රජයේ රෝහල්හි සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක වරුන්ට සහ උපස්ධායක වරුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබෙමින් තිබෙන බැවින් රෝහල්හි ප්‍රධාන හෙද නිලධාරීන් යොදා ගනිමින් සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබාදිමට ද අමාත්‍යාංශය සැළසුම් කැර තිබේ. සෞඛ්‍ය අමාතයාංශයේ අධ්‍යාපන පුහුණු පර්යේෂණ ඒකකය මෙය ඉටුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දොස්තරලටත් අවශ්‍යයි. (නි)
හොද වැඩක්. ලගකදී මම ඉස්පිරිටලෙටකට මගේ ලෙඩෙක් එක්ක ගියාම හැම තැනටම ට්‍රොලිය තල්ලු කලේ මම. සේවකයෝ ඔක්කොම නිකන් අයිස් ගහ ගහා ඉන්නවා. මම ආසාවෙන් කළ නමුත් විය යුත්තේ එය නොවන බව සිතමි. (නි)
පගා නොගන්න උගන්නනවා නම් ඒකත් ලොකුදෙයක්. (නි)
කියන්න දෙයක් නැහැ. ඔය සෞඛ්‍ය කාර්ය සහයකලා, උපස්තායකලා නම් හරිම නරක කිසිම ආචාර ධර්මයක් නැති පිරිසක්. 99% කම, එයාල දන්නේ කයිවාරු ගහලා දවස ගෙවලා අසරණ වෙලා එන මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන්න විතරයි. ආචාරධර්ම හදුන්වලා දීලා ඒවා ක්‍රියාත්මක වෙනවාදැයි කියලත් බැලුවොත් හොදයි (නි)
එතකොට දොස්තරලා නස්ලා පොඩ්ඩ ඇත්නම් ස්ට්‍රියික් කරන්නේ හොඳ ආචාරධර්ම තියන නිසාද දොස්තරලා ලෙඩවුන කාන්තාවන් දුෂණය කරන්නේ ගැබිණි මාතාවන්ගේ රහස් ස්ථාන බොරුවට පරික්ෂා කරන්නේ කාන්තාවන් දුෂනයකරලා මරන්නේ හොරෙන් වඳසැත්කම් කරන්නේ හොඳ ආචාරධර්ම තියන නිසාද ?(නදී)
සමස්ත රාජ්‍ය සේවයටම ව්‍යාප්ත කලයුතු දෙයක්. හැබැයි, පසු විපරමක් සහ ආචාර ධර්ම පිළිපදින්නන් දිරිමත් කිරීමේත් ආචාර ධර්ම කඩන්නවුන්ට දඬුවම් දීමේත් කිසියම් ක්‍රමයක් සහිතව. (නදී)
කරුණාකරලා අධ්‍යාපනයට 6% සහ සුවසේවයට 6% බැගින් වෙන්කරන්න ජාතික අදායමෙන්. මේ දෙක නගා සිටුවීම තමා රටේ අනාගතයට බලපාන්නේ. අපි සිතාසිටින නිදහස් අධ්‍යාපනය අපි තුලික් ගිලිහි යන කලක සුවසේවා ගැන කවරනම් කතාද ? (නි)
මේවා සුළු සේවකයන්ට නොව දොස්තරලාට ලබාදිය යුතුයි (නි)
ඕකත් අර සේනාවටම බාර දෙන්න. එයාල ලග හොද ආචාර ධර්ම තියෙනවා හැමෝටම ඉගෙන ගන්න. (නදී)
ආචාරධර්ම දන්න අය බොහෝ අතලොස්සයි ඉන්නෙ.උගන්නන එකත් අමාරුයි.ආදර්ශමත් ගුරුවරයෙක් හොයන එකත් අමාරුයි.නියම නායකයෙක් ප්‍රධානියෙක් හොයන්න බැරි කාලයක්. ඔක්කොම දේශපාලනයට යට වෙලා. නන්නත්තාර වෙලා. (නි)
සියලුමදෙන කරන්න යන වැඩේ ගැන සුබවාදීව සිතමුද ? අසුබවාදී අදහස් ටිකක් අඩුකරමු. රටේ දියුණුවට එයත් හේතුවක් වෙනවා. (නි)
ප්‍රසන්න හරි. (අ)
ජනමාධ්‍යයට කලින් රජයේ සේවකයන්ටයි මහජනතාවටයි සේවය කරන ආචාර ධර්ම උගැන්විය යුත්තේ.(නදී)
ඔය ඉස්ප්රිතාලවල කටු කන අය තමයි පාලනය කරන්නේ.(නදී)
අපි කාටත් ආචාර්ය ධර්ම අවශ්‍යයි (දී)
මේක ඒක එල්ලේම මහජන මුදල් නාස්තිකරන බොරු වැඩක් වෙනවා හඳුන්වා දෙන ආචාරධර්ම පද්ධතිය පිළිපදිනවද කියලා හොයලා බලන්න ක්‍රමයක් හදන්නේ නැතිව සහ ඒක කඩන අයට විරුද්දව කටයුතු කරන්න බැරිනම්. ඇරත් රටේ 70% වැඩියේ ඉන්නේ බෞධයෝ නම් සැබැවින්ම බෞද්ධ පිළිවෙත් කරනවා නම් ආචාර ධර්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැනේ. ලෝකේ ජීවත් වෙන හැටි , සාර ධර්ම කියල දෙන්න ඕන වෙන්නේ සදාචාරයක් සංස්කෘතියක් නැති වනචාරින්ට නේද?(නදී)
ඒ කියන්නේ දොස්තරලා හෙදියෝ සහ අනිත් කාර්ය මණ්ඩලය හොඳයි කියලද? පොඩි අයට තමා සේරම. උපස්ථායකයෝ ගවුම් කලිසම් අඳිනවාටත් ඉහල නිලධාරී විරුද්ධ වුනානේ.ලොක්කන්ගේ අයථා ක්‍රියා වලට විරුද්ධව කිසිම පියවරක් නැහැ. ලෙඩ්ඩු මැරෙන්නේ අතපය කපන්න වෙන්නේ උපස්ථායකයන්ගේ වරදින් කියල තව ටික දිනකින් කියයි. (නි)
එතකොට අර මන්නෙන් බෙල්ල කපලා නිදිපෙති බොන දොස්තරලට පුහුණුවක් දෙන්නේ නැද්ද ? ඉස්පිරිතාලෙට ගියාම තේරෙනවා පාරේ බල්ලෝ වෙලා උපදින්න, අතපය නැති වෙලා උපදින්න, අංගවිකල වෙලා උපදින්න තව කොච්ච්චර නිලදාරියෝ පෝලිමේ ඉන්නවද කියලා. (නි)