පක්ෂයේ සියලු දෙනා සමඟ සාකච්ඡා කර තමන්ද මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහායදීමට තිරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද(03) පැවසීය.
‘මගේ පක්ෂයෙන් මුදලට ගිය අයත් ඉන්නවා.තව යන්න අයත් ඉන්නවා. කමක් නෑ යන අය ගියපුදෙන් ගඟෙන් මැණික් ගරද්දී ගල් වැලි මඩ ඉවත් වෙලා මැණික් මතු වෙනවා වගේ හොද ටික ඉතිරිවෙයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. (ර)
දැන් නම් වචන ටිකක් ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා වගේ. (නි)
මම නම් තියෙන දෙයක් කාලා, වෙනදෙයක් බලාගෙන ඉන්නවා. රැවටුනා ඇති සරත් මහත්තයා. (නි)
ලස්සනට කතා කරන්නේ කපටි මිනිස්සු. මෙතුමා කපටියෙක් නොවෙයි. (ර)
මේ සාකච්ඡා මණ්ඩපයේ සිටි පරණ කට්ටිය කවුරුත් නැත්තේ මොකද? ඉඳහිට බන්දුල පෙරේරා මහත්තයා විතරක් දකින්න පුළුවන්. (නි)
ඔබතුමාගේ පක්ෂයට දෙවි පිහිටයි! (නි)
මෙතුමා නම් ගියේ සල්ලිවලට නොවේ. (ර)
සේන මහතා, සමහර බවලතුන් අයින් වුනේ නම් ඔවුන්ගේ අදහස් වලට පිළිතුරු ලෙස ඇතැමුන් ලියු නොමනා අදහස් නිසා වෙන්නැති. පිටරට උදවිය කිහිප දෙනෙක් ලිව්වා . ඒ අයටත් ඇතැමුන් සත්තුන්ගේ නම් වලින් සහ කළු සුද්දන් ආදී වශයෙන් අමතනවා මම දැකල තිබෙනවා. හැමෝම කැමති මොන අදහස් තිබුනත් ශීලාචාර ලෙස අදහස් ලියවෙන තැනක ඉන්න. (ර)
අනේද කියන්නේ ගමගේ. ඔහොම තමයි නරක කාලය ලැබුවහම ගණ දෙවියොත් බට කොළ කෑවලු නේද? (නි)
සහතික ඇත්ත.එක එක්කෙනාගේ ලණු වලට අහුනොවී හිටියා නම් අද මෙතුමා ගරු බුහුමන් ලබනවා. (නි)
පක්ෂයට මුදලට ආ අය නැද්ද? (නි)
ඔබ දෙවිවරයෙකු කියපු අය අද ඔබට ගරහනවා එදත් අපි ඔබ සමගයි අදත් ඔබ සමගයි තිස්තුන් කෝටියක් දෙවියන් ඔබව රකිනවා. (ර)
ඔහොම කතාකරන්න එපා මහත්තයෝ. (නි)
ඔබතුමාගේ සියලු අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම ජනවාරි 8 වෙනිදායින් පසුව පත්වෙන නව ජනතිපතිතුමාගෙන් ලැබෙයි. එදා ඔබතුමා නොසිටියා නම් යුද්ධය තවමත් කරනවා. (නි)
ඔබයි රටේ සැබෑ විරුවා.එකතුවෙමු. මෛත්‍රි ජනපති දිනවමු. (නි)
ගමගේ, ඔය කියන්නේ මෙතුමා ආණ්ඩුවට වැඩකරගෙන හිටියා නම් හොඳයි කියලද? මෙතුමා හොරෙක් නෙමෙයි.මෙතුමා අපේ රට ජාතිය වෙනුවෙන් සටන්කළ වීරවරයෙක්. මෙතුමාට අගෞරව නොකරන්න. (නි)
සරත් මහත්තයා වීරයෙක්. දැන්වත් මොළය පාවිච්චි කරන්න (නි)
මෙතුමා කළ සේවය බොහොම දෙනෙකුට අමතකවීම ඉතාම කණගාටුදායකයි. මේක තමා අද රටේ තත්වය. (නි)
ස්ටැන්ලි හරියටම හරි. (නි)
පහුගිය කාලයේ යු.එන්.පියටත් කොටසක් ගියා. ඒත් සල්ලි වලටමද?(නදී)
ෆොන්සේකා ඔය බණ කියන්නේ මෛත්‍රී මහත්තයටවත්ද ? (බ)
ශ්රී ලාංකික ජාතිය වෙනුවෙන් රුධිරය හැලු වීරෝධාර සෙන්පතියාණෙනි , සැබවින්ම ඔබතුමා වීරයෙකි. (නි)
