ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට තෝරා පත් කර ගත් බව විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්නගේ ලිඛිත දැනුම්දීම මත පාසලට පැමිණි සිසුවියන් 50 දෙනකු අතුරෙන් හතර දෙනකු පමණක් බාර ගෙන ඉතිරි පිරිස ඇය විසින්ම නැවත හරවා යවනු ලැබ ඇතැයි දෙමාපියෝ පිරිසක් චෝදනා කරති.
දරුවා පාසලට තෝරාගෙන ඇතැයි දැනුම් දුන් නිසා පෙර සිටි පාසලෙන් ඉවත් කරගෙන ළමයා රැගෙන ආ බව දෙමාපියෝ පවසති.
2016 මාර්තු 23 වැනි දාතමින් යුතු ලිපියක් යවමින් විදුහල්පතිනිය දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ දරුවන් පාසලේ පළමු ශ්‍රේණියට තෝරා ගැනීමට තීරණය කර ඇති බවයි. පාසල් නිල ඇඳුමෙන් දියණිය පාසලට එවන ලෙස ඇය දන්වා ඇත.
ඒ අනුව ගිය පසු විදුහල්පතිනිය එවන ලද ලිපිය නැවත ගෙන ළමයින් ගැනීමට නොහැකි බව දන්වා ආපසු හරවා යවා ඇත.
විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්න කීවේ තමාට මාරුවක් ලැබී ඇති නිසා ළමයින් ඇතුළු කිරීමට අමාත්‍යංශයෙන් අවසර ලබා ගත යුතු බවයි. මෙම ලිපිය යැව්වේ ස්ථාන මාරු කිරීමට පෙර බව ද ඇය කියන්නීය.
ඇය එසේ කීවද ඇය ස්ථාන මාරු කරනු ලැබූවේ මාර්තු 17 වැනි දා වන අතර ඇය ලියුම යවා ඇත්තේ මාර්තු 23 වැනිදාය.
මෙම විදුහලේ වැඩ බාර ගැනීමට පැමිණි නව විදුහල්පතිනි සන්ද්‍යානි පතිරවසම් මහත්මියට වැඩ බාර දීම ශාන්තිනී සෙනවිරත්න ප්‍රතික්ෂේප කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමනි, පාසල් වල තිබෙන ආදිශිෂ්‍ය කමිටු අහෝසි කරන්න. ඔවුන්ට පාසල්වල පාලනයට සම්බන්ධවීමට තිබෙන නෛතික රාමුව ඉවත්කරන්න. පාසල් පවත්වාගෙන යාමට ඔවුන් බලපෑම් කරන අතර ඇතැම් ස්ථාන වල ඔවුන් දුෂිත විදුහල්පතුවරු හා එක්වී ජාවාරම් කරන බව අද කවුරුත් දන්නා දෙයක් (නි)
අධ්‍යාපන ඇමැති නිදිද?(කෞ)
විදුහල්පතිකමකට නුසුදුසු යැයි හැඟෙන මෙම තැනැත්තිය වහාම මෙතැනින් ඉවත් කළයුතුයි. එය කිරීමට බලධාරීන්ට නොහැකිද? (නි)
පුදුමාකාර බලලෝභයක් තියෙන කෙනෙක්.ගුරුකමට නෙවි සිකුරිටි කමටවත් සුදුසු කෙනෙක් නෙවි.මොනතරම් ලාභදායී රස්සාවක් වෙන්න ඇතිද......?(කෞ)
මෙයාව ගෙදර අරින්න කාලය ඇවිල්ල තියෙනවා (බ)
මෙයාගේ චන්ඩිකම පෙනේද? පව් පොඩි පැටවු (හේ)
තාමත් අපිට උතරයක් දුන්න නැහැ. (ම)
මෙය ගාල්ලේ පාසල් බොහොමයක තියෙන ප්‍රශ්නයක්.(හේ)
සුරන්ජිත් හරියටම හරි (බ)
මේ හැමදේකින්ම පෙනෙන්නේ හිටපු විදුහල්පතිනිය, තනතුර දරපු කාලයේ මොනතරම් මුදලක්, ලාභයක් උපයන්න ඇද්ද කියා නේද? (නි)
මේකට මගේ දරුවාටත් මුහුණදෙන්න වුණා. අපිත් එක්ක ආ ගොඩක් ළමයි ගිය පාසල් වලින් අයින් කරගෙන ඇවිල්ලා තිබුණේ. අපිට විදුහල්පතිනිය ලියුමේ කියලා තිබුණේ දරුවා පාසලට ලියාපදිංචි කරන්න එන්න කියලා. මේකෙන් අපට වුණේ අපේ දරුවන්ට ගිය පාසලත් නැතිවුණ එක. ඊළඟ දවසේ ලියාපදිංචි කරනවා කිවුවා. කෝල් කරනවා කිවුවා. තාම නැහැ. පුළුවන් අයෙක් ඉන්නවා නම් විසඳා දෙන්න. (නි)
මේ වැනි මානසික රෝග වලට ප්‍රථිකාර ලබාදෙන්න තරම් කෙනෙක් නැති හැටි? අනේ අපේ රාජ්‍ය සේවය! (නි)
අපේ හිටපු රජතුමාගේ කවුරුහරි වගේ. එළෙව්වත් යන්නෙම නැහැනේ! (නි)
ඇයි මේ සිද්ධියට අධ්‍යාපන ඇමැතිගේ සද්දයක්වත් නැත්තේ.(හේ)
අධ්‍යාපන ඇමතිගේ කශේරුකාවේ තරම තමයි මේ, රටට ප්‍රදර්ශනය වෙන්නේ. (හේ)
අපි එකම පරපුරක උනත් කිසිදාක නෑදෑයෝ නොවෙති මේ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ නිලදාරීන් සහ ඇමතින්. (ර)
ඇයි මේ වගේ අයට නටන්න දීලා අධ්‍යාපන ලොක්කෝ බකන්නිලාගෙන ඉන්නේ? මහින්ද හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)
මෙයාලගේ කෙරුවාවල් ගැන ගාල්ලේ දන්නෝ දනිති. මම නම් කියන්නේ මෙවැනි අය පාසලක ගුරු මණ්ඩලයේවත් නොසිටිය යුතුයි කියායි (නි)
අධ්‍යාපන අමාත්‍යංශය ගැන කතා කිරීමෙන් පලක් නැත .මෙහෙම විකාර තිබෙන්නේ ලංකාවේ පමණි (බ)
ඔව් මගේ දරුවට ඉන්ටවිව් එකේදිම අසාධාරනයක් වුණා. එත් මට සතුටුයි මගේ දරුවා මේ පාසලට නොතේරුණු එකට. කොහොමත් ඔය පාසලේ ඉන්න ළමයි (හැමෝම නෙවෙයි නමුත් බහුතරය) හරිම අාත්මාර්ථකාමි. එකාට එකා නැ. ඉගෙනීම විතරක් මදි. හොඳ ගතිගුණ හොද පුරුදු තියෙන්න ඕන. හොදට ඉගෙනගන්න ඕන තමයි . ගුණගරුක ළමයි වෙන්නත් ඕන. විශේෂයෙන්ම ගෑනු ළමයන්ට ඒ දේ ගොඩක් වැදගත්. ඇත්තටම මේ ප්‍රින්සිපල්ගේ පෞද්ගලික ජීවිතය අපිට අදාළ නැ. එ්ත් මෙයාගේ කට නම් හරි නැ ....බල තණ්හාව උතුරලා යනවා. (බ)
බලධාරින්ට මේ ගැන පෙන්නේ නැද්ද?(හේ)
මේක පුදුම වැඩක්නේ? රජයේ පාසලුත් දැන් අම්මා අප්පගෙ බුදලේ බවට පත්වෙලාද? රජයේ සේවකයෝ යන්න කියන තැනකට යන්න ඕනෑ කියලයි මම අහලා තියෙන්නේ. (නි)
අර විධායක බලතල පාවිච්චි කරලා ළමා පරපුරේත් ජාතියේත් අනාගතයට විනකරන මේ වගේ කට්ටියව හිරේට දැම්මා නම් කවුරුවත් ඔය විධායක බලතල කප්පාදුකරන්න කියන එකක් නැහැ. (නි)
අනේ මන්දා! තමන් කොහොම පාරේ බැහැල යන්නද කියලාවත් මෙහෙම අයට හිතෙන්නේ නැති හැටි? (නි)
අර ඉස්සර උතුරු නැගෙනහිර තිබුන මුදානොගත් ප්‍රදේශ වගේ රජයේ පාලනයෙන් තොර ප්‍රදේශයක් වගේ තමා දැන් මේ සවුත්ලන්ඩ් එක (නි)
බොරුවට අපේ ලේ කෝපනොකර නීතිය ක්‍රියාත්මක කරන්න. අපි බදු ගෙවන්නේ බලධාරීන්ට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නයි (නි)
හරියට විශ්ව විද්‍යාල පරිපාලනය වගේනේ (නි)
මේ ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශය වහාම විසඳුමක් දියයුතුය. (නි)
ලංකාවේ ඉන්න මිනිසුන්ගේ පිරිහීම තමයි. ඕක ජාන වල තියෙන වරදක්.මම ඉන්න රට ඒ අතින් ශිෂ්ටසම්පන්නයි. ලංකාව හරියට සත්තු වත්තක් වගේ. (නි)
නොදරුවන්ට මොනතරම් දුකක් හිතෙන්න ඇද්ද පාසැලට විත් බාර නොගත්තහම. කොහොම මෙතෙක් කල් පාසල් වල වැඩ කළාද දන්නේ නැහැ. විදුහල්පතිනියක් වුණාම මොනතරම් දරුවන්ගේ මොළොක් හිත් ගැන දැනගෙන වැඩ කරන්න ඕනෑද? (නි)
අධ්‍යාපන ඇමැතිටත් වඩා ලොකුයිද මෙයා? නීතියක් දන්නෙ නැද්ද? දරුවන්ගෙ මානසිත තත්වය ගැන දන්නෙ නැද්ද? (නි)
මේ ලොකු පාසල් වල සිදුවන මුදල් ගැවසීමේ ජාවාරම නතර කළයුතුව ඇත. ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවා දෙගොල්ලෝ හොඳ ජාවාරමක් කරන්නේ. ඉතින් දාලා යන්න ලෝබයි (නි)
ගුරු වෘත්තියේ ගෞරවය රැකගැනීමට නම් සුදුසුකම් නැති අයට තනතුරු නොදිය යුතුය (නි)
මේ අය මේ නටන්නේ තනිකරම පහුගිය රජය කාලේ කාපු දේවල් දාලා යන්න බැරි නිසා. (නි)
ශශික කියන දේ හරි. මෙහෙමත් ගැහැණු! (නි)
විදුහල්පතිනියගේ තියන දුෂ්ඨ කමට දැන් කුඩා දරුවන්ගෙනුත් පළි ගන්නයි හදන්නේ. තමන්ගෙයි, ගුරු වෘතියෙයි, තත්වේ තියාගෙන ඔතනින් එලියට බැස්සා නම් නේද හොඳ?(කෞ)