මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණයේ පීඩාව මකා ගැනීමට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ලක්නව් නගරයේ වාසය කරන තරුණයෝ පිරිසක් අන්තරායදායක ක්‍රීඩාවක නියැළෙති.
නගර සීමාවේ ගොම්ටි ගංගාව හරහා ඉදිකර ඇති දුම්රිය පාලමක් වෙත යන ඔවුහු දුම්රිය පැමිණෙන තෙක් බලා සිටිති.
දුම්රිය තමන්ගේ හුස්මක දුරටම පැමිණෙන තෙක් සිටින ඔවුහු එයට අසුනොවීමට පාලම පහළින් ගලා යන ගංගාවට පනිති.නැවත ගොඩට පැමිණෙන ඔවුහු මෙම කී්‍රඩාවේම යෙදෙති.
සියලූදෙනාගේ උත්සාහය දුම්රිය ඉතා ආසන්නයට පැමිණි පසු පාලමෙන් පනින පුද්ගලයා වීමයි.
දැරිය නොහැකි උණුසුම නිසා තමන් මෙවන් කි්‍රයාකාරකමක නියැළෙන බවද මේ දක්වා කිසිවෙකුවත් අනතුරට පත්ව නැති බවද තරුණයෝ කියති.
පොලිස් නිළධාරීන් තමන් අල්ලා ගැනීමට මාන බලමින් සිටියත් ඔවුන් කිසිසේතම පාලමෙන් පැනීමට සූදානම් නැති නිසා තමන්ට ඒ ගැන බියක් නැතැයිද දහවල් කාලයේ අධික උණුසුම නිසා රේල් පීලිද දිය වන තරමට රත් වන බැවින් කිසිවෙකුවත් පාලම පැත්ත පලාතේ නොඑන බවද ඔවුහු පවසති.
සෙල්ලම ලෙල්ලම වීමට වැඩි දවසක් ගත නොවනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු,ඇල,දොල ,ගංගා ජලය අණතුරු සහිතයි. ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න.(නදී)
සමහරුන්ට තම ජීවිතය එතරම් වටින්නේ නැත , මොකද ?..... එයාල හිතනවා ඇති මීලග ආත්මය මිට වඩා හොඳයි කියා , ඔය මරාගෙන මැරෙන අයත් හිතන්නේ එහෙමනේ (නදී)
ඕකට කියන්නේ "පොර වීමේ සංකල්පය" කියලයි. අපේ රටෙත් ඉන්නවා ඕන තරම් ඔය වගේ කට්ටිය. ඉස්කෝලේ යන කලේ ඉදං ඉස්කෝලෙත් කාල දහ දහ ජරා වැඩ පුළුවන් තරම් කරලා ලොකු උනාම ඒ කාලේ කරපු දේවල් කියල "පොර" කියල පෙන්නන අය ඕන තරම් ඉන්නවා. ඕක එක්තරා මානසික ලෙඩක් එයාල ඒක දන්නේ නෑ. (නදී)
තරුණ කාලෙට බය කියන එක දැනෙන්නේ නැහැනේ. මාත් ගැටය කාලේ අඩි පනහක් විතර ගැඹුරු වතුරට පැනල තියෙනවා පාලම් ඇන්ඳක් උඩ ඉඳලා. ගලක එහෙම ඔලුව වැදුනානම් ඉතින් සොරිම තමා.(නදී)
සමහර රටවල තරුණ පිරිස් කරන අනතුරු දායක ක්‍රීඩා දැක්කම මේක බොහොම සුළු දෙයක්. (නදී)
මේවා මොනවාද මේ තරම් දියුණුයි කියාගන්න ලොකු රටවල දැන් අලුතෙන් එන සෙල්ලම් බලන්නකෝ! (ස)
ඔහොම අය තමා හිටපු හැටියේ අවාසනාවන්ත පුවත් මවන්නෙත්. අපේ රටේ ප්‍රසිද්ධ නොවුනට ඔය ඕන තරම් ආරංචි වෙන්නේ.(නදී)
තාම චාන්ස් කාරයෙක් නැහැ වගේ බලන් ඉමු. (දී)
කකුළුවා නටන්නේ දිය හැලිය රත් වෙනකම් නේ (දී)
මොනවද මේ කරන භයානක වැඩ? (නි)