‘සෞඛ්‍ය සේවයට නවීන උපකරණ මිලදී ගැනීම සඳහා මේ වසරේදී රුපියල් කෝටි 3800 වෙන් කළා. අටවැනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවම බිලියනයකවත් (කෝටි සියයකවත්) උපකරණ මිලදීගෙන නැහැ. ඇතැම් අය (නිලධරයන්) අවසන් මොහොත දක්වා මේ මුදල් තියාගෙන ඉන්නේ ඇයි දැයි අපි දන්නවා.‘
‘අද මට ලොකු තනි කමක් දැනෙනවා. අධ්‍යක්ෂකලා, ජනරාල්ලා පඳුරු ගණන් හිටියත් අද මේ අවස්ථාවේ මා සමග අඩුම ගණනේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ජනරාල්ලා තියා සෝල්ජර් කෙනෙකුවත් ඇවිත් නැහැ. “
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කරාපිටිය රෝහලේ උත්සවයකදී අද (22) එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ දේවල් හැම අංශයකම ඔහොම තමා ඇමතිතුමා. ඔබතුමා යමක් කරන කෙනෙක්. ඒ නිසයි ඔය අය ඔබතුමාට ඔහොම කරන්නේ (නි)
ඔබතුමා ඇයි ඔවැනි නිලධාරීන් තියාගෙන ඉන්නේ? වැඩකිරීමට කැමති,වැඩ පුළුවන් අයව අලුතෙන් බඳවාගන්න. (නි)
ඇමතිතුමා කලබල වෙන්න අවශ්‍ය නැහැ තමන්ගේ අත්දෙකෙන් කෙරෙන්න ඔීන යුතුකම් ඉටු නොකරන අය මතු ආත්මෙදි අර ඉන්දියාවෙ කලීමි ළමය වගේ වැඩක් කරන්න බැරි යෝධ අත් ඇතිව ඉපදේවි (නදී)
ඔබ මේ ඇමති මණ්ඩලේ ඉන්න ඇමතිවරු අතර සෑහෙන දුරට අවංක කෙනෙක් බව අපි දන්නවා. ඔබට ඉදිරියට තව තව කැපිලි එයි.සමාජයට සේවය කරන්න නියම මිනිසෙකු වශයෙන්. (නි)
ආරක්ෂක ලේකම් තුමා නම් දන්නවා අවශ්‍ය ප්‍රථිකාර මොනවාද කියා (නදී)
රන්ජිත් විජේවර්දන මහතාට මම ගරුකරනවා මම පළමුව රටගියේ එතුමගේ ආයතනයෙන් (නදී)
අජන්ත, අනේ මන්දා මේ කතාවේ තේරුම ? ඇමතිතුමා අතේනේ බලය තියෙන්නේ. (නදී)
අනේ මන්දා මේ කතාවේ තේරුම ? ඇමතිතුමා අතේනේ බලය තියෙන්නේ. "ඉංගිරිසියෙන් මෙන්න මෙහෙම කියනවා, " සෝ මෙනි කුක්ස් ස්පොයිල් දේ සුප්." (නදී)
ඇමතිතුමා වැඩකට නැති නිලධරයන්, නිලයෙන් පහ කරන්ඩ. නැත්නම් මිනිස්සු හිතන්නේ ඔබතුමා ගැනයි වැරදියට (අ)
තමන්ගේ ඇමතිට ඔහොම නම් ලෙඩ අපිට ............?(අ)
ආයුර්වේද සංස්ථාවේ ලෙඩුන් පෝලිමේ ගිහින් බෙහෙත් හේත් ගන්නේ ප්‍රමිතියට අනුකුලව බෙහෙත් සාධාරණ මිලකට දෙන නිසා .උචිත බෙහෙත් ආනයනය සංස්ථාවේ ඒකාධිකාරයට පවරන්නේ නැත්තේ ඇයි (අ)
ඇයි ඉතින් ඕක උත්සවයකදී කියන්නේ? කියන්න ඕන කරන්නේ පාර්ලිමේන්තුවේදී නේද? මහජනතාවට ඕව කියල වැඩක් නැහැ ඒ මිනිස්සු මොනවා කරන්නද? (අ)
ඔබතුමාලාව ඔතෙන්ට පත් කලේ ක්‍රමවත්ව වැඩක් කරන්න නේද? තනි වේගෙන එනකොට ජනතාව අමතන්න හිතිලා වගේ. වෙනසක් කරන්න බලමු.(අ)
ඒ වුනාට රට දියුණු නේ බලන්නකෝ පාරවල් හැදිලා, වරායක් හැදිලා, ගුවන් තොටුපොලකුත් හැදිලා, කොළඹ දිලිසෙනවා, නේද? (නදී)
"තනි වෙන්න ට මගේ ලොවේ පුරුදු පාලුවෙන්- තෝරාගන්න ජනතාවෙනි නැවත මා ඉතින්...." (නදී)
වෛද්‍ය මාෆියාව, හෙද මාෆියාව, පරිපුරක වෛද්‍ය සේවා මාෆියාව, ඖෂධ සමාගම් මාෆියාව ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලු මාෆියාවන් නැති කරලා සාමාන්‍ය ජනතාවගේ සුවදායි සෞඛ්‍ය සේවයක් හදන්න ඔබතුමා මුලික වෙනවා නම් ඔය තනිකම නැතිකරන්න අපි ඔබතුමා එක්ක ඕනෑදේකට ඉන්නවා. (නි)
