(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඬුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු 08 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.
එම පෙත්සම් වලට අදාළව ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියම කළේය.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය හමුවේ අද කැඳැවිණි.
නීතිපතිගේ ලිඛිත දේශන පෙබරවාරි මස 05 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන මෙන් අභියාචනාධිකරණය නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරුන්ට නියම කළේය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිර දඬුවම් ලැබුණු පසුව එළියේ ඉන්නේ කොහොමද? ඒ මදිවාට හොරුන් ටික රාජ්ය බලයත් ඉල්ලනවා.. මෙයට සම්බන්ධ එක චූදිතයෙක් විපක්ෂ නායක වෙලා. වෙන රටවල නම් මෙහෙම හොරකම් වලට හිරේ තමයි යන්න වෙන්නේ.. පුදුමාකාර නීතියක් පවතින රටක් ලංකාව...