වෙල්ලමුල්ලි වෛක්කාල් අවසන් සටනේදී මියගිය අය ඇතුළු ගුවන් ප්‍රහාර වලින් මියගිය සාම්පූර් සාමාන්‍ය වැසියන් සිහි කර අද (16) ප.ව. 6.00ට ත්‍රීකුණාමලය වෙරළ තීරයේ දී පහන් පත්තු කර ඔවුන් අනුස්මරණය කිරීම උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එයට ටෙලෝ සංවිධානයේ පරිපාලන ලේකම් එස්. නිත්‍යානන්දන් මහතා පමණක් සහභාගී වූ අතර වෙනත් කිසිඳු පුද්ගලයෙක් සහභාගී නොවීම විශේෂත්වයක් විය.
එහිදී සිවාජිලිංගම් මහතා කියා සිටියේ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ සිට උතුරු නරගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වලට විවිධ ක්‍රියාමාර්ග ගත්තත් විසඳුම් නොලැබුණු බවයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුගත්, එය කිසිදාක ඉටුවන දෙයක් නොවේ. (ර)
කාට කටත් හොද පාඩමක්. (ර)
දැන් ඉතින් ඔබට ඕනෑ නැටුමක් නටන්න පුළුවන්. බියවිය යුතු නැහැ (නි)
මැදිහත්ව හිතුවොත් සිවාජිලිංගම්ලාට තියෙන වර්ගවාදී හැඟීම් යාපනේ දෙමළ ජනතාව තුළ නැහැ. එහෙම වෙන්න හේතුව විපක්ෂ නායක සම්බන්ධන්ගේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ගුණය එක්ක යාපනේ මිනිස්සු ඉන්න එක. සිවාජිලිංගම්ලා විග්නේශවරම් එක්ක එකතුවෙලා සම්බන්ධන්ලට විරුද්ධව ජාතිවාදී පදනමින් ඡන්දෙ ඉල්ලුවා මහ ඡන්දෙදි. ඒත් යාපනෙන් ඔවුන් ප්‍රතික්ෂේප වුණා. අද සම්බන්ධන්, සුමන්තිරන්ලා සිංහල ජාතිවාදයෙනුත් බැටකනවා. දෙමළ ජාතිවාදයෙනුත් බැට කනවා. මම හිතන්නෙ උතුරේ ප්‍රශ්නය විසඳාගන්න තියෙන හොඳම කාලය සම්බන්ධන් දෙමළ සන්ධානෙ නායකයා හැටියට ඉන්න කාලෙ තමයි. (නි)
මාර සෙනඟක්නේ මේකට ඇවිල්ලා තියෙන්නේ. මේකෙන්ම පේනවා රටේ තියෙන සංහිඳියාවේ අගය ගැන. ඒකාබද්ධ විපක්ෂ ගෝලයන් දැන් කටේ ඉබි යතුරු දාගෙන ඇති (නි)
දැන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි (නි)
පරණ පුරුදු නම් අත්හරින්නම බැරි හැඩයි (නි)
යුද්ධයෙන් මියගිය අය සැමරීමට අප සිහලුන්ට මෙන්ම දමිළයන්ටද එකසේ අයිතියක් තිබෙනවා. එනිසා මෙහි වරදක් දකින්නේ නැහැ මම (නි)
එහිදී කියා සිටිය කියන්නේ ශිවාජි ලිංගම් නිත්යනන්දන්ට කියපු කතාවේ කොටසක්ද? බල්ලෙක් වත් නැතිඋනාට කතා පවත්තලත් තියෙනවා. (කෞ)
මේ හදලා තියෙන ස්මාරකය මොකක්ද? කොටි සිහිකරන්න හදපු එකක්ද? (නි)
යුද්දයෙන් මැරිච්ච අය සිහිකරන්න මොකද්ද මේ හදල ගියෙන්නේ (කෞ)
ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත හැටි දැන් කාටත් අමතක් වී ඇත (නි)
උතුරේ ජනතාවට පහන් දල්වාගෙන පිස්සු නටන්න තරම් අමාරුවක් නැත. දකුණේ ඇතැමුන්ට නම් උතුරේ පහනක් දල්වනතුරු ඉවසුමක් නැහැ. (නි)
දෙමළ ජනතාවත් මේවාට කැමති නැතිබව තමා පෙනෙන්නේ. (නි)
අනේ අපොයි! (නි)
දෙමළ ජනතාව මේවාට අකමැති බව හොඳින් පෙනෙනවා (නි)
මේක තනිකරම මුට්ටිය දමා බැලීමක් වගෙයි. අද ක්‍රියා මාර්ගයක් නොගත්තොත් හෙට ලොකුවට වෙල්ලමුල්ලි වයික්කාල් වල ලොකු සැමරුමක් වෙනවා නියතයි.(කෞ)
කොච්චර දේවල් වුණත් ලැජ්ජාවක් කියන එකක් නැති හැටි? (නි)
දෙපැත්තේම අයට නැවත හිතන්න හොඳ ඡායාරූපයක් (නි)
සුගත්, මෙම සිද්ධියෙන් පැහැදිලිවෙන යමක් ඔයා දැක්කේ නැද්ද? ඔයා දැක්කේ ඔය ටික විතරද? (නි)
