තමන් මුදලට කිසි දිනක ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්, මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බවත් එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද පැවැදි මාධ්‍ය හමුවක දී කීවේය.
මේ මැතිවරණයෙන් ජනපතිගේ ජයග්‍රහණය ස්ථිර බව ද ඔහු පැවසීය.
‘මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වේ ආණ්ඩුවෙන් 20ක් එක්ක එනවා කියලයි. නමුත් ඔහු 20ක් එක්ක නොවෙයි ආවේ. මේ යන විදියට එජාප සාමාජිකයන්ට සාධාරණයක් වෙන්නේ නෑ. මා කිසි දිනක සල්ලිවලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල් මාරුකරපු කොයි එක්කෙනාද මුදල් බලාගෙන එහෙම කළා කියලා පිළිගත්තේ?? (හේ)
නියම විහිලු කතාව..(හේ)
දැන් ඔය මොන දේ කිව්වත් වැඩක් වෙන්නේ නෑ නේද?(හේ)
සල්ලි වලට ගියාද නැද්ද දන්නෙ නැහැ අපි. අවංකව මේ තීරණය ගත් එකට සතුටු නම් අපිටත් සතුටක් (නි)
විපක්ෂයේම හැමදාම ඉන්න කැමතියි වගේ (නි)
එක්සත් ජාතික පක්ෂය ගැන හිතපු කෙනෙක්. පොදු අපේෂකයාගෙන් වැඩක් වෙන්න නැහැ කියලා එයාට හිතෙන්න ඇති (නි)
ඇට නැති දිව හා වැට නැති කටට මොනවා කියන්න බැරිද ? (ර)
ඔබ කතානොකරම ඉන්න එක වඩා හොඳයි කියලයි මම නම් කියන්නේ (නි)
ඔබේ තීරණය කොතරම් වැදගත්ද නැද්ද යන්න ක්‍රියාවෙන් පැහැදිලි කිරීම ඔබ සතු වගකීමයි ! (නි)
ලැජ්ජා නැති වැඩකරලා ලැජ්ජා නැති කතාත් කියන්න නම් එපා (නි)
අනේ මහත්තයෝ! (නි)
ඔබ දිනුම් අන්තිමේ අපි තමයි පැරදුනේ (දී)
කොයි දේ වෙන්නෙත් හොදටලු නේද...දිනන පැත්තට ආව නිසා ජනතාවට වැඩක් කරන්න මෙතුමාට හැකිවේවා...(අ)
සල්ලි වෙනුවට ණය බේරන එකෙත් වරදක් නැහැ නේද මැතිතුමෝ ? (අ)
මේ වගේ කකුල් කැඩුණු අස්සයෝ මොකට කෝටි ප්‍රකෝටි ගාණක් දීල ගත්තද මන්ද? (අ)
මහජන මුදල් අත දිග හැරලා දීලා ගත්තු නිසා කමක් නැහැ.තමන්ගේ මුදල් වියදම් කරලා ගත්ත නම් ලෝක අපරාදයක්.(හේ)
උත්තර ජනතාවගෙන් ලැබේවි. (නි)
පටන්ගත්තෙ විජය කුමාරතුංගයන්ගෙ පක්ෂයෙන්. සමහරුන්ට නොදැනුනාට එජාපයෙන් වැඩි දෙනෙක් ඈත්වෙන්නෙ ඇයි කියලා අපි දන්නවා (නි)
තමුන්නාන්සේ කලේ තීරණාත්මක වෙලාවක පක්ෂය පාවා දීපු එක, එතකොට එජාප අයට යහපත වෙන්නේ ජනපති දිනුවහමද? එදා ඉඳල ඔබතුමන්ලා එන්න කියන කියන තැනට ගිහින් තමන්ගේ දහදිය කඳුළු වගුරපු පාක්ෂිකයන් මේවට සාප කරනවා. ඒ සාපෙන් බේරෙන්න බැහැ. මේක ලැජ්ජා නැති වැඩක්. (අ)
ඔයාට ජන පදනමක් තියේද මහත්තයෝ. (අ)
