පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇතිවූ එකඟතාවයකට අනුව හෙට (04) පශ්වාත් සීමාවාසීක පත්වීම් නාම ලේඛණය සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියට එක් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
මහීපාල මහතා මේ බව පැවසූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව අද සවස පැවති මාධ්‍ය හමුවකදීය.
තම සංගමය සහ අමාත්‍යවරයා අතර ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව සන්නිවේදන දුර්වලතා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට තියෙන්නේ මේවා කරන්න නෙමෙයි, වෛද්‍යවරුන්ගේ සත්‍ය තත්වය දෙස බලා ඒ වෙනුවෙන් හඬ නැඟීමයි. දුෂ්කර පළාත්වල ඉන්න වෛද්‍යවරු ගැන මෙයාලා මොනවද කරන්නේ? ලෙඩ්ඩු වෙනුවෙන් කිසිම තැකීමක් තියෙනවද? වෛද්‍යවරුන්ට ඉන්න සුදුසු කාමරයකවත් නැති ඉස්පිරිතාල කීයක් තියෙනවද? අන්න ඒවාට වර්ජන කරන්න. වෛද්‍ය වෘත්තිය කියන්න පිදුම් ලබන වෘත්තියක්. එ්ක විනාශ කරන්න එපා. (නි)
ඇති යාන්තම් එහෙම දෙයක්වත් වුණා! (නි)
රටේ සෑම දෙනාටම හොඳ සාධාරන වෛද්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් පවතින අඩුපාඩු වලට මේ දොස්තරලා කවදාකවත් ස්ට්‍රයික් කරන්නේ නැහැ. තමන්ගේ මුදල් පසුම්බියට වදින ඒවාට විතරයි ඇස් ඇරෙන්නේ. (නි)
මේක තම මම කලින් කීවේ මේ දෙගොල්ල "ගැණීයි- මිනිහයි" වගේ කියලා දෙගොල්ලටම වැඩේ කරගන්න ඕනේ උනාම මෙයාල එකතු වෙලා කර ගන්නවා අහිංසක ලෙඩ්ඩු දුක් විදිනවා (හේ)
මොවුන්ව හදන්න මිනිසුන්ට බාරදෙන්න ඕනෑ. ස්ට්‍රයික් කරනකොට මොවුන්ගේ ගෙවල් හොයාගෙන මිනිස්සු යන්න ඕනෑ. ගිහින් ඒ ගෙවල් වල නවතින්න ඕනෑ. (නි)
දැන් දෙගොල්ලන්ම එකතුවෙලා අපිට ගහාවිද.(හේ)