කුරුඳුවත්ත ටොරින්ටන් හි රාජ්‍ය බැංකුවට පැමිණි තුරුකි ජාතිකයන් දෙදෙනෙක් විදෙස් මුදල් මාරු කරන මුවාවෙන් පැමිණ මුදල් අයකැමි කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 5 කට අධික විදෙස් මුදල් සොරාගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
සැලසුම් සහගතව බැංකුවට පැමිණි මෙම දෙදෙනාගෙන් එක් අයෙකු විදෙස් මුදල් මාරු කිරීමට ගොස් මුදල් අයකැමි කාන්තාව රවටා ඇය අත තිබූ විදෙස් මුදල් නොට්ටු මිටිය ඉල්ලාගෙන ඉන් නොට්ටු 35 ක් හොර රහසේ ලබාගෙන ඇති අතර සවස මුදල් ගණනයේදී ඇති වූ වෙනසක් අනූව සැක ඇතිවී සීසීටීවී දර්ශන නැරඹීමෙන් මෙම සොරකම හසු වී ඇත.
ඒ අනූව පොලිස් පරීක්ෂණ අරඹා ඇති අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා රටින් පැන ගොස් ඇත. සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පතන බවද කුරුඳුවත්ත පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙ මෙවැනි උගත් අයද බෑන්ක් වල වැඩ කරන්නේ. ලජ්ජා විය යුතුය. (ර)
විදේශිකයෙක් දැක්කොත් අපේ කාන්තාවන්ට සිටින තැන අමතක වේ (ම)
කොහොමත් සුදු හමක් දැක්කොත් අපේ අයට හරි ලොකුයිනේ (නි)
බැංකුත් එහෙම නම් සාමාන්‍ය හොරු ගැන කියනු කවරේද? (නි)