රුපියල් ශත ඔස්සේම හඹා නොගොස් අසරණ රෝගීන් වෙනුවෙන් සේවය කරන ලෙස තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
‘දෙයියො ළඟට ගිහින් රුපියල් දාහේ නෝට්ටුවක් පූජා වට්ටියක තියලා ලැබෙන පිනට වඩා අසරණ දුප්පත් ලෙඩෙක් සුව කර ලැබෙන පින බොහෝ බලවත්. ඒ නිසා සල්ලි පස්සෙම යන්නේ නැතුව අසරණ රෝගීන්ට සේවයක් කරන්න.‘
දේශීය හා විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලැබ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් 341 දෙනකුට සීමාවාසික වෛද්‍ය පත්වීම් දෙමින් ඇමැති මේ උපදෙස් දුන්නේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක, ඔබ වගේම හිමාලිගේ කතාව මමත් 100%ක්ම අනුමත කරනවා. ඇමරිකාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, විතරක් නෙමෙයි අසල්වැසි ඉන්දියාවේ පවා ඉන්නේ නිහතමානි වෛද්‍යවරු. නමුත් අපේ දොස්තරලා පිනට ඉගෙනගන්න නිසා වෙන්න ඇති අන්තිමට අපිට එහෙම කරන්නේ. ඉන්දියාවේ පවා වර්තමානයේ ඕනෑතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා. ඒ හරහා අද ඉතාම දක්ෂ වෛද්‍යවරු බිහිවෙනවා. එහෙම ක්‍රමයක් තමයි ලංකාවටත් අවශ්‍ය වෙන්නේ. එතකොට ඔය වෛද්‍ය මාෆියාව බිඳ වැටෙනවා. (නි)
අපිට කොහෙන්ද මහත්තයෝ ඔය සැප? (නි)
අපි දැන් මේවා අහන්න කැමති නැහැ (නි)
මුදල් හා බලය පසුපස යන්නේ පරාජිතයෝය (නි)
අපි ඉන්න රටෙත් දොස්තර මහත්වරුන් ඉතාමත්ම කරුණාවෙන් විස්තර කියලා දෙනවා.රෝගියාව පුළුවන් තරම් දැනුවත් කරනවා.ලංකාවේ ඉන්න අපේ පවුල්වල ඉන්න කට්ටිය දොස්තරලා ගැන කියනකොට අපි විඳින පහසුකම් එයාලට අහිමිවීම ගැන විශාල දුකක්, කණගාටුවක් හිතට දැනෙනවා. (නි)
සරත් දුක් වෙන්නේ දොස්තරලගේ වැටුප ගැන නමුත් ඒ හා සමාන උපාධි යක් සහිත අනෙකුත් රජයේ සේවකයාගේ වැටුප මෙන් දෙගුණයක් (අති කාල දීමනා සමග) ඔවුන් ලබන බව නොදන්නවා විය හැකි. (ස)
ඔය අවවාදය දොස්තරවරුන්ට දෙන්න කලින් රටේම දොස්තරකම කරන එයත් අයිති කණ්ඩායමට දීලා හිටියා නම් නේද හොඳ? (නි)
ඉනෝකා, ඔයාගේ දුක බෙදාගන්න මාත් කැමතියි. අපේ රට දුකෙන් මිදේවා! (නි)
නවෝද්, චානක, ඉනෝකා, ඔබ වගේම හිමාලිගේ කතාව මමත් 100%ක්ම අනුමත කරනවා.එහෙම ක්‍රමයක් තමයි ලංකාවටත් අවශ්‍ය වෙන්නේ. එතකොට ඔය වෛද්‍ය මාෆියාව බිඳවැටෙනවා. (නි)
මිනිස්සු ඔයාව හොඳට දන්නවා (නි)
ලංකාවේ දොස්තරලා පමණක් නොවේ නොමිලේ ඉගෙනගත් රේගු නිලධාරීන්,බැංකු නිලධාරීන් ,පරිපාලන නිලධාරීන් ,හෙදියන් හැමෝම දුප්පත් මහජනතාවට පුම්බනවා (නි)
