සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට ගිය 41 දෙනෙක් ඕස්ට්‍රේලියා මුහුදේදී නාවික හමුදාවට බාර දීමෙන් පසු අද ගාල්ල උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ.
මේ පිරිස අතර සිංහලයේ 37ක් වූහ. බොහෝ දෙනා උසාවියට එද්දී හඬා වැටුනාහ.
(ඡායාරූප සජීව විජේවීර)
(ඡායාරූප අමිල මධුසංඛ)
සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට ගිය 41 දෙනෙක් ඕස්ට්‍රේලියා මුහුදේදී නාවික හමුදාවට බාර දීමෙන් පසු අද ගාල්ල උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ.
මේ පිරිස අතර සිංහලයේ 37ක් වූහ. බොහෝ දෙනා උසාවියට එද්දී හඬා වැටුනාහ.
(ඡායාරූප සජීව විජේවීර)
(ඡායාරූප අමිල මධුසංඛ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ මේ දෙමල අය පමණයි මේ විදියේ අවදානමක් දරාගෙන ඉසුරු සොයා යන්නේ කියල..බැලුවම අපේ අයත් ඉන්නවනේ..යකඩෝ පැපුවා නිව් ගිනි නෙමෙයි අපායට යවනවා කිව්වත් යන කෙනා යනවා බැලුවම.මේ පොඩි එව්වොත් අරගෙන..හැමදාම ටි වී එකේ දාන දැන්වීමුත් බල බල....මෙයාලට පිස්සුද..අපිට පිස්සුද මන්ද? එක්කෙනෙක් ලක්ෂ කියක් වියදම් කරන්න ඇත්ද? ඒ සල්ලි ටිකත් නැහැ.අන්තිමට උසාවි ගානේ මුණු වහ ගෙන ....තණ්හාය ජායති සෝකෝ කිව්වලු.. (දී)
එපා කියන දේම කරනවාට හොඳ දඩුවම (නි)
මේ උදවිය මෙහෙ ඇවිල්ලා ලංකාව ගැන ගැන කියන කතා ඔයාලා දන්නවා නම් කවුරුවත් අනුකම්පා කරන්නේ නැහැ . සමාජගත කළ සරණාගතයන්, විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශ වලින් ආ උදවියගේ කල්ක්‍රියාව ගැන මට මෙතන ලියන්න බැහැ. රටේ නම කැත කරනවා. (නි)
සමහරු හිතන්නේ අතක් පයක් හොල්ලන්නෙ නැතුව නිකම් ඉඳලා කන්න බොන්න අවස්ථාවක් ලබාගන්න. දැන් මෙහෙ ඉපදුන උදවියටත් රැකියා ගන්න අමාරුයි. දීමනා ඔක්කොම කප්පාදු කරලා . අසරණකම කියලාවත් මට නම් අනුකම්පා හිතෙන්නේ නැත්තේ මේ උදවිය ඇවිල්ලා අපේ රට ගැන කියන කතා නිසයි (නි)
මේ වගේ කට්ටිය ඇවිල්ලා ලංකාව ගැන ඉතාම නරක විදියට බොරු කියලා සරණාගත වීසා ගන්නවා. ඊළඟට ගන්න තිබෙන ඔක්කොම දීමනා අරගෙන සමාජයේ හැසිරෙන්නේ ලංකාවට තිබෙන හොඳ නම පහතට වැටෙන විදියට . (නි)
සරණාගත විසා ලැබිලා සමාජ ගත කල සමහරු හැසිරෙන හැටි අන්තිමයි. මේවා ලංකාවේ උදවිය දන්නේ නැහැ. සමහරු ලැබෙන දීමනා ඔක්කොම අරගෙන බාර් ගානේ සමාජ ශාලා ගානේ පිස්සු නටනවා. සමහරු කිසිම වැඩක් රැකියාවක් කරන්නේ නැතිව ලංකාවේ හිටපු පුරුද්දට දීමනා අරගෙන නිකන් ඉන්න හදන්නේ. මේ රටේ හැමෝම මහන්සි වෙලා වැඩ කරනවා. මේ ගොල්ලන් නිකන් ඉඳල සල්ලි ගන්නයි ජීවිතේ පරදුවට තියලා එන්නේ. කවුරු හරි කියන්න අර දරුවා වඩා ගෙන ඉන්න අම්ම මොන රස්සාව කරන්න පුළුවන් කමටද මේ ජීවිතේ පරදුවට තියලා ආවේ කියලා. (නදී)
