ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකයේ ඉදිරිපත් කිරීමක් ලෙස ජනක සුරංජිත් අධ්‍යක්ෂණය කළ "සිල්ලර කාසි" ප‍්‍රාසාංගික ටෙලි නාට්‍ය 03 වැනිදා සිට දිනපතා රාත‍්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.
රසික සුරවීරආරච්චි තිරරචනය කළ සිල්ලර කාසි ටෙලි නාට්‍යය කොටස් 60 කින් යුතු නිර්මාණයකි. උද්දික පේ‍්‍රමරත්න, හිමාලි සයුරංගි, වොල්ගා කල්පනී, ධර්මප‍්‍රිය ඩයස්, ජෙහාන් ශ‍්‍රිකාන්ත් අප්පුහාමි, අනුරුද්ධිකා පාදුක්කගේ, සරත් චන්ද්‍රසිරි, ලයනල් වික‍්‍රම, වසන්ත කුමාරසිරි, සරත් කරුණාරත්න, නිලූකා රේඛානි, ටී.බී. ගංගොඩතැන්න, මනෝහාරි විමලතුංග ඇතුළු ජනප‍්‍රිය නළු නිළියෝ රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. ජගත් වීරතුංග සංස්කරණයෙන් ද ලහිරු මා ඕවිල සංගීතයෙන් ද අජිත් බලංගොඩ කැමරා අධ්‍යක්ෂණයෙන් ද විරාජ් රත්නායක නිෂ්පාදනයෙන් ද සිල්ලර කාසි සඳහා දායක වී ඇත.
අමිල චින්තක ගමගේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ හැටියට හොඳම හොඳ ටෙලිනාට්‍යයක් මං දෙවැනි පාරත් මේ දවස්වල බලනවා... රූපවාහිනියෙන් ඉල්ලනවා... පරණ ඒවා නැවත විකාශය කරන ලෙස... බලන්න තියෙන්නේ මේක විතරයි...
ළමා රංගනයට ගන්නා ලෙස ඉල්ලමි... ලොකු උදව්වක්...!