ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනිය තවදුරටත් විදුහල්පති ධූරයේ තබා ගන්නැයි ඉල්ලා කළ ඉකුත්දා පැවැති උද්ඝෝෂණයේ දී ඇතැවු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට බාර වු පි.ජි.සුසන්ත (40) ලබන 7 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළාය.
ඔහුට එරෙහිව පොලිසිය චෝදනා ගොනු කර තිබිය දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතිඥ රජින්ද්‍ර නාරංන්ගොඩ මහතා ඇප ඉල්ලු අවස්ථාවේ පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බැවින් ඇප දීමට විරුද්ධ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිතයන් පන්නන්න හදනකොට උන්ව ආරක්ෂා කොරන්න පහුගිය පරණ ඇම්බැට්ටයෝ ගොඩක් ඉන්නවා. ඔයත් එක්කෙනෙක් වගෙයි! (බ)
එතන සිටි ළමයට පහර දුන් කාන්තාව අත්අඩංගුවට නොගන්නේ ඇයි?(රේ)
පසුගිය රජයටත් වඩා හොඳින් යහපාලන රජයෙන් දුෂිතයන් ආරක්ෂා කරන බවක් තමයි පෙනී යන්නේ.(රේ)
එතන සිටි කාන්තාවන් තමයි මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනෑ. විශේෂයෙන් අර ගැහැණු ළමයට පහරදුන් කාන්තාවන් දෙදෙනාට දැඩි දඬුවම් දිය යුතුයි. (නි)
දරුවෙකුට පහරදීම හා ප්‍රධාන මාර්ගය අවහිරකර උද්ඝෝෂණය සංවිධානය කළ අයද අත්අඩංගුවට ගතයුතුයි. (නි)