ඉතින් ඔය කවුරුවත් ඇමතිලා කාලේ සල්ලි හෙවුවේ නැද්ද...? (නි)
ඔබතුමා තවමත් වෛද්‍යවරයකු වශයෙන් සේවය කරනවද? ඇයි දේශපාලනයට පිවිසුනේ? ඇමතිවරයකුට ලැබෙන වැටුප සහ වරප්‍රසාද රජයේ වෛද්‍යවරයකුටත් ලැබෙනවද? නැත්නම් කරුණාකර ඔබතුමා ක්‍රියාවෙන් ඔප්පුකොට ඉන්පසුව අවවාද දෙන මෙන් ඉල්ලමි. (නි)
පොඩ්ඩක් ඉන්නකෝ ලීල්. (නි)
පුෂ්පකුමාර, හැමෝටම නොමිලේ අධ්‍යාපනය දෙනවා. ඒවා ප්‍රයෝජනයට අරගෙන වෛද්‍යවරු වෙන්නේ කීප දෙනයි. අනෙක් අය ඒකෙන් ප්‍රයෝජන නොගෙන රස්තියාදු ගගහා ඉන්නවා. ඒකට වෛද්‍යවරු පලි නැහැ. නිදහස් අධ්‍යාපනයෙන් නිසිඵල නොගන්නවා නම් ඒ ගිය වියදම අයකරගන්න ඕනෑ. (නි)
රජයේ පත්වීම ලබාදීම තැපැල් පියුන් මහත්වරුන්ට බාරදෙන්න කාලය හරි. ලියාපදිංචි තැපෑලෙන් නැත්නම් ඊ-මේල් එකකින් පත්වීම එවන්න. (නි)
සල්ලි පස්සේ යන්නේ නැතිව පුත්‍රයා වාගේ හැදෙන්න බලන්න (ම)
හිමාලි , ඉන්දික සහ චානක ලොස් ඇන්ජලිස් ගේ අදහස් මමත් අනුමත කරමි , (ම)
පොඩ්ඩක් බලන්නකෝ පත්වීම් දෙන අයගේ මුනේ තියන සිරියාව.ඔයාල ඔය මිනිස්සින්ට ආදරේට වෙදකම් කරන නෙවෙයි ඉහෙමත් ය ඉන්න්නවා සුළුම ප්‍රමාණයක් වැඩි හරියක් ඉන්නේ වරප්‍රසාද නම්බුනාම බලාපොරොත්තුවෙන් ඔය රාජකාරිය කරන අය.(ම)
මෙතන අදහස් ප්‍රකාශ කරපු බහුතරයක් දෙනා දොස්තර වරුන්ට එකපාර්ශිකව අසාමාන්‍යය ලෙස බැනල තියෙනවා. නමුත් සුළුතරයක් කරන වැරදි වලට සමස්ත වෛද්‍යවරුනටම බනින එක හරිද කියලා නැවත්තත් හිතල බලන්න. (ම)
ලංකාවේ දොස්තරලා නොමිලේ ඉගෙනගෙන මහජනතාවගෙන් මංකොල්ල කනවා කීවත් නිවැරදි? විනාඩි පහක් බලන්න රු. 1500-2000 හෝ ඊට වැඩිය අයකරනවා. 1977 ට පෙර රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික සේවය තහනම් කරලා තිබුණා. බොහෝ රටවල එය තවමත් එහෙමයි. (ම)
ඉස්සරවෙලාම මේ වගේ දේශපලකයන්ව එන ඡන්දෙන් ගෙදර යවන්න කියල මම කළුතර දිස්ත්‍රික්කයේ සියළුම ඡන්දෙ දායකයන්ගෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපේ රට දියුණු කරන්න පුළුවන් ඉක්මනින්ම. (ම)
මේ රාජිත කියන පුද්ගලයට විරුද්ධව මම දන්නා තරමට ඉතාම බරපතල චෝදනාවක් වන ගැණු ළමයෙක් පැහැර ගැනීමට උසාවියක නඩුවක් තියෙනවා. මට හිතාගන්න බැරි කොහොමද මෙයා එහෙම බරපතල චෝදනාවක් තියෙද්දී ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදිහට කටයුතු කරන්නේ කියල. මෙය ඒ චෝදනා තියෙන තෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. මෙය පිළිකුල් සහගත වැඩක් (බ)
