කුරුඳුවත්ත ටොරින්ටන් හි රාජ්‍ය බැංකුවට පැමිණි තුරුකි ජාතිකයන් දෙදෙනෙක් විදෙස් මුදල් මාරු කරන මුවාවෙන් පැමිණ මුදල් අයකැමි කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 5 කට අධික විදෙස් මුදල් සොරාගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
සැලසුම් සහගතව බැංකුවට පැමිණි මෙම දෙදෙනාගෙන් එක් අයෙකු විදෙස් මුදල් මාරු කිරීමට ගොස් මුදල් අයකැමි කාන්තාව රවටා ඇය අත තිබූ විදෙස් මුදල් නොට්ටු මිටිය ඉල්ලාගෙන ඉන් නොට්ටු 35 ක් හොර රහසේ ලබාගෙන ඇති අතර සවස මුදල් ගණනයේදී ඇති වූ වෙනසක් අනූව සැක ඇතිවී සීසීටීවී දර්ශන නැරඹීමෙන් මෙම සොරකම හසු වී ඇත.
ඒ අනූව පොලිස් පරීක්ෂණ අරඹා ඇති අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා රටින් පැන ගොස් ඇත. සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පතන බවද කුරුඳුවත්ත පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සල්ලි මාරුවට ඇවිත් සල්ලි අරන් මාරුවෙයි
ඉරාජ් Wednesday, 25 May 2016 06:43 PM
අනෙ මෙවැනි උගත් අයද බෑන්ක් වල වැඩ කරන්නේ. ලජ්ජා විය යුතුය. (ර)
සමන්ති Wednesday, 25 May 2016 09:37 PM
විදේශිකයෙක් දැක්කොත් අපේ කාන්තාවන්ට සිටින තැන අමතක වේ (ම)
නිරාන් Wednesday, 25 May 2016 11:11 PM
කොහොමත් සුදු හමක් දැක්කොත් අපේ අයට හරි ලොකුයිනේ (නි)
උපාලි Thursday, 26 May 2016 01:55 AM
බැංකුත් එහෙම නම් සාමාන්‍ය හොරු ගැන කියනු කවරේද? (නි)