ඔබතුමා තනිවම ගෙනයන සටනට ජය වේවා! (නි)
පසු ගිය කාල වකවානුවේ රජයේ රෝහල් වලට ඔපරේෂන් තියටර් වල වෛද්‍යවරු ඇසට පලදිනා විශේෂ කාච සහිත කන්නාඩි අවශ්‍ය බවත් ඒවා නොමැතිකමින් හරි හැටි සැත්කම් කරන්න අපහසු බව මාධයට දන්වා තිබුනේ පාඨකයන්ගේ ආධාර අපේක්ෂාවෙන්. එසේනම් ඇයි මේ මුදල් වලින් එවැනි දේවල් සදහා වැය කරන්න බැරි. කොතැනක හරි ලොකු පිල්ලියෙක් සිටිනා වග පමණක් මට හැගෙයි. (නදී)
යටිමඩි ගහන ක්‍රමය, පොඩ්ඩක් ඇහිරිලා ඇති. නැත්නම් ඔය බිලියන 3.8 ත් ගානක්ද අපේ කට්ටියට. (නදී)
අපිට කියලා වැඩක් නැහැ ඇමතිතුමනි. සුදුසු බලධාරීන් හට පැමිණිලි කරන්න තමයි තියෙන්නේ. (නි)
ඇමතිතුමනි, ඔබතුමාට තිබෙන බලතල අනුව පුළුවන් මෙවැනි දුෂිත නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කර ඔවුන් දුෂිත නම් ඉවත් කර වෙන සුදුසු අය පත්කරන්න. කරුණාකර දැන්වත් ක්‍රියාත්මක වන්න. (නි)
ඕවා ඔහොම තමයි, ඔබතුමා ගණන් ගන්න එපා (නි)
ඇයි බඩු මිලදී ගැනීම් ගැන විතරක්? කෝ අර ඖෂධ ප්‍රතිපත්තිය? කෝ මදුරු මර්දන බැක්ටීරියාව? (නි)
හත් ඉලව්වේ! අපි හිතාගන හිටියේ සෞඛ්‍ය ඇමති තුමාට ඉස්පිරිතාල වල කරන්න බැරි දෙයක් නැහැ කියලා. දැන් බලන කොට බල්ලා නගුට වනනවා නෙමෙයි. නගුට බල්ලව වනනවනේ (නදී)
අනේ ඇමති තුමනි, නොනැවතී දිගින් දිගටම හොයන්න මේ අසාධාරණකම්. "මෙයින් පසු මුළු ඇමති මණ්ඩලයේම ඇස් ඇරේවා ". ඔබ තුමාට සුව සෙතම පතමු අපි. (නදී)
තේරුනේ දැන් තමයි (නදී)
ඉතින් ඔබතුමා එ්කට පියවර ගන්න එපාද ? ඔබතුමා ඇමති විදියට ඔය ප්‍රශ්න විසදන්න ඕනි නේද (නදී)
චාමික කියන දේ හරි. එම්.සී එකේ කටයුතුත් පරික්ෂා කර බලන්න. එතෙර උගත් වෛද්‍ය වරු රැකියා බලාගෙන ඉන්නවා. ඔවුන්ව ලංකාවේ විභාගයක් හරස් කොට සිරවී ඉන්නවා. ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්න. මේ තරුණ අයගේ කාලය නිකරුනේ කා දැමීම ගැන ඔවුන් වග කිවයුතුයි නේද? ඒ ගැන සැලකිලිමත් වන්න. වැඩ නොකරන නිලධාරීන් සෙවීමට බලතල ඇති වෙනම අංශයක් ඔබ අමාත්‍යංශයේ ඇති කරන්න. අපි මේ රටවල්වල සේවයට ඇවිත් තිබෙන්නේ ඔය නිලධාරීන්ගේ මාෆියාව නිසා තමයි. දුප්පත් යමක් නොදන්නා මිනිස්සු හිතන්නේ ඔබතුමාගේ දුර්වලකමක් කියයි. තවත් බලාගන සිටියොත් මෙම සේවය කඩා වැටෙයි. නැතිනම් නීති රීති වලට යටත්ව පෞද්ගලීකරණය කරන්න. ඔබතුමාට ජය. (නදී)
මින් හොඳටම පෙනෙන්නේ කුමක්ද? ලොක්කෝ බලවත්ද? අත්‍යවශ්‍යම සේවයකට ගිය කල? (නි)
අැමති තුමා මොකද මාස 8 ක් යනකම් බලන් හිටියේ. හේතුව දන්නවා නම් ඔබතුමාට ඕකට කලින්ම සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න තිබුනනේ. ඔබතුමා එසේ මෙසේ අැමතිතුමෙක් නෙමෙයිනේ. පක්ෂයේ ඉන්න ප්‍රබලයෙක්. කරන්න තිබුනේ මාසෙන් මාසේ මිලදී ගනිපුවා වාර්තාවක් ඉල්ලන්න. ප්‍රමාදයක් තියෙනවානම් එ්කට හේතු අහල යවල සුදුසු පියවර ගන්න (නදී)
දැන්ද තේරිලා තියෙන්නේ? හැබැයි දැන් අපිට කියලා පලක් නැහැ. පුළුවන් කෙනෙකුට දුන්නොත් නරකද? (නි)