සත්‍යා මගේ දුක බෙදා හදා ගත් කාරුණික ඔබටත් සහන්ටත් මගේ ස්තුතිය පුද කරමි. (ම)
මෙතැන් මේ කෑගහන අය හොයල බලන්න දොස්තරලට ලැබෙන වැටුප කීයද කියල.මම දොස්තර කෙනෙක් නෙවයි .හැබැයි මගේ යාලුවෝ ඉන්නවා. දුක හිතෙනවා ලැබෙන වැටුප අහපුවහම.(ම)
මා මේ ලියන සිදුවීම ලංකාවේ කාවවත් අපහාස කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න.මෙහි අප හොදින් දන්නා වෙද පියාණන් සිංහල බෞද මඩකලපුවේ ඉපදුන කෙනෙක්. එම මහතා දෙමල රෝගීන් සමග ඉතාමත් කුළුපගව ද්‍රවිඩ බාෂාවෙන් තමයි කතා කරන්නේ.වෙලාව අවේලාව නොබලා මහත් කරුණාවෙන් රෝගීන්ට ඇප උපස්ථාන කරන එවන් වෙද දෙවිවරුන් ලංකාවෙත් බිහිවේවා!!! (ස)
මේ ධිවර අමතිකලේ මලු විකුණලා අමාරුවෙන් ධිවර නැව් 8 ක් ගත්ත දත් දොස්තරනේ (ම)
හරි විහුලුකාරයෙක් වෙලානේ.(හේ)
කටින්ද ඔබ කතා කරන්නේ.තමන් රජයේ රෝහලක සේවය කරන කොට එම ස්ථානයේ රාජකාරිය නොකර පෞද්ගලික තැනක වැඩ කරලා සල්ලිද මොනවාද ගත්තේ.රජයේ පඩියට වැඩක් කලාද?(හේ)
වෛද්‍යවරු ඔක්කොමලා දෙවිවරු.එත් රුපියලක්වත් නොගෙන බෙහෙත් කරන සිංහල පරමපාරික වෛද්‍යවරු පසේ බුදුවරු. (හේ)
දොස්තර කෙනෙක් ලෙඩෙක්ව පෞද්ගලිකව චැනල් කරන්න රුපියල් 2500ක් විතර ගන්නවා කියලා දන්නේ නැද්ද? ආණ්ඩුවේ රෝහලේ ලෙඩ්ඩු ටික එහෙන් මෙහෙන් බලලා පෞද්ගලික සේවයට ලොකු ගණන් අරගෙන යනවා චැනල් සේවයට. උදේ 10 චැනල් නොම්මරේ ගත් කෙනාව චැනල් කරන්න දොස්තර දුවගෙන එන්නේ හවස 3ට. කරුණාකරලා මේ ගසාකෑම පොඩ්ඩක් බලන්න. (නි)
කතාව නම් බොහොම හොඳයි (නි)
ඔබතුමා හිතන්නේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලද? තමුන්ගේ හදවතින් ඇහුවා නම් කියයි ඔබ දැන් සිටිය යුත්තේ කොහෙද කියලා. (නි)
දොස්තරලා කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් අය'. මෙතන දොස්තරලට බැනපු ගොඩක් අය නිදහස් අධ්‍යාපනයේ මුදල් විනාශ කරපු අය. දොස්තරලා උදේ 8ත් හවස 4ත් අතැර චැනල් සේවාවේ යෙදීම වැරදි. කෙලෙහිගුණ නොදන්නා කමට කියන කතා මේ. සල්ලි තියෙන මිනිස්සු චැනල් වලට ගියාම හොස්පිටල් එකේ ලෙඩ්ඩු අඩුවෙනවා. (බ)
කාටද ආඩම්බර මෙහෙම මිනිස්සු ඉන්න රටක ඉන්නකොට? (නි)
මේ කියන විදිහටම කරනවා නම් කොච්චර හොඳද? (නි)