සුගත්, මතකද ගිය අවුරුද්දේ තිබුන සැමරුම? එදා 10-15 හිටියා. මේ සැරේ මේ දෙන්නා විතරයි. ඔබ හිතන ලෙස, මහින්ද කළ ලෙස මර්දනය කරන්න ගියා නම් මේ වසරේ ඔතන 100 ක් ඉන්න තිබුනා. සැබෑ දේශප්‍රේමයෙන් ස්වාධීන බුද්ධියෙන් සිතන්න. (නි)
මට නම් මෙහි මෙහි වරදක් නැත. (නි)
යුද්ධයෙන් මියගිය අය සැමරීමට අයිතියක් තිබෙනමුත් මියගිය ත්‍රස්තවාදීන් සමරන්න එහෙම ඉඩදෙන වෙන රටවල් තියනවාද? මොවුන් ත්‍රස්තවාදීන් වන්නේ මේ රට බෙදා වෙන්කර ගැනීමට සටන්කළ උන් වීම නිසයි. මොවුන් සැමරීමට ඉඩදිය යුතුද? (නි)
පිස්සෝ නැටුවාට දොස්තර කලබල නොවන්නේය. මන්ද ඔවුන් කොතරම් බලගතු වුවත් දොස්තර අත ඇති බෙහෙත් සිලින්ජරයට ඔහු සදා යටත් වනු ඇත. ලෙඩ සුවවීමට මානසික සහනය ලැබීම අවශ්‍ය අතර රෝගියා සීමාව ඉක්මවා කටයුතු නොකිරීමට දොස්තර වග බලාගත යුතුය. ඒ සදහා අපේ රණවිරුවන් දිවා රෑ දෑස දල්වා බලාසිටිනු ඇත (නි)
මෙය කණ්ඩයම් අතර අමතක වී ගිය දේ මතක් කර ප්‍රශ්න ඇතිකිරීමකි., වගකිවයුත්තන් මේවට අවදානය යොමු කළයුතුයි. (නි)
ලීල්වල, ඔයාගේ උගත්කම හොඳට තේරෙනවා. කාරනය හරියට කියවා අදහස් ප්‍රකාශ කරන්න. ඔතන කොටි ත්‍රස්තවාදීන් විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාව ගැනත් සඳහන් කරලා තියෙනවා (නි)
මොවුන් ගැන නිතර අවදානයෙන් සිටීමට කවුරුත් දැනගන්න. (නි)
අහිංසක දෙමළ මිනිසුන්ව ඉස්සරත් රැවැට්ටුවා දේශපාලුවෝ. එයාලටත් දැන් තේරෙනවා මේ දෙමළ දේශපාලුවෝ එයාලව රවටලා ඔවුන් සැපවිඳිනවා කියලා. එ්කනේ කව්රුත් අාවේ නැත්තේ. හොඳ වැඩේ. (නි)
මම හිතන්නේ දැනට ලංකාවේ මෙහෙම හිතන අයට ඉන්නේ මේ දෙන්නා විතරයි (නි)
යුද්දය නිසා කරදර වැඩියෙන් වුණේ උතුරට. එමනිසා එම ජනතාව නැවතත් යුද්ධයක් ඇතිවෙන ආකරයට වැඩ කරන දේශපාලකයන්, පුද්ගලයන්ට විරුද්ධව නැඟීසිටිය යුතුය. (නි)
මට කවුරු හරි කියනවද? (නි)
අඩුම ගාණේ මෙයාගේ වයිෆ්වත් මේවට කැමති නෑ වගේ (බ)
පේනවා නේද ද්‍රවිඩ දේශපාලකයන් මොනවා කිවත් සාමන්‍ය ජනතාව දැන් බුද්ධිමත් ඒ මිනිසුන්ට නැවතත් යුද්දෙකට යන්න ඕනත් නැහැ දේශපාලකයන් ඉල්ලන පෙඩරල් ඕනත් නැහැ , අපේ දේශපාලකයන්ට දැන් තියෙනවා කරන්න දෙයක් ඉහළ සිට පහළට සම්පත් බෙදීයන වැඩපිළිවෙලක් හැදුවොත් අපි දෙගොල්ලන්ගේම තියෙන්නේ එකම ප්‍රශ්නයයි කියල එතකොට තේරේවි (බ)
ත්‍රස්තවාදීන් සමරන්නේ තවත් ත්‍රස්තවාදියෙක් මිස වෙන කවුරුද? බොරුවට සාමාන්‍ය ජනතාව ගාවාගෙන තියෙන්නේ. මේ අයට දැඩි දඩුවම් දිය යුතුයි. මොවුන් මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ අහිංසක සිංහල සහ දෙමළ ජනතාව කුලප්පු කිරීමයි. (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු? (නි)
රට අවුල් කරන සමහර කල්ලි වලට වඩා දමිල සාමාන්‍ය ජනතාව බුද්ධිමත්. (ම)
දුමින්ද ඉවසන්න. තවම 18 වැනිදා වුනේ නැහැ. එදාට ඔයා ආපහු මතක් කරගන්න මම කියපු දේ....(බ)
මේවා හොද වැඩ නෙවෙයි. (ම)
දේශපාලන වාසි වලට, අහිංසක ජීවිත බිලිදෙන්න එපා.නැවතත් අමිහිරි අත්දැකීම් වලට ජනතාව පෙළගස්වන්න එපා.මෙය ජාතිවාද ප්‍රශ්නයක් නොවේ. (බ)
බුද්ධිමත් බහුතරයක් වූ ද්‍රවිඩ ජනතාවට අපගේ උත්තමාචාරය..!! (ර)