මෙතුමාත් තනතුරු වලටයි, මුදල් වලටයි කෑදර වුණා නම් අපේ දේශප්‍රේමී ජනතාව එතුමාටත් වීරයෙකුට වගේ සළකයි. (නි)
මැතිතුමනි, ඔබ කල සේවය අපේ හදවතේ සදාකල් පවතීවි. අතීතයේ ඉදන්ම සටන් වලට මුහුණ දීලා රට වෙනුවෙන් සේවය කල උදවියට අත්වුණේ එකම ඉරණම. ඔබට පමණක් නොවේ, අනගාරික ධර්මපාල තුමාට පවා අත්වුණේ ඒ අවසානාවන්ත ඉරණම. එසේම කවදාහරි මහින්ද රාජපක්ෂ මැති තුමාට අයිති වෙන්නෙත් ඔය ඉරණම තමයි. ඒක මේ රටේ හැටි. කුමක් කරන්නද? අපි ඔබ සමඟයි. ඔබට නිරෝගී වාසනාවන්ත දිවියක්. රට වෙනුවෙන් ඔබගේ සේවය අවශ්‍යම මොහොතක්. (නදී)
කවුද කියලා අපි නම් දන්නවා (නි)
ඔබ ලංකාවේ උපන්න කෙනෙක්ද.? ලංකාවේ ජිවත් උනේ නැද්ද? (ත)
හෘද සාක්ෂිය යට කරගෙන මුදලට විකිණෙන දේශපාලකයින් ඉන්න රටක අනාගතය ගැන දුක් වෙනවා හැර මොනවා කරන්නද? රාජ ආණ්ඩුවකට යනවද නැද්ද තීරණය ඔබ සතුයි. (නදී)
තව මේ වගේම යනවා.(හේ)
මෙතුමාට වූ දෙය දන්නෝ දනිති.නොදන්නවා වාගේ ඉන්න අයත් දනිති. නොදන්නෝ නොදනිති (නි)
එතුමා කියන තත්වය දැන් ආණ්ඩුවේ ඇතිවෙලා තියෙන්නේ. (ර)
ඔබේ පක්ෂයට ඡන්ද වැටුනේ ඔබ නිසා මිස ඔය එක එක අය නිසා නොවේ, ඒ නිසා බය නොවන්න.(හේ)
අනේ ගමගේ , ජෙනරාල්තුමා කොහොමත් මේ රටේ ජනතාවගේ ගෞරවයට ලක් වූ සැබෑ විරුවෙක්. (නි)
වෛරයෙන් ආරම්භවූ සියලු සංවිදාන වලට අත්වූ ඉරණම ඔහුටත් අත් වුවා. ඔහුම පිළිගත්තා අසරණකම (නදී)
යන අය නවත්වන්න නම් ඔබේ දරදඬු බව ගෙදරට පමණක් සිමා කරගන්න.(නදී)
වීරයෝ මැරෙන්නේ නැහැ. (නදී)
සල්ලි වලට මැරුණ අයත් දත නියවනවලු , සල්ලි දෙවියන්ගේ මල්ලි , අද ඔක්කොම සල්ලි වලට. (ස)
ගරු ජනරාල් තුමනි, මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කෙනෙක්. නමුත් ඔබතුමාට ඇත්තේ ඉතාමත් ගෞරවයකි. එනිසා ඔබතුමාට අගෞරව කරන අයට මම මෙය කියමි. සහෝදරයනි මෙතුමාගේ හිත නොරිදන්න. (නදී) ස්තුති.
තව යනවා. බලන්නකෝ (නි)
රටේ ජාතික වීරයින් දෙස දේශපාලන කෝණයෙන් බලන්න එපා! (නි)
කිංස්ලිට දෙවියොත් මාරුවෙලා වගේ. (නි)
කිංස්ලිට හොඳටම විශ්වාසද? (නි)
පවු අනේ මේ වීරවරයා. එක එක්කෙනාගේ ලණු කෑවේ නැත්නම් අනෙක් රණවිරුවෝ වගේ රටෙන්ම නම්බු අරගෙන ඉන්න තිබුනා. (නි)
අනෙක් පක්ෂ වලින් පනින අය ගැන එයාලත් හිතන්නෙ එහෙම වෙන්න ඇති. (නි)
දැන් ඉතින් ඔය වගේ කතා කියයි කියලා අපි කොහොමත් හිතුවා (නි)
ඔබතුමාගේ කතාව නම් වටිනවා (නි)
හැබැයි ඉතින් මම නම් හිතන්නේ තනිවම ඉල්ලුවා නම් තමයි හොඳ. (නි)
කවුරු ලකුණු ගත්තත් අපි සියලු දෙනාම දන්නවා මෙතුමා ගැන (නි)
හරියට හරි. ඔබතුමාගේ අදහස් නියමයි. මැණික් සහ බොරළු වල වෙනස මේ දිනවල හොඳින් පෙනෙනවා (නි)
සරත් ෆොන්සේකා දේශපාලනික වශයෙන් පරිණත වෙමින් ඉන්න බව පෙනෙනවා. ඉස්සර නම් යන අයට කිව්වේ වෙන නමක්නේ. (නි)