දොස්තර සංගම් මාෆියාවක් මෙන් සංවිධානයවී බුවල්ලෙක් මෙන් ලංකාවේ සෞඛ්‍ය සේවය වෙලාගෙන සිටි , මොවුන්ට විරුද්ධව යමක් කිරීමට අපහසු වී ඇත්තේ මොවුන් රටේ තිබෙන අනිකුත් මාෆියා වල සාමාජිකයන්ට වඩා උගත් සහ බුද්ධිමත් නිසාය , මොවුන් අනිකුත් මාෆියා සංවිධාන මෙන් ප්‍රසිද්ධියේ තර්ජන නොකරති , ප්‍රසිද්ධියේ මිනි නොමරති , නමුත් හිටිහැටියේ වර්ජන කරති එමනිසා ලෙඩ්ඩු මැරේ, ලෝකයේ දියුණු රටවල සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන්ට හිතු පරිදි වඩා වර්ජන කළ නොහැක (බ)
හිස් කන්නාඩියකින් මුණ බලාගෙනම ඔය කතාව කිව්වා නම් තමා වටින්නේ (අ)
මේ අය තාම කිසි දෙයක් කරලා නැහැ .තාම ෂෝ එක අරගෙන යනවා (ම)
රජයේ රැකියාවලට අලුතෙන් පත්වීම් දෙනවිට දැන් ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ "පත්වීම් ලිපි ප්‍රධානය" නමැති කාර්යයේ තේරුම කුමක්ද? ඉස්සර රජයේ රැකියාවලට පත්කරනවිට "පත්වීම් ලිපි ප්‍රධානය" කළේ ගමේ තැපැල් පියුම් මහතා වූ අතර එයට වැයවුයේ තැපැල් ගාස්තුව පමණයි.දැන් ඇමතිවරුන් අතින් "පත්වීම් ලිපි ප්‍රධානය" කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මෙය ඔවුන් විසින් දෙන පුද්ගලික දෙයක් හා ඒ වෙනුවට ඔවුන්ට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වනබවද? රාජ්‍ය සේවයේ අපක්ෂපාතභාවය ඇති කිරීමට ස්වාධීන කොමිෂන් ඇතිකිරීම පමණක් නොව මෙවැනි දේ නැවැත්වීමටද අවශ්‍යය. (නි)
මෙතන කටිටිය ඔහේ බුරන්න පටන් අරගෙන. ඒ කතාව ඇත්ත තමයි. හරිනම්, වෛද්‍ය වරුන්ට නොමිලේ අධ්‍යාපනය දීමත් නතර කරන්න ඕනා. අපේම මුදල් වලින් ඉගෙනගෙන ලෙඩ්ඩුන්ට නොසලකන අය. චැනල් සෙන්ටර් එකේදී නම් හරිම ආදරෙයි. හැබැයි විනාඩියෙන් පරික්ෂා කරලා ඉවරයි. අපේ රටේ ඉන්නේ දොස්තර මුදලාලිලා. (අ)
සරත්, මෙහෙමනේ වැඩේ. එයාලා ගෙදරින් ගෙනල්ලානේ මේ පත්වීම් දෙන්නේ. රාජ්‍ය සේවයට අලුතෙන් එන අයව දේශපාලනීකරණය කරන්නේ මේ අයමයි. ලැජ්ජයි. (නි)
අපිට තව දුරටත් නිකන් අධ්‍යාපනය දෙන්න බැහැ. විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනය. එයාල වැඩකරලා හම්බකරන එකෙන් 5% ආණ්ඩුවට හෝ ආධායම් බදු දෙපාර්ථමේන්තුවට ගෙවන්න නියම කරන්න. (අ)
මුඛ දහසක් නැතිව ලංකා දේශපාලනය කරන්ට බැරිබව මේ කතාවෙනුත් ඔප්පුවෙනවා.(බ)
රාජිත සේනාරත්න කිවුවාම අද රටේ ඇබිත්තන් කොලු ගැටයාගේ ඉඳං ඔක්කොමලා දන්නවා නොවැ. එහෙම එකේ මේ කතා කුමට අගනවාද මන්දා.? (ම)
කතාව දෝලාවෙන්....ගමන පයින් වගේ තමා....(අ)
බණ කියකියා දුම්මැසස අත ගානවා කියන්නේ ඕවට තමා.(අ)
