සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 96ක් ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ස්වාධීන කණ්ඩායම් ඇප බාර ගැනීම අද (18) දහවල් 12 ට අවසන් කෙරිණි. මින් නැගෙනහිරට කණ්ඩායම් 64ක්ද උතුරු මැදට කණ්ඩායම් 12ක් හා සබරගමුවට කණ්ඩායම් 20ක් ඇප තැන්පත් කර ඇත.