(සමන් විජය බණ්ඩාර)
ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස භුක්ති විඳමින් උතුරේ පහන් පත්තු කරමින් ත්‍රිවිධ හමුදාව හෑල්ලු කරන්න ඉඩ නොදෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද අරණායකදී පැවැසීය.
අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් වූ ජනතාවට සෙනෙහෙ සියපත වෙතින් නිවාස ලබාදීමේ උත්සවයට සහභාගීවෙමින් වසන්තගමදී රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා මේ බව කීවේය.
“උතුරේ ඇතැම් දේශපාලනඥයින් විටින් විට අපේ හමුදාව විවේචනය කරනවා. නමුත් පීඩාවක් සිදුවන සෑම අවස්ථාවකදීම පිහිටට එන්නේ ත්‍රිවිධ හමුදාවයි.“
“සිවාජිලිංගම් හතර පස් දෙනෙක් වට කරගෙන පහන් පත්තු කර කර අපේ හමුදාව විවේචනය කිරීම ගැන අප කනගාටු වෙනවා. නමුත් එතුමාට මතක් කරන්න ඕනෑ ඔහුට නාඩගම් නටන්න පුළුවන් වුණේ ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස් නිසායි.....ඩයස්පෝරාවේ සල්ලි ගන්න තමයි ඔහු එහෙම නාඩගම් නටන්නේ.“ යයි කී විජයවර්ධන මහතා...
“දැන් මොන නාඩගම නැටුවත් කමක්. නෑ ඉදිරියේදිත් එහෙම නටන්න ආවොත් ඒ නටන තාලේ අපි පෙන්නලා දෙන්නම්“ යයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩ නොදෙන්නේ කොහොමද? දැන් උතුරට යන්න බැහැ කිසිම සිංහල මිනිහෙකුට. අනිත් එක රටේ ජනාදිපති ටත් එන්න එපා කියල තියෙන්නේ.. රට කවදාවත් නැති තරම අරාජික වෙලා.
බාලගිරිදෝසෙ වගේ
උතුර සහ නැගෙනහිර පළාත් නියාමනයට කෙටි කාලීන සහ දිගුකාලීන පැහැදිලි ක්‍රමවේදයක් වත්මන් රජය සතුව නැති බව කොටි රූකඩ පමණ ඉක්මවා නටන නැටිල්ලෙන් පේනවා. ප්‍රශ්න එන එන විදියට තාවකාලික විසඳුම් හොය හොයා ආණ්ඩුවේ ආරක්ෂක ඇමති නිවේදන නිකුත් කරනවා... සහජීවනේ කියා අපගේ මාතෘභූමියේ ආරක්ෂාවට සිටින ත්‍රිවිධ හමුදාව විවේචනය කරන්න ඉඩ දී බලා ඉන්නේ ඇයි?
පෙරේරා, ඔබතුමා මොලේ උඩ ඉඳගෙනද කතා කරන්නේ? අද සිංහල මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැතුව යාපනයේ යනවා, ව්‍යාපාර කරනවා. බොරු බිල්ලෝ මවන්න එපා.