අපේ රටේ ඉගෙන ගත්තු දොස්තර මහත්තුරුන්ගෙන් හා දොස්තර නෝනලාගෙන් නම් රෝගයක් ගැන පැහැදිලි විස්තරයක් අහලා දැන ගන්න බැහැ. හරිම ආඩම්බර කාරයෝ. ලෙඩක් සම්බන්ධව විස්තරයක් ඇහුවොත් කියන්නේ එයාලට උගන්වන්න එනවා කියලයි. අන්න ඒක නිසා තමයි ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකරලා වැඩිපුර වෛද්‍යවරු බිහිකරන්න ඕනා කියලා අපිට හිතෙන්නේ. (අ)
ඉස්සෙල්ලාම ඔය ආදර්ශය රටට දෙන්න ඕනේ දෙසපාලකයන් වන ඔබලායි. මුදලට බලයට තිබෙන ලෝබ නිසා බලන්න අල්ලස් හා දුෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන තරමක් තිබෙන්නේ කාට එරෙහිව ගොඩ ගැහුණු ෆයිල්ද කියා ? (බ)
හිමාලි ..මම ඔබගේ කතාව 100% ක් අනුමත කරමි .මම එක තමයි හෙමවිටම පෙන්වන්න උත්සාහ කරන්නේ මේ අපි විඳින නීතිගරුක යුක්තිගරුක හා තම මිනිස් අයිතිවාසිකම් ඇයි අපේ ලාංකිකයන් ට විඳගන්න ක්‍රමයක් බිහි නොවන්නේ කියලා ....ඇත්තටම හිමාලි මෙහි දොස්තරලා කිසිම ආඩම්බර කමක් පෙන්වන්නේ නැහැ ,,ඔවුන් තම සේවාදායකයා සමග රෝග විස්තර කතා කරන්නේ ඉතාමත් කුලුපගවයි ....ඕනෙම ප්‍රශ්නයක් ඇසුවිට උත්තර දෙනවා පමණක් නොව එයට ලබාගන්න බෙහෙත් වලින් ඇතිවෙන අතුරු තිබේනම් රෝගියාට සම්පුර්ණ විස්තරයක් කාලය අරගෙන පැහැදිලි කර දෙනවා ..එපමණක් නොවෙයි අවසාන මොහොතේදී මොනවාද ඔබට තවත් තිබෙන ප්‍රශ්න කියා අහන්න අමතක කරන්නේ නැහැ.(අ)
මෙයාත් එහෙමනේ වැඩ කරන්නේ .. සල්ලි ගැන හිතන්නෙම නැහැ (ම)
හා හොඳයි මහත්තයෝ.... අනේ මොකටද මගේ කට? (නි)
සම්පත්, ඔබ වැනි බක පණ්ඩිතයින් නිසා තමයි සමාජයක් හෝ රටක් නිසිමඟට ගන්න බැරි. ඔබගේ ආකල්ප තුළ මනසක පහළවෙන සිතුවිලි වලට අමතරව ක්‍රියාත්මක වෙනත් ක්‍රියාකාරකමක් සිදුවෙන බව මට හැඟෙනවා. ජාතික පාසලකට ලක්ෂ ගණන් ගෙවා සිසුවෙකු ඇතුළත් වුණත්, නිදහස් අධ්‍යාපනයේ උපකාරයෙන් දැනුම ලබාගන්න කවරකු හෝ සමාජයේ කිසියම් වූ වෘත්තියක නියැළෙන බව අපි කවුරුත් දන්නවා. එතැනදී, සැවොම වෛද්‍යවරු හෝ විධායක ශ්‍රේණියේ රැකියා නොකළත් පාසලෙන් ලබාගන්න දැනුම ප්‍රයෝජනයට අරගෙන පෙදරේරු, වඩු ඇතුළු කාර්මික ක්ෂේත්‍රයේ නියැළෙන ඉතාම දක්ෂ පිරිස් ද රටක් තුළ සිටිනවා. අනික නිසි අධ්‍යාපන පිළිවෙතක් තුළ බිහිවිය යුත්තේ උද්දච්චයින් නොව යහපත් විනයගරුක පුරවැසියන් බව බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ අපි කවුරුත් දන්නා අඩුපාඩුව පෙන්වා දුන් සැමට ස්තුතියි! සම්පත්, ඔබට නම් ඉතින් ලංකාවේ දොස්තරලගේම පිහිටයි!! (නි)