ලංකාව ගැන බොරු කියන්න දෙයක් නෑ. ඇත්ත තත්ත්වේම කොච්චර නරකද? (නදී)
පව්, ඇයි මේ අයව ෆොටෝ ගහල දාන්නේ? නිකන් මිනි මරපු අය වගේ, රටේ හම්බ කරන මුදලින් හොඳට ඉන්න බැරි නිසානේ. කව්ද වැරදි??? (දී)
අනේ අර අසරණ පොඩි ළමයි මොන දන්නවා ඇත්ද ? මේ අම්මල තාත්තලා උනත් තමන්ගේ ළමයි මරුකටේ තියාගෙන මේ වගේ ඔය රටට එක්කගෙන යන්නේ අපේ රටේ තියන හොඳ මදි වෙලාද ? (දී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ විදියටම දරුවෙක් කර පින්නාගෙන සරණාගත විසා එක්ක අපේ ප්‍රදේශයට ආපු ලංකාවේ තරුණ කාන්තාවකට අපි ලාංකික පවුල් කීපයක් එකතු වී උදව් කළා. අන්තිමේදී කන්න දීපු අත හපල කෑවා. ඒ කාන්තාව උදව් කල එක ලාංකික පවුලක දියණියගේ සැමියාට අයිතිවාසිකම් කියන්න ඇවිත් තමා අපේ උදව් පදව් එතැනින්ම ඉවර වුනේ. (ස)
වැඩේ නම් වැරදියි. මේවා අනුමත කරන්න බැහැ.හැබැයි අපි හොයලා බලන්න ඕනෑ ඇයි මෙයාලා මෙච්චර අවදානමක් අරගෙන යන්නේ කියලා (නි)
ගෙනවානම් දැන් රස්සාවල් දෙන්න, රස්සාවක් නැති නිසානේ ඔහොම යන්නේ පුංචි ගාණක්දිලා, ඉන්දියාවේ පාකිස්තානේ වයසත් අඩුකරලා පාස්පෝට් හදා දීල යන්න දෙනවා ඕන දිපන්කරේකට. (අ)
තැරැව්කාරයින්ට හසුවෙන්න එපා මිනිසුනේ! (නි)
පොඩි ළමයින්වත් අරගෙන ජිවිතය පරදුවට තියලා මේ යන්නේ රටේ ප්‍රශ්න නිසා නේද? (නි)
මොකද මේ මුහුණ හංගන්න දගලන්නේ ලැජ්ජාවටද (දී)
හොරකම් කරන්නේ නැතුව මෙහෙම වැඩක්වත් කරගන්න දෙන්නේ නැහැනේ (දී)
මේ රට හොඳ නම් මෙයාල මෙහෙම යන්නේ නැහැ. හැමෝම මේකට වගකියන්න ඕනේ (නදී)
අපේ ලංකාව හොද රටක්. හැමෝටම සරු අනාගතයක් හදාගන්න මැරෙන්න හරි රටකට යන්න දගලනවා ඒ තමයි ඇත්ත (නදී)
ශාන් මෙහෙම එන සමහරු ලංකාවේ දී තමන්ට යම් යම් උදවියගෙන් ජීවිත තර්ජන තිබෙනවා කියලා බොරු කියනවා. සමහරු වෙනත් උදවියට සිදු වුන දේවල් තමන්ට වුනා කියලා බොරු කියනවා. ජීවිත තර්ජන තියනවා කියලා බොරු කියනවා. ඒ මදිවාට ඒ බොරු තමන්ට වාසි විදියට පරිවර්තනය කලේ නැහැ කියල පරිවර්තකයන්ට් තර්ජනය කල අවස්ථාත් තිබෙනවා. ඉතින් මෙහෙ කට්ටිය හිතන්නේ ලංකාව් කියන්නේ කිසිම චාරයක් නැති ගෝත්‍රික මිනිස්සු ඉන්න රටක් කියලා. (නදී)
