(විනීතා එම් ගමගේ)
සේවා නියුක්තියන් ගේ භාර අරමුදලෙන් හා සේවක අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීම නැවැත්වීමට ආණ්ඩුව පියවර නොගතහොත් ජනාධිපති මන්දිරය වෙත ලබන විසි එක් වැනිදා දැවැන්ත පා ගමනක් සුදානම් කරන බව අන්තර් සමාගම් සේවක සංගමය කියයි.
මේ සඳහා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව ලක්ෂ ගණනක් සුදානමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම පාගමන සංවිධානය කිරීමේ විශේෂ සාකච්ඡාවක් හත්වැනිදා කොළඹ දී පැවැත්වෙන බවත් පෞද්ගලික අංශය පමණක් නොව රාජ්ය හා අර්ධ රාජ්ය අංශයේ වෘත්තිය සමිති නියෝජිතයින් ද සහභාගි වීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම අසාධාරණ බද්ද ඉවත් කරන බවට මේ මස 20 වැනිදාට පෙර ආණ්ඩුව ප්රකාශයක් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ද සමරසිංහ මහතා තවදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අරමුදල් වල තමුන්ගේ සල්ලි නැතත් වසන්ත සමරසිංහල ජනතාව වෙනුවෙන් කරන කැපවීමට ඔබලා පාර්ලිමේන්තු යවලත් මදි.පාටක් නැතිව ජනතාව ඔබලා සමගයි.
මේ ආණ්ඩුවේ තියෙන ජරා ගතිය පෙන්නන එක අවස්ථාවක් තමයි මේ. උපයනවිට බදුත් අරගෙන ජීවිතකාලෙම හම්බ කරන දෙයින් ඉතුරැ වෙන එකෙනුත් බදු ගහන්නයි හදන්නේ. පෙළපාලි නෙවෙයි මරාගෙන මැරෙන්නයි ඕනෙ. කාලකණ්ණි.
මේකට අපිත් එනවා.
එහෙම බදු නොගත්තොත් කොහොමද මහා බැංකු මංකොල්ලෙන් උන පාඩුව වහගන්නේ, සැප වාහන, මාලිගා වගේ ගෙවල් අරගන්නේ, පවුල් පිටින් පිට රට සවාරි ගහන්නේ. සම හරක්ට ලොකු කොම්පැනි වලට බදු සහන දුන්නම මාලිගා පිටින් ලැබුනට අහිංසක අපිට අර්තසාධකෙත් නැහැ. මේ අන්තරේට එ්ක වත් තේරෙන්නේ නැති හැටි. යහපාලනේ ගොඩනගන්න මුක්කු ගහපු අය දැන් හැඟෙන්නේ නැතුව කැප කරන්න, කැප කරන්න, කැප කරන්න.
මම නම් EPF ETF ගැන තියෙන ආසාව අත හැරලා ගොඩක් කල් මම දන්නවා මේ මුදල් කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ කියල මුන්ට සාප කරනවා හැර කරන්න දෙයක් දැන් ඉතුරු වෙලා නැහැ
කාලකන්නි රටක් පාලනය කරද්දී මේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. මුන්ට හුරේ දාන ගොන් වස්සෝ ටිකක් තාම ලංකාවේ ඉන්නවා.