ලබන ජනවාරි 8වැනිදා පැවැත්වෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (24) පෙරවරුවේ රුපියල් 50,000ක් ඇප තැන්පත් කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු අමරදාස මහතා පැවසීය.
ලබන ජනවාරි 8වැනිදා පැවැත්වෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (24) පෙරවරුවේ රුපියල් 50,000ක් ඇප තැන්පත් කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු අමරදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් දිනනවා. අපේ ඊ ලඟ ජනපති. (නදී)
හාමුදුරුවනේ මේ දායකයන්ගේ මුදල් නේද ? අයි මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ මිට වැඩිය අර්ථවත් දෙයකට මෙම මුදල යොමුකලා නම් ඔබ වහන්සේට පින් අත්වෙනවා (නදී)
කිසිම පදනමක් නැති මෙයාලා මේ විගඩම් කරන්නේ ප්‍රචාරක නාලිකා මඟින් ප්‍රධාන අපේෂකයෙකුට කඩේ යන්න. මේ ඇප වලට ගෙවන්නෙත් එයාලා. (නදී)
දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත. දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි. මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත. මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු. (නදී) මෙවර මැතිවරණයේදී, ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව, ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව, ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව, ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව, ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.
මේ අප්‍රසිද්ධ චරිත මේවායින් කරන්නේ රටවල් වලට වීසා ගන්න තමුන්ගේ ජීව දත්ත හදා ගන්න එක. සමහර අය අන්තිමේදී ගානක් අරන් වෙනත් අපෙක්ෂකයෙකුට හේත්තුවෙනවා. (අ)
ඔන්න මේ ඡන්දෙට පනස්දාහ නම් හරි. දැන් ඉදලම පනස්දාහක් ආයෙත් එකතු කරන්න ඕනෙ ඊළග ඡන්දෙට. පනස්දාහට පුළුවන්නම් මාත් ඉල්ලන්න ඕනේ. ඒකෙත් තියෙනවා පොඩි ආතල් එකක්. (නදී)
ඇපත් නෑ.........(අ)
හාමුදුරු කෙනෙකුට මෙහෙම වීසි කරන්න සල්ලි කොහෙන්ද?(අ)
දැන දැනත් පරදින්නේ ඇයි.(හේ)
ඒක තමයි. කොහෙන්ද මෙච්චර සල්ලි? (නි)
මෙම භික්ෂුන් වහන්සේද 2010 මැතිවරණයට ට්‍රැක්ටර් ලකුණෙන් ඉල්ලා මැතිවරණයට දින දොළහකට පෙර මහින්ද මහතාට සහාය දෙන බව පවසා නම ඉල්ලා අස්කරගෙන ඇපය බේරාගත්තේ? (නි)
තුන්වෙනි බලවේගය පහලව ඇත (නදී)
සීලරතන හිමියන්ට ලබන ජනවාරියේ දිවයිනට සැපත් වන පාප් වහන්සේ පිළිගන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.(නදී)
ඕවා එයාගේ සල්ලි නොවෙයි. මොනවා වුනත් ලොකු බලපෑමක් කරන්න බැහැ. ඕනෙනම් ඡන්ද 500 ක් ගනියි. (නදී)
කාට කඩේ යන්නද දන්නේ නැහැ (නදී)
මේවගේ චන්දෙ ඉල්ලුව කම්කරු නායකයෙක් හිටියා .එයා "ලිමොසින් "වාහනයට පිනෑන්ස් ගෙවන්න සල්ලි ගේන්නට කොරියාවේ රස්සාවකට ගිහිල්ලලු? (අ)
නියත ජය! බුදු සරණයි! (නි)
කොහෙදයන මොලේ අමාරු කාරයෙක්. (ස)
ඡන්ද වැඩ වලට මැතිවරණ ලේකම් කාර්යාලයට සල්ලිත් ඕනිනේ. (හේ)
තුෂාර නමැති ඔබ ලියන දේ කාගේ හෝ ලියවිල්ලක හෝ පෝස්ටරයක තිබු දෙයක් වැනි අදහසක් මිස ඔබ තුළ උපන් දෙයක් නොවන බව පෙනේ. එය කල්පිතයකි. අපේ රටේ මහජනයා කල්පිතයන් ඔස්සේ යමින් මැතිවරණ තීරණ ගත්තේ චන්දක්‍රමය ආරම්භ වූ මුල් යුග වලදීය. අද සාමාන්‍ය ගැමි ජනතාවද පැහැදිලි මනසකින් යුතුව ප්‍රශ්න දෙස බලති. දින 100 කින් වෙනස්කරන "මොකක් හෝ " තිබෙන්නට පුළුවනි. එහෙත් ව්‍යවස්ථාව නම් නොවන බව කිව යුතුය. හේතුව නම් විධායක ක්‍රමය බිහිවූ දා සිට පත්වූ ජනාධිපතිවරු/වරිය අතරින් දෙදෙනෙක් පමණක් විධායක බලතල ඉවත් කරන බවට පොරොන්දු දුන්නත් එය ඉටු කළේ නැති බැවිනි. කුමාරණතුංග මැතිණිය උවමනාව නැති කම නිසා එය අහෝසි කළේ නැත. රාජපක්ෂ මැතිතුමා එය අත්‍යාවශ්‍ය බව තේරුම් ගත් නිසා තවමත් අහෝසි කළේ නැත. මහජනයා බලන්නේ මේ යථාර්ථයයි. කවුරු ඔතැනට ආවත් දවසක් හෝ විධායක බලය පාවිච්චි කරන්නට පෙළඹෙන බව මහජනයා දනිති. (නදී)
කව්ද දන්නේ ප්‍රතිපත්ති මොනවද කියලා. දායකයන්ගේ පනස් දාහ වගේද ධර්මිස්ට සමාජයක්. සීලරතන සමාජයක් වෙනුවෙන් මට ඡන්දය දෙන්න. අරයට මෙයාට නෙවෙයි. (නදී)
අපරාදේ රුපියල් 50,000ක්. ඕකෙන් යාචකයන්ට දානයක්වත් දීලා පිනකට දහමකටවත් යෙදුවානම් නේද හොද! (හේ)
ඇප තිබ්බට දිනන්න බෑ.(හේ)
ඔබ වහන්සේගේ ඡන්දය දෙන්නේ කාටද කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටම දැන ගනියි. (ස)
ඇප තිබ්බට ඡන්දේ දෙන්නේ කවුද?(හේ)
හාමුදුරුවන්ට සල්ලි තියාගන්න පුලුවන්ද. අනේ අපි දැනන් හිටියේ නැහැනේ. අනේ මෙි හෙමත් ලෝකයක් හාමුදුරුවන්ට මොන දේශපාලනයක්ද. ