අස්ථාවරවීම වැළැක්වීම සඳහා වන යෝජනා 11ක් ද ඔවුන් එමගින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.
පාර්ලිමේන්තුව ස්වාධීන ලෙස කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ දහයේ එකතුව වෙනුවෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්ක්කර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd