මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අවසන් සේවකයන් 150 දෙනා අද (28) ඉවත් කළ බව චීන කොන්ත්‍රාත් සමාගම කියයි.මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 8ක් ඇතින් කළුගඟ ජලාශය ඉදිවෙයි.45%ක් පමණ වැඩ අවසන් කර ඇති අතර කිසිඳු දැනුම් දීමකින් තොරව තමන් ඉවත් කළ බව සේවකයෝ කියති

මෙම වැඩ බිමේ 600ක් පමණ සේවකයෝ වැඩ කළහ.ඉන් වැඩි දෙනා චීන ජාතිකයෝය.සේවකයකුට රුපියල් 1000ක පමණ දෛනික පඩියක් ලැබු බවද කියති.අද වැඩ අහිමි වූ වැඩි දෙනා ශ්‍රී ලාංකිකයෝය.

ඔවුහු චීන සමාගමේ කොන්ත්‍රාත් කාර්යාලය අසල මහා වැස්සේ උද්ඝෝෂණයක් ද කළහ.පොලිසිය විසින් ඔවුහු ඉවත් කරනු ලැබූහ.

චීන කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු පැවසුයේ මුදල් නැති නිසා සේවකයින් ඉවත් කර තාවකාලිකව වැඩ නතර කළ බවයි.

මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති කළමණාකරණ ආර්.බී තෙන්නකෝන් ඉංජිනේරුවරයා පැවසූයේ සේවකයින් ඉවත් නොකළ බවයි.කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් කළ බවත් කළු ගඟ ජලාශයේ වැඩ කඩිනමින් අවසන් කර 2017දී විවෘත කරන බවත් ඔහු කියයි.පමාවකින් තොරව පඩිනඩි ද ගෙවා ඇති බව ඔහු පැවසීය.

dds sdffd ss Untitled-4 Untitled-5