නියම විහිලුව.(හේ)
මටනම් මාස දෙක තුනකට කලින්ම තේරුණා මිහිහ මොකාටද එන්න හදන්නේ කියල. (අ)
මේවගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වීම වඩාත් හොද (අ)
මෙන්න නියම ජනතා පුත්‍රයෙක් (නි)
ජනපති මහින්ද, මහතාගේ ජය නියතයි. (ර)
ජයවේවා තිස්ස මහත්තයෝ! (නි)
හිටපු මහලේකම් තුමා කියන්නේ ඇත්ත. සල්ලි වලට ගන්න තරමේ ඡන්ද පදනමක් ඇත්තෙත් නෑනේ. ලැබුන ප්‍රසිද්ධියට කීයක් කියලා දෙන්නද?(හේ)
සල්ලි වලට යට වෙන්න, මෙයාව කවුද සල්ලි දීලා ගන්නෙ.(හේ)
මේ විහිළු කතා අහන්න අපිට වේලාවක් නෑ.(හේ)
අනේ එහෙම වෙනවනම් හොදයි.ඒත් දැන් දේශපාලනය තුළ ඒ දේ සිද්ධ වෙන්නේ නෑනේ.(හේ)
පක්ෂය අතර ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්, අනික තමාගේ ආසනය පැරදිලත් බෝනස් එකෙන් ගත්තේ ඔහු මත තියන විස්වාසය හන්ද. පක්ෂයෙන් අයින් වෙන එක ඔහුගේ කැමැත්ත හැබයි විරුද්ධ පක්ෂයට ගිහින් වාඩිවීම ද්‍රෝහී වැඩක්. මෙතුමා ගැන ලොකු ගෞරවයක් තිබුනා. මොහුට පාක්ෂිකයන් අතර හොද පිළිගැනීමක් තිබුණා. ඒකත් විනාශ කරගත්තා. (ර)
ඒක අහල බලන්න තමන්ගේ හඳවතින්.(හේ)
හොදම විහිලුව. (ර)
ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බව කීම හරියට දික්කසාද වුණත් තවම බැඳලා ඉන්නවා වගේ කීමක් නොවේද? මොනවා කිව්වත් කවුරුත් දන්නවා කළේ පාවාදීමක් කියලා. 'ප්‍රතිපත්ති' කියන වචනයේ තේරුම මෙතුමා දන්නේ නැති එකයි කණගාටුව. (නි)
කියන විදියට වුණා නම් හොදයි.(හේ)
.මෙතුමාට ජනාධිපතිතුමා සමග දිගු ගමනක් යන්නට මගේ සුබ පැතුම් !(දිල්)
සිරිමල්, බොදවූ සිහිනයක් දකිනවා. (ර)
අපොයි! මේ කතා කරන්නේ කටින්ද? සමහරුන්ට දිවවලුත් දෙකක් තියෙනවා. ලැජ්ජාවක් තිබෙනවා නම් ඔහොම පිල්මාරු කරන්නේ නැහැ (නි)
රටවෙනුවෙන් ගියා නම් මොනවද මහත්තයෝ මේ දවස් දෙක තුනකට කලින් කියුවේ (දී)
මේ මොන දිව දෙකේ කතාවක්ද ? (දී)
සල්ලි වලට විකිනෙන චරිත වෙන්න එපා (දී)
අයියෝ! (නි)
ඒ මහත්තයා ඇත්තමයි කීවේ (බ)
ප්‍රතිපත්ති පාවා දෙනවද නැද්ද එක ඔහුගේ කැමැත්ත හැබය් පක්ෂය පාවාදීම කිසිදා සමාව නොදිය හැකි ද්‍රෝහී ක්‍රියාවක් (දී)
දේශපාලනය ගැන කතා නොකර ඉම්මු (දී)
යු ටියුබ් ගිහින් බලන්න තිස්ස ගේ කතා, මෙයාල කොහෙන් කතා කරනවද මන්දා? (බ)
අපි බලමුකෝ 9 වෙනිදායින් පස්සේ. (නි)
සල්ලි ටික මොන බැංකුවේද දැම්මේ (බ)
ඔයානම් මොන පැත්තේ හිටියත් වැඩක් නෑ. දුක අපේ ජනපතිට තියන එකත් නැටි වෙන එක. ඔයා ගැනනම් දුකක් නෑ (බ) .