මිනිස්සු මෙච්චර මෝඩ වෙන්නේ ඇයි? දැන් ඔස්ට්‍රේලියාවට සරණාගතයින් ගන්නේ නැහැ. එ්ක රජය දුන් ඡන්ද පොරොන්දුවක්. අනිත් එක එයාල සරණාගතයින් හැටියට ඇත්තටම ප්‍රශ්න තියන රටවල මිනිස්සුන්ට වැඩි අවදානයක් දෙනවා. තැරව්කරුවන්ගේ බොරු වලට රැවටිලා අහිංසක දරුවන්ව අනාත කරන්ඩ එපා. (නදී)
තැරැව්කරුවන්ගේ බොරු වලට රැවටිලා අහිංසක දරුවන්ව අනාථ කරන්න එපා. (නි)
මිනිස්සු මෙච්චර මෝඩ වෙන්නේ ඇයි? දැන් ඕස්ට්‍රේලියාවට සරණාගතයින් ගන්නේ නැහැ. (නි)
මේ උදවිය බහුතරයක් හිතන්නේ මෙහෙ ආවාම කිසිම වැඩක් නොකර නිකන් ඉන්න ගමන් සල්ලි ලැබෙන වාසනාවක් කියලා. දැන් නීතියට අනුව ආපු උගත් වෘත්තිකයන්ටත් මෙහෙ රැකියා ගන්න අමාරුයි . ඔක්කොම දීමනා කප්පාදු කරලා. ළඟදී අබාධිතයන්ටත් වැඩ කරන්න කිව්වා ඔවුන්ගේ සහන දීමන වෙනුවෙන්. බෝට්ටුවෙන් ආවාට කමක් නැහැ කියමු. ඇවිත් තමගේ රට ගැන කියන බොරු ටික. වංචාවෙන් සරණාගත විසා අරගෙන ඊට පස්සේ සමාජගත කලාම හැසිරෙන්නේ හරිම ලජ්ජා සහගත විදියට. මම මේ කියන්නේ යුද්ධයෙන් පීඩා වුන උදවිය ගැන නෙවෙයි. ආර්ථික සරණාගතයන් ගැන. තමන්ගේ රට ගැන බොරු කියන්න පුළුවන් කෙනා ට කරන්න බැරි හොරකමක් වංචාවක් නැහැ. මේක තමා තිත්ත ඇත්ත. (නදී)
තාම අපේ මිනිස්සු හැදිලා නැහැ (දී)
දැන් ඉතින් කිසිම දෙයක් නැහැ (දී)
පව් මේ නොදරුවෝ (දී)
දැන් ඉතින් හිරේ තමයි (දී)
ඉල්ලන් කනවා කියන්නේ මේකට තමා (දී)
අයියෝ සල්ලි (දී)
කොච්චර දැනුවත් කිරීම් කරනවාද? දැන් ඉතින් මදි නොකියන්න හම්බ කරගන්නකො (දී)
මේ උදවිය මෙහෙ ඇවිත් කියන බොරු වලට අපිට හරි ලැජ්ජයි. ආවාට කමක් නැහැ තමන්ගේ රට ගැන බොරු නොකියා. දැන් දැන් මෙහෙ එන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වුන ප්‍රදේශ වල උදවිය නෙවෙයි. . (දී)
දැන් ලංකාවේ අයට බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවට යන්න තරමට රට දියුණු වෙලා නේද? (නි)
ඇයි මිනිසුන්ට ඇත්ත තේරුම්ගන්න බැරි? (නි)
මේ අය ඇවිල්ලා මෙහෙ ලංකාව ගැන හරිම කැත විදියට බොරු කියනවා. ඊටපස්සේ මෙහෙ ඉන්න අනිත් රටවල මිනිසුන් හිතන්නෙත් ලංකාව කියන්නේ කිසිම කෙනෙකුට ජීවත්වෙන්න බැරි රටක් කියලා. මෙහෙම බෝට්ටු වලින් ආපු කෙනෙකුට උදවු කරන්න ගිහින් මගේ ලාංකික යාලුවෙක් අමතක නොවෙන පාඩමක් ඉගෙන ගත්තා. (නි)
මේ සේරම මිනිස්සුන්ගේ තණ්හාව නිසා (දී)
මේ උදවිය බහුතරයක් මෙහෙ එන්නේ කිසිම වැඩක් නොකර නිකම් ඉඳලා දීමනා වලින් ජීවත්වෙන්න පුළුවන් කියන හැගීමෙන්. ෂෙරිෆ් මහතා දන්නවා නම් මේ උදවිය අපේ රට ගැන ඇවිල්ලා කියන නරක කතා ටික.... අපි නම් අද වෙනතුරු පිටරටක ජීවත් වුණත් උපන් රට ගැන මෙහෙ මිනිසුන් එක්ක වැරදි කියන්න තරම් පහත් තත්වයකට වැටිලා නැහැ. (නි)
කියන දේ අහන්නේ නැත්නම් මෙහෙම වුණාට අපිට දුකක් නැහැ (නි)
මෙහෙ ඇවිල්ලා ලංකාව ගැන කියන බොරු වලට මෙහෙම වෙලා මදි. හරියට නීත්‍යානුකුල වීසා අරගෙන ආ උදවියටත් ප්‍රශ්නයක් මේ ගොල්ලන්ගේ වැඩ (නි)
මේ බොරු කාරයන්ව භාර ගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ . මෙහෙ ඇවිල්ල කියන බොරු වලට අපිට පොලව පලාගෙන යන්න හිතෙනවා. (අ)
දැන් දැන් රට යන අතට ඉක්මනින්ම පවුල් පිටින්ම ඉතියෝපියාවට,සෝමාලියාවට,සුවාසිලන්තයට,ඇෆ්රිකාවට,,කෙන්නියාවට, උගන්දඩාවට හෝ පැන ගත්තනම් ගොඩම තමයි. (අ)
දැන් ලංකාවම එහි ජීවත් වෙන මිනිසුන් සමගම දෙසපාලකයන්ට බාර දීලයි තියෙන්නේ. (අ)
ලංකාවේ තුන් වේල කාල ඇදල ලංකාවට වෙලා ඉන්න බැරි හැටි.අම්මපා.(අ)
කියන දේ නොතේරෙනවා නම් වෙන මොනවා කරන්නද? (නි)
ඉදිරි මැතිවරණයෙනුත් මොලේ කල්පනා කරලා තමන්ගේ චන්දය පාවිච්චි නොකලොත් අපි හැමෝටම දරුවන් සමගම ගගට මුහුදට තමයි පනින්න සිද්ද වෙන්නේ. (අ0
මේ විදියට බෝට්ටු වලින් ආ අපේ සමහර කාන්තාවන්ගේ චර්යාව ගැන කියන්න ලැජ්ජයි. සරණාගත වීසා ලබා සමාජයට මුදාහැරි පසු ඔවුන්ට තමන්ගේ දරුවන් සැමියා අමතක වෙන සිද්ධිත් තිබෙනවා. (නි)
සංතා ඔයා මේ මිනිස්සුන්ට රක්ෂා හොයලා දෙනවාද? අඩුම තරමේ මූලික අවශ්‍යතා ටිකවත් කරදරයක් නැතිව ලබාගන්න පුළුවන් වැටුපකට (අ)
දැන් ලංකාවේ ඒක පුද්ගල අදායම ඩොලර් 4000 දක්වා වැඩි කරලා තියෙද්දිත් මොකට පිට රටකට කබුරන්න යනවද මන්ද ? (අ)
රටකට බලෙන් ඇතුලුවන්නට බැරිබව දැන දැන ලක්ෂ ගණනින් මුදල් දී යන්නේ තණ්හාවට නොවේද? මේ මුදලට අඩු මුදලක් දීලා සංචාරක වීසා එකකින් ගියා නම් රටවත් බලා එන්න තිබුනා (නි)
මේ මොන පාපයක්ද අර පුංචි එවුනුත් වඩාගෙන අර අම්ම කරන්නේ, යන්තන් හරි කාල බිල ලංකාවේ ඉන්න පුළුවන්, දුප්පත් කමට රට ගිය කියන්න බැහැ වැඩි තන්හාවට යන්නේ, මේ ඉන්න ඉලන්දාරි ටිකට දවස් කුලියට වැඩට ගියත් රුපියල් 1000ක් හොයාගන්න පුළුවන් ලංකාවේ ඉදන්ම, පොඩි එවුන්ගෙත් ජීවිත බිල්ලට තියාගෙන මහ මුහුදේ අනතුරු දායක ගමන් යන්න ඕන නැනේ, (අ)
2500 යෙන් ජීවත් වෙන්න බරිනිසනේ මේ ! (අ)
මේ අයට හිරේට දැම්මම පැය විසි හතරම අමරදේව මහතාගේ 'තන්හා ආශා....' සින්දුව ඇහෙන්න සලස්වන්න ඕනේ. (අ)
බොහොම අසරණ මිනිස්සුවගේ පෙන්නේ පව් අපි වගේ නීත්‍යනුකුලව එන්නකෝ
හරිම ලජ්ජා කාරයෝ ටිකක්. (අ)
අනුන්ට අත පාන්නේ නැතිව අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැතිව යහපත් ජීවිතයක් හොයන් ගිය ඒ සියලු දෙනාට සිදුවූ කනගාටු දායක ඉරණම ගැන ගොඩාක් දුකයි. මේ මිනිස්සුන්ට මන් මුලින් කීව සියලුම දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා නේද. තමන්ගේ ජීවිතයත් අරමුණුත් සියලුම දේවල් අනතුරට පත්කරගෙන තියෙන්නේ මෙයාලමයි. අනතුරු දායක දේවල් නොකර ඇති හැකි අයුරින් ලුනුයි බතුයි කාල හරි ජීවත්වෙන එක සැපයි කියල හිතෙන්නේ මේ වෙලාවට. (දී)
පිස්සු. (ස)
හොඳ වැඩේ (නදී)
ඇයි මේ පුද්ගලයින් එපා කියනදේම කරන්නේ? (නි)
ලෝකයේ ජීවත් වෙන්න හොඳම රට දාලා යන්නේ ඇයි? (නි)
ප්‍රථමයෙන් රටේ ජීවත්වීමට සරිලන ආර්ථිකයක් ඇති කිරීමට රජය වගබලා ගත යුතුයි. රටේ ත්‍රස්තවාදයක් නැති කළා වගේම මිනිසුන්ට ජීවත්වීමට සරිලන ආර්ථික වාතාවරණයක් ඇති කිරීම බලධාරින්ගේ වගකීමක්. (නි)
මේ අය අසරණ දුප්පත් අපේම ලංකාවේ පුරවැසියෝ, අපේ රටේ ජීවත්වෙන්න අමාරු නිසා මේ හැමදෙයක්ම කරන්නේ, පාලකයෝ රජ සැප විඳිනවා, දුප්පතා අන්ත අසරණව බලු දුක් විඳිනව, රජයෙන් දුප්පත් ජනතාවට කිසිම සහනයක් ලබාදී නැහැ, ඔන්න ඔහොම තමයි අපේ රටේ වර්තමාන තත්ත්වය, (අ)
මොකට එහෙ ගියාද ? මෙහෙ මෙච්චර ආශ්චර්යමත් දේවල් තියෙද්දී. (අ)
මොනවද මෙ වෙන්නෙ? කබලෙන් ලිපට වැටුනාක් මෙන්. (ස)
අසරණකමටනේ මේ හැමදේම කරන්නේ (නි)
ඔවුන් පවු! ගොඩක් දුකයි (නි)
මිනිස්සුන්ගේ නැතිබැරිකම නිසයි මේ ඔක්කම . (අ)
රටේ වගකිව යුත්තෝ මේවට වගකියන්න ඕනේ.. හොරෙකුට කීයක් දෙන්න ඇද්ද මේ ගමන යන්න .......අන්න එම පුද්ගලයා අල්ලගන පාඩමක් උගන්නවන්න ඕනේ (දී)
පෙනේව නේද අර පුංචි දරු පැටවුත් අරගෙන මෙවෙනි බයානක ගමන් යන හැටි .. ඔස්ට්‍රලිවේ ගිහින් මොනවා කරන්න හිතන් යනවද දෙයියෝ තමයි දන්නේ ......කාටහරි පුළුවන් නම් එම දරුවා සහ අම්මගේ විස්තර මට දන්වන්න .එයාලට ලංකාවේ ඉඳගෙන ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් මම සලස්වන්නම් (දී)
කවුද මහත්තුරුනේ ජිවත් වෙන්න බැරි කමට ඕස්ට්‍රේලියා යන්නේ..මේ යන්නේ යම් වත් කමක් තියෙන මිනිස්සු...මේ ගමන නිකන් එක්ක යනවා කියල හිතුවද? මේ රටේ ඉන්න නැති බැරි මිනිස්සුන්ට නින්දා කරන්න එපා..ඒ මිනිස්සුන්ට ලක්ෂ ගණන් මෙහෙම හොරුන්ට පුදන්න නැහැ.මේ තියෙන්නේ සැපවත් ජීවිතයකට ඇති තන්හාව.තණ්හාය ජායති සෝකෝ කියල බුදුන් වදාලේ මේ වගේ පුද්ගලයින්ට උපමා වෙන්න තමයි.(දී)