දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු නොකර පාර්ලිමේන්තුවේ ස්වාධිනව හිඳිමින් ස්වාධීන බලවේගයක් නිරමාණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
ආණ්ඩුවේ ඉතිරි අවුරුදු තුනේ දී රට වෙනුවෙන් කළහැකි උපරිම මෙහෙය කරවන්නට තමන් නිර්මාණය කරන නව බලවේගය මෙහෙයෙවන බවත් එය රටත් ජනතාවත් අවදිකරන බලවේගයක් බවට පත්කර ගැනීම තම අරමුණ බවත් උන්වහන්සේ කීහ.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඕනැම කෙනෙකුට ප්‍රතිත්තිමය එකඟතාවන් මත පමණක් මේ ව්‍යාපාරයට එක් විය හැකි බව ද රතන හිමියෝ පැවැසූහ.
කෙසේ වෙතත් තමන්ට ආණ්ඩුව පිළිබඳ කළකිරීමක් නැති බවත් ඇත්තේ විවේචනයක් පමණක් බවත් උන් වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.
රතන හිමියෝ මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් දකිද්දී අපිට ඇතිවෙන්නේ කළකිරීමක් (නි)
ඔව් ඔව් ඔබවහන්සේට ස්වාධීන බලවේගයක් සෑදිය හැකියි. ජනතාව හෝ අවම වශයෙන් දායක භවතුන්වත් ඔබවහන්සේ සමඟ අද නැති නිසා වෙන මොනවා කරන්නද? (නි)
මට නම් පෙනෙන්නේ හෙළ උරුමය සිංහලයින් හෝ බොදුනුවන් වෙනුවෙන් කරපු දෙයක් නැහැ. එදා එජාපයට විරුද්ධවී කළකිරී හිටපු අයගේ ඡන්දයෙන් හිමිවරුන් ටික දෙනෙක් පාර්ලිමේන්තු ගියා. ඒ අයගෙන් එක නමක් දෙනමක් හැර අනෙක් අය එක වචනයක් හෝ පාර්ලිමේන්තුවේ කතා කළේ නැහැ. එහෙත් ඒ හිමිවරුන්ට පාඩුවක් නැහැ. මේ හිමිවරුන් ගැන මිනිස්සු කළකිරිලා ඉන්නේ. එහෙත් කරන්න දෙයක් නැතිකමට නිහඬව ඉන්නවා. රතන හිමියන් කළයුත්තේ මන්ත්‍රීකමේ වරප්‍රසාද ලබමින් ස්වාධීනව ඉන්න එක නොවෙයි. මේ දුෂිත දේශපාලකයින්ට ඡන්දය දෙන්න කියා කළ දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් හා ජනතාව මුලාකිරීම වෙනුවෙන් සමාව අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් අයින්වෙන එකයි. (නි)
අපේ හාමුදුරුවෝ දැන් ස්වාධීන වෙලා උයන්න ඉගෙන ගන්න ...තවත් ඉස්සරහට රටේ ඉන්න මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ නැතුව. (බ)
හාමුදුරුවනේ, කකුල් දෙක එක තැනක තබාගන්න, දෙපැත්තේ තබාගන්නේ නැතුව (නි)
ඔබලා රටට කරලා තිබෙන දෙය හොඳටම ඇති. දැන් වත් බුදුරජානන් වහන්සේ වැඩිය මග අනුගමනය කරන්න උත්සාහ කරන්න. (ර)
ධර්මය රැක ගන්න යමක් කලොත් නරකද.? (ර)
ඡන්දෙ තව කිට්ටු වුනාම බලතහැකි විවේචනය හා කලකිරීම පැහැදිලිවම. එතකන් කකුල් දෙපැත්තේ තියන් ඉන්න. (ර)
රටේ ජනතාව හොද අවදියෙන් ඉන්නේ (ජන්දය අවම බලාගන්න). ඔය පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉන්න අයව ඇහැරවන්න. නව බලවේග කියලා තමයි 2015 අවේ තිබ්බ බලවේගත් නැතිකරලා. (ර)
ගිය නුවණ ඇතුන් ලවාත් අද්දවන්න බෑ. (ර)
අපේ හාමුදුරුවනේ සංසාරේ දුකයි . අපි උපන්නේ ආශාවන් පොදිබැදගෙන. සංසාරේ ඔහොම තමයි... අපේ ජිවිත රගමඩලේ නළුවේ වෙමු... (ර)
අපි නම් ඔය කවුරුත් විශ්වාස කරන්නේ නැහැ .තවම රට පාලනය නොකළ ජනතා විමුක්ති පෙරමුණට තමයි අපේ මනාපය . (ම)
එජාප ජාතික ලැයිස්තුවෙන් පත් වෙලා දැන් කොහොමද ස්වාධීන වෙනවයි කියන්නෙ. මන්තී‍්‍ර කමෙන් ඉල්ලා අස්වෙලා ස්වාධීන උනා නම් තමයි හොඳ. (ර)
ඔබ වහන්සෙට 2020 න් පසුව නෑවත පාර්ලිමේන්තු එන්න ලෑබෙන්නෙ නෑහෑ ජාතික ලැයිස්තුවෙන් හැර, වස විසට විරුද්ධව හඩක් නෑගුවට පින්, ඒත් එය ප්‍රමානවත් නෑත. (ර)
පළාත් සභා ඡන්දෙ ළඟ එන නිසා තවත් ලණුවක් දෙන්න වෙන්න ඇති. (ම)
අනේ හාමුදුරුවනේ කිව්වට වසවිස නැති වී වගාකරල බලාගෙනඉන්නවා කව්රුවත් ගන්නේ නෑ . ඔය සැපවාහනෙ විකුනල ඒ සල්ලිවලින් අපේ වී ටික අරන් වෙළඳපලට දාන්න.(ම)
රතන හිමි මුලින්ම ජනතා විමුක්ති පෙරමුණේ සමාජ වාදය, පසුව හෙළ උරුමය දැන් ස්වාධීන. ඉන්පසු කොතනද? ඔබලාගේ තීරණ වල පව් ජනතාව විදිනවා හොදට දැන්. (ම)
අපිත් කොච්චර බලාපොරොත්තු තිබ්බද ජාතික හෙළ උරුමය ගැන. අපි කාර්යාලවලින් සල්ලි එකතුකරලා තමයි ඕකට උදව් කලේ. පටන්ගත්ත හාමුදුරුවරු කව්ද අද ඉන්නේ. (ර)
අනේ හොඳයි. ඔබවහන්සේ ඔය යන මාර්ගයේම දිගටම යන්නකෝ (නි)
ජාතික හෙළ උරුමය හෝ එහි අතු හෝ කවදාවත් රටට පල දැරීමක් සිදුවන්නේ නැත, එකිනෙකා කුලල් කාගැනීම පමණයි. (බ)
රට වටේ හොඳ සිහියෙන් ඇවිදලා සිංහලය වෙනුවෙන්, නැතිවෙන සිංහල ඓතිය වෙනුවෙන් කතා කරන්න. නිවන් දකින්න ඒ පින හොදටම ඇති. (ර)
ඔබ වහන්සේගේ තිරය පිටුපස සිටිනකෙනානම් අපිට හොදට පෙනෙනවා විතරක් නොවෙයි,ඔහු ඔබව හසුරුවන ආකාරයත් පෙනෙනවා. (බ)
කරුණාකර ඔබ වහන්සේ මෙතෙක් කල් වැඩ විසූවේ කොහෙද පවසන්න. (බ)
අනේ හාමුදුරුවනේ සංසාර ගමන කෙටි කර ගන්න බලන්න. (ර)
හාමුදුරුවනේ ස්වාධීන මන්ත්‍රී කෙනෙක් වෙන්න ඔබවහන්සේ ඡන්දෙකින් පත්වුණේ නැ. ප්‍රතිපත්තියට එකග නැත්තම් ඉල්ලා අස්වෙන්න. කන්න දීපු අත හපා කන්න එපා. එජාප ජාතික ලැයිස්තුව තිබුනේ නැත්තම් අද රටෙත් නැතුව ඇති (බ)
ඔවු ඉතින්, යහපාලනයට දෙහි කපන්න බැහැනේ. ඉන්න තැනම ඉන්න පුළුවන් වුනේ යහපාලනයට පින් සිද්ධවෙන්න. අපේ රටේ පක්ෂ ගොඩක් බිහිවෙන්න ප්‍රධානම හේතුව, හැමෝම නායකයින් කියල හිතන නිසාම වගේම කවුරුවත් කාටවත් දෙවැනි වෙන්න තරම් නිහතමානීකමක් නැතිවීමයි. (බ)
පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කළ හැක්කේ මහජන චන්දයකින් පත්වෙන අයට පමණයි .පක්ෂයක ජාතික ලැයිස්තුවෙන් ආවනම් , කැමති නැත්තම් ඉවත් විය යුතුයි. (බ)
රජය යන මාර්ගය හොඳ නැති බව දැන් පැහැදිලියි. එක එක පුරුක කඩාවැටෙනවා වගේ. අවංකව රටට ආදරය කරන අය මෙහෙම තීරණ ගැනීම අගය කරන්න ඕනෑ (නි)
අනේ! ඔබ වහන්සේ තව තවත් රට විනාශ නොකර සසුනට නිගා නොදි මේ ජාතිය විනාශ නොකර අපට බණ නොකියා නිවන සොයන්න. නැත්නම් දහමට නිගා නොදි සිවුර අත්හරින්න. ඵවිට අපට මෙවන් දුකක් නොදැනේවි. (නි)
සිවුර දාගෙන රට කන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. කාබනික පොහොර සංකල්පය කියලා පොහොර සහනාධාරයට වැඩේ දීලා ලංකාවේ ගොවිතැනට මොකද කළේ. දැන් ඉතින් කොස්කොල කන්න කියනවා. (නි)
තරහ අවසර ස්වාමිනි. ආයෙත් නම් කතා කරන්න එපා. අපි කරපු මෝඩකම් හොඳටම ඇති. මහින්දව මට්ටු කරන්න ගිහින් අපිමයි මට්ටු වුණේ. වැරදි හදාගෙන මහින්ද වටා එක්වෙමු. (නි)
අලුත් බලවේග හදන එක නම් සැබෑ නොවන හීනයක්. මිනිස්සු නොයිවසිල්ලෙන් ඉන්නේ ඡන්දයක් එනකම්. එ්කට මොන තරම් බයද කියලා තේරෙනවා ඡන්දෙ තියන්නෙ නැති එකෙන්ම. (නි)
දැන් එච්චරයිනේ අඩු අපිට (නි)
‘ස්වාධීන බලවේගයක් නිර්මාණය කරනවා‘ කියලා තියාගෙන ඉන්නේ පොත දැක්කම තේරුම් ගන්න පුළුවන්. ජවිපෙ හැර වෙන විකල්පයක් දැන් නම් නැහැ. (නි)
ඔය කතා අහලා දැන් අපිට එපාවෙලා (නි)
බොරු කිය කියා රටත් ජාතියත් වනසන දේශපාලකයන් රටට කරලා තිබෙන දෙය හොඳටම ඇති. දැන්වත් බුදුරජාණන් වහන්සේ දෙසු බණ පදයක් හරියට ඉගෙනගෙන හොඳ හිමිනමක් වී සසර කෙටි කරගන්නවා නම් හොඳයි (නි)
අනේ! අපට පව් නොදී යන්න හාමුදුරුවනේ. ඔයාලා කරපු හරිය හොඳටෝම ඇති. (නි)
හිටපු අයත් නිවන් දකින්න ගිහින් තියෙන්නේ නිමල් ලාලිත කියන විදියට වෙන්න ඇති. ඕනෑ ජඩ වැඩක් කරලා ඔය කියන අයිතිය වෙනුවෙන් කතා කළොත් නිවන් දකින්න පුළුවන්නේ. රටේ සිටින හැම ජාතියකම සිටින නිමල් ලාලිතලා පසුගිය මිනිස් ඝාතනයන්ට වගකිවයුතු නිසා වෙනත් පිනක් රැස්කර ගෙන නිවන් දකින්නේ නම් මැනවි. (නි)
මේ උදවිය රටට මහජනතාවට කරන දෙයක් නැහැ. (නි)
“ඔයාලා කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්“ මේ හඬ පටය බොරුවක් නොව සැබෑවක් කියලා ඔප්පු වෙන්න වගෙයි යන්නේ. (නි)
අනේ හාමුදුරුවනේ, මම මේ ඉල්ලීම කරන්නේ තරහකින්, ද්වේශයකින් නොවේ සැබෑ කරුණාවෙන්. දැන්වත් ඔය පක්ෂ දේශපාලනය අතහැරලා දාල මේ සසර දුකේ ගැලී ඉන්න ජනතාව ඉන් එතෙර කරන්න කැපවෙන්න. නැත්නම් ඔය සිවුර ගළවා ගිහියෙක් වශයෙන් දේශපාලනයේ යෙදෙන්න (නි)
එතකොට ඔබවහන්සේ සිවුර අැඳගත්තේ නිවන් මග යන්න නෙමෙයිද? (නි)
සියලුදෙනාම මේවට එක එක ඒවා කියලා වැඩක් නැහැ. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව ඉන්න එක තමා හොඳම දේ. (නි)
මට හිතෙන්නේ රටේ තිබෙන ප්‍රශ්න විසඳාගන්න පැරදුන දුෂිතයන් නැවත බලයට ගෙන ඒම පලරහිත ක්‍රියාවක්. ඒ සඳහා හාමුදුරුවෝ කියනවා වගේ ජනතාවගේ බලයක් ගොඩනැගිය යුතුයි. එය ජනතවගේ පැත්තේ සිට යහපත් දේ ක්‍රියාවට නංවන්න ආණ්ඩු සමඟ කේවල් කළයුතුයි (නි)
ආර්ථික වර්ධන වේගය 7.5 සිට 3.5 ට ගෙනෙන්න හවුල්වුණා නේද? (නි)
නිවන් මඟ වරදාගත් ස්වාමින් වහන්සේලා. බුදුදහමේ පදනමවත් ආරක්ෂා කළොත් ඇති (නි)
ඉස්සරවෙලා ජාතික ලැයිස්තුවෙන් අයින්වෙලා ඉන්න. ඊටපස්සේ බුදුදහම හරියට ඉගෙනගන්න. සිවුරත් දාගෙන ඉන්න එකේ බොදු බලවේග හදන්නකෝ (නි)
අනේ හාමුදුරුවනේ, සසර කළකිරුනා නම් ඔක්කොම අතහැරලා වනගත වෙන්න. ස්වාධීන වෙනවාට වඩා යහපත්. (නි)
දේශපාලනය කරනකොට සංසාරේ කෙටි කරගන්න කාලයක් නැහැ. පාත්‍රයක් අරගෙන මහමඟ පිණ්ඩපාතේ වඩින්න කාලයක් නැහැ. (නි)
එ් පාර අමුතුම වැඩකට සුදානම් වෙනවා වගේ (නි)