මෙතන ඉන්න අය දිහා බැලුවම වැඩි කැමැත්තක් තියෙන්නේ තිස්සට .එක අවිවාදාත්මකයි . (දී)
ශ්‍රීලනිපයෙන් එජාපයට ගිය අය කියනවා තමන් තවමත් ශ්‍රීලනිප සාමාජිකයෙක් කියල. එජාපයෙන් ශ්‍රීලනිපයට ගිය අය කියනවා තමන් තවමත් එජාප සාමාජිකයෙක් කියල. එතකොට දැන් කවුද ජනාධිපතිවරණයට තරඟ කරන්නේ. චාර්ලි චැප්ලින්ට, මිස්ටර් බීන්ට මොනවා හිතෙනවා ඇද්ද? (බ)
කොහොමත් 9 වෙනිදට පරජය පිළිබඳව අත්දැකීම් තියෙන කෙනෙක් මාධ්‍ය සාකච්ඡාව තියන්න ආණ්ඩුවෙ ඉන්න එක හොදයි. (අ)
අනේ මේ පෙත්තප්පු ඒ පැත්තේ ඉන්නකොටත් උන විකාරෙන් දෙඩෙව්වා, දැන් මේ පැත්තට ඇවිල්ලත් කරන්නේ ඒ ටිකමයි. ජනාධිපතිතුමනි ඇයි මෙහෙම වෙන්නේ. (අ)
දිගු ගමනක් ? කොහෙටද ? (අ)
පව් ගිලෙන නැවට පැන්නා!(හේ)
එක මනාපයවත් ගත්ත නැති කෙනෙක්.කාටවත් වැඩක් තියෙන එකක්යැයි. (බ)
සිරිසේන මහත්තයා 20ක් එක්ක අවේ නෑ කියලා තරහ වෙලාද ඔය ඒ පැත්තට ගියේ.? (ර)
හැබැයි පුතෝ මම එකක් කියන්නම් වැඩේ වැරදුනාට පස්සේ අඩන්න විතරක් ලෑස්ති වන්න එපා හොදේ (නදී)
දේශපාලකයින් කියන දේවල් කොහොමද විශ්වාසකරන්නේ (දී)
මහ ලොකු ප්‍රතිරූපයක් නොතිබුනත් මිනිහකුට අවම වශයෙන් තිරිසන් ගති ලක්ෂණ වලින් මිදිල ඉන්න පොඩි මොලයක් හරි ලැබිල ඇතිනේ. නපුන්සක අදහස් ප්‍රකාශ නොකර නිශ්ශබිදව ඉන්න එක නේද මේ වෙලාවෙි කරන්න ඔිනැ හොදම දේ. (නදී)
ජයවේවා තිස්ස මහත්තයෝ, ඔබ තුමාට මෙන් අනිත් කට්ටියටත් හරි නුවන පහළවේවා (නදී)
හා හා හා ..(අ)
රෙදි ඇඳගෙනද දන්නෑ මේ විළිලැජ්ජා නැති කථා කියන්නෙ. (අ)
ප්‍රතිපත්තියක් තිබුනා නම් මෙ පනියිද? (අ)
මූහුණින්ම පේනවා (නදී)
ලංකාවේ සමාජවාදියෝ කියල කියා ගන්න අය දැක්කම තුක් නොදකින් කියල හිතෙනවා.(නදී)
අනේ අපි නොදන්නා මොණරතැන්න. ඔය දෙන්නටම කිසිම ඡන්ද පදනමක් නැහැ. හොරා කවදා හරි හොරකම් කරා කියනවද ? කොච්චර ගියත්, ඡන්දෙ දාන්නේ අපිනේ. ඔය උදවිය කකුල් දෙක අස්සේ නකුට ගහගෙන එනහැටි අපිටත් බලාගන්න බැරිය (නදී)
ඔබතුමා හරි (දී)
අනේ මන්දා මහත්තයෝ (දී)
පුලුවන්නම් උඩුදුම්බර ආසනේ දිනවලා පෙන්වන්න (නදී)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ඡන්දෙන් දිනනවා. ඔබට වෙන්නේ හැමදාම විපක්ෂයට වෙලා ඉන්න. මොනවා උනත් ලොකු ගානක් ගත්ත නේද? (නදී)
තිස්ස අත්තනායක අනික් පැත්තට ගියාම මෙතන මේ කියලා තියන දේවල්.(හේ)
ලැජ්ජා වෙන්න ඕනේ තමන් ගැනම. (නදී)
4 වෙනි ෆොටෝ එකේ ඉන්න ලංකාවේ සමාජවාදියෝ කියන අය ගැන බලනකොට හිතෙනවා හිරුනිකා මොන තරම් ලාබාල තරුණියක් වුනත් මෙතන ඉන්න සමාජවාදීන්ට වඩා පිට කොන්දක් හිරුනිකාට තියෙනවා කියලා. ලැජ්ජයි සමාජවාදියෝ කියන නමටත්. (නදී)
අපේ අනාගත දරුවන් ඒකාධිපතියෙකුගේ සපත්තුවට යට වෙලා,කානු පල්ලේ වැටිලා ජීවත් වෙනවා දැකීම මෙතන ඉන්න සමජාවාදියන්ගේ එකම අරමුණයි. (බ)
20ක් අරගෙන ආවනම් මෙය ඉන්නවා එහෙට මෙහෙට පනින ඔලු ගෙඩි දිහා බලලා ඡන්දෙ දෙන්න තරම් ලාංකිකයන් නුගතුන් කියා නොවෙයි ... දැන්වත් එ්ක තේරුම් ගන්න (බ)
ලබන අවුරුද්දෙ ඉදල , ගෙදර වැඩක් කරන්. ගත්ත සල්ලි ටික පොලි කරන් පඩුවේ ඉන්න . (අ)
අයියෝ සල්ලි! (නි)
අනේ අපි දන්නවා හැමදේම! (නි)
අවංකවම මෙහෙම ප්‍රකාශ කළා නම් අපිත් හදවතින්ම ඔබට ගරු කරනවා (නි)
මොනවා කරන්නද මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්නත් තියෙනවානේ. (බ)
සල්ලි දෙන්න හැදුව කියලා ඔබ තුමානේ කියුවේ ඉතින් එහෙම සල්ලි වලට නෙමෙයි කියලා හිතන්න පුලුවන්ද (දී)
තිස්ස පිළිවෙලකට අස්වෙලා ගිහිල්ලා තියෙන්නේ.නමුත් සමහරු? (නි)
අතීතයේදී තිස්ස රජ කල මෙරටේ ඇතිකළ පිබිදීම මේ ශ්‍රී ලංකාවට නැවත ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. ජයවේවා තිස්ස මැතිඳුනි. (නි)
සල්ලි ගැන දන්නෙත් නැහැ නේද? අනේ දුකයි (නි)
සල්ලි ගැන දන්නෙත් නැහැ වගෙයි මෙතුමා (නි)
නවතින්න තිස්ස මැතිඳුනි! එනමුත් අයියෝ සල්ලි! (නි)
ඔබතුමාට තිබුණේ 20ක් එක්කම මෙහෙට එන්න (නි)
අයියෝ! ඇයි ඔබතුමා ආවේ? (නි)
ඔයා ගියා කියලා ජනතා තීන්දුවේ වෙනසක් නැහැ. 9 වෙනිදට බලාගන්න පුළුවන් (නි)
මහින්ද : - තිස්ස, ඔබට බොහෝ පාක්ෂිකයෝ සිටිත් ද ? තිස්ස : - එසේය, ජනාධිපතිතුමනි. මහින්ද : - තිස්ස, ඔබට පාක්ෂික නොවන අය සිටිත් ද ? තිස්ස : - එසේය, ජනාධිපතිතුමනි. ඔවුහු පොදු අපේක්ෂකයාට සහාය දක්වන්නා වූ අය වෙත්. මහින්ද : - එසේ නම්, ඒ පාක්ෂිකයෝත්, අපාක්ෂිකයෝත් හැර තවත් පාක්ෂිකයෝ සිටිත් ද ? තිස්ස : - එසේය, ජනාධිපතිතුමනි. ඒ ඔබතුමාට සහාය පළකිරීමට පැමිණි මම වෙමි. මහින්ද : - තිස්සයෙණි, තෙපි පණ්ඩිතවන්නාහුය. (නධී)
කිසිම දේශපාලුවෙක් සල්ලි වලට යට වෙන්නේ නැහැ. රටටයි, ජනතාවටයි ආදරෙන් සේවයක් කරන්න නේ එහාට මෙහාට පනින්නේ නේද? (නදී)
එහෙනම් මොකටද ගියේ? පොඩි හරි පිළිගැනීමක් තිබුණා. ඒකත් විනාශ කරගත්තා (නි)
මට නම් ඔහු පෙනෙන්නේ කිසිම ඡන්ද පදනමක් නැති පුද්ගලයෙක් ලෙසයි (නි)
ඔක්කොටම ඇත්ත තේරෙයි වැඩි ඈතක් නැතුව. (නි)