පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයට හෙරොයින් අඩංගු පාර්සලය ගෙන ගොස් බාරදී ඇතැයි කීවත් එලෙස එම හෙරොයින් අඩංගු පාර්සලය ගෙන ගොස් බාරදුන් අයෙකුගේ නමක් හෙළිදරව් නොවීම නිසා හෙරොයින් ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටි සිව් දෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
පොලිස් මත්ද්‍රවය නාශක කාර්යංශයේ නිලධාරියකු මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ භාණ්ඩ භාරකරුවකුට මෙම හෙරොයින් පාර්සලය බාර දී ඇතත් භාණ්ඩ බාර ගත් කෙනකු නැති හෙයින් විත්තියේ මාලිගාවත්තේ දූවගේ රොහාන් හෙවත් මංජුල, කැලූම් ප‍්‍රියන්ත රත්නායක, හර්ෂණ සුරංග මාගෙදර සහ ප‍්‍රියංගනී පෙරේරා හෙවත් ශ්‍යාමලි නිදහස් කරනු ලැබූහ.
2000 අපේ‍්‍රල් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී හෙරොයින් ග්රෑම් 12.24ක් ලඟ තබා ගන්නා ලදැයි නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.
විත්තිකරුවන් සමඟම හෙරොයින් ග්රෑම් 17ක් අඩංගු පැකට් 23ක්ද හෙරොයින් පැකට් කිරීම ස`දහා වීදුරුවක් මත දමා තිබු හෙරොයින් ග‍්‍රෑම් 12ක්ද බ්ලේඞ් තල, ඊයම් කොළ පැකට් තොගයක්ද උසාවියට ඉදිරිපත් කළ බව පොලිසිය උසාවියේදී කීවේය.
මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ බාරකරු ලෙස 2000 අපේ‍්‍රල් මාසයේදී කටයුතු කළ අයි. අනුෂිකා මහත්මිය විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේ නඩු භාණ්ඩ 2000.04.23 වැනිදා තමන් බාර ගෙන නොමැති බවයි. 2001.05.21 වැනිදා එම භාණ්ඩ බාරගත් අය කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් ඇය කීවාය.
ශුද්ධ හෙරොයින් ග්රෑම් 2 ක් ළඟ තබාගැනීම සඳහා මෙරට නීතිය අනුව උපරිම දඬුවම මරණ දඬුවම වන අතර අවම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීම වේ.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිව්දෙනෙක් පෝරකයෙන් බේරෙති
සුමිත්‍රා Sunday, 20 December 2015 02:26 PM
නියම වැරැදිකරුවන්ට දඩුවම් දෙන්න.(හේ)
චාමර Sunday, 20 December 2015 08:04 AM
වසර 15 කට පෙර වෙච්ච සිද්දියකට දැනුයි තීන්දු දෙන්නේ. (හේ)