පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇතිවූ එකඟතාවයකට අනුව හෙට (04) පශ්වාත් සීමාවාසීක පත්වීම් නාම ලේඛණය සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියට එක් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
මහීපාල මහතා මේ බව පැවසූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව අද සවස පැවති මාධ්‍ය හමුවකදීය.
තම සංගමය සහ අමාත්‍යවරයා අතර ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව සන්නිවේදන දුර්වලතා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කීය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.