ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහලේ ශාන්ති සෙනෙවිරත්න මාරු නොකරන ලෙස විරෝධය පළ කළ දිනයේ එම විරෝධයේ ඡායාරූප ගත් දැරියකට පහර දුන්නැයි කියන පොල්වත්තලියනගේ වසන්ති ලබන 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (30) නියෝග කළාය.
වසන්ති සවුත්ලන්ඩ්ස් විදුහලේ ශිෂ්‍යාවකගේ මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට දරුවොත් ඉන්නවද? එයාගේ දැරුවානම් පාසලේ හැම තැනින්ම කැපී පෙනෙනවා ඇති ...ඔතන හැටි එහෙම තමා...... අපරාදේ (බ)
පොල්වත්ත ලියනගේ? එහෙම නම් දේවාලේ ගිහින් පොල් ගහන්න පුළුවනි ගෝනි පිටින් ගෙනිහින්! (බ)
හොඳ වැඩේ ඔය සෝබනීව රිමාන්ඩ් කළ එක. සන්ග්ලාස් දාගත්තහම හිතනවා මට වඩා ලොක්කියෙක් ලෝකෙම නැහැ කියල. (බ)
පාසලේ වඩා වැදගත් පුද්ගලයා විදුහල්පති නොවෙයි , සිසු සිසුවියන් බව කැගහපු කාන්තාව නොදෙන සිටියද. (අ)
යුක්තිය සැමට එක හා සමානව දෙන්න. (ර)
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන් තාවකාලිකව පළාත් අධ්‍යාපන කාර්යයාලයට මාරු කළ හිටපු විදුහල්පතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කර ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ පිරිසක් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසූ බව ලංකා ගුරු සංගමය පවසයි. කෝ වැඩ? (බ)
මේ කියන්නෙ අර අව්කණ්ණාඩි දාගෙන තොප්පියක් දාගෙන මහ හයියෙන් සටන් පාඨ කියපු එක්කෙනාද? (නි)
හරි නම් පොලිසිය සිද්ධිය වුණ වෙලාවේම මෙයා අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න ඕනෑ. පහුවෙලා හරි නීතිය ක්‍රියාත්මක වුණේ ජනමාධ්‍ය නිසා. (නි)
අනේ ඇත්තටම ඔහේගේ දරුවටත් කවුරු හරි එහෙම කලානම් කියල හිතුනේ නැද්ද?(ම)
ඉතාමත් හොද දෙයක්??? (ම)
අනේ මෙයා නටපු නැටිල්ලක්. විලි ලැජ්ජයි. (හේ)
හොඳ වැඩේ.!අහිංසක දැරියට පහර දෙන්න කොහෙන් ආව හයියක්ද මෙයාට?මතක හිටින දඬුවමක් දෙන්න තියෙන්නේ.(හේ)
පිට කසන්න ගොස් වැටුන අමාරුවක. (ර)
වසන්ති වසන්තයට කලින්ම ඇතුලට ගිහින් (බ)
හොඳ වැඩක් කළේ මහේස්ත්‍රාත්තුමිය. තේරුම් ගන්න අරින්න ඕනෑ මානව අයිතිවාසිකම් මොනවද කියලා. තමන්ට ඕනෑ දේවල් කරන්න බැහැ. දැන් හොඳයිනේ! (නි)
වරදට නියම දඬුවම! (නි)
එහෙම වෙන්න ඕනේ , ඒ කත හැසුරුණු විදියට. මේක අනෙක් අයටත් පාඩමක් වේවි (බ)
අවුරුදු හතක් හිරේ ට යවන්න.(බ)
හරිම හොදයි දරුවන්ට පහර දීම අනුමත කරන්න ඉඩ දෙන්න එපා (බ)
ඉතා සතුටුදායක පුවතක්.... (නි)
ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි (නි)
මාලුව නහින්නෙත් කට හින්දලුනෙ. ඇන්ටි කෑමොර දෙනකොට අපි හිතුවා මෙහෙම දෙයක් කරගනී කියලා (නි)
දැන් ඉතින් මොනවා හිතෙනවද දන්නෙ නැහැ (නි)
දැන් උණ සනීප ඇති (නි)
දැන් සැපයිනේ ...! එකට උඩපැනපු අනිත් අයත් දැන් එයි තනි රකින්න. (නි)
අනිවාර්යයෙන්ම කළු සල්ලි වලින් යැපෙන මැර කතක් වෙන්න ඕනෑ. මේ කාන්තාවන් ටික විනාශ කරන්නේ ලංකාවේ තියෙන කීර්තිමත්ම කාන්තා පාසලක නම. (නි)
දින දාහතරක්වත් රිමාන්ඩ් කරන්නයි තිබුනේ. අනිත් කාන්තාවන් ටිකත් අල්ලලා දාන්න තියෙන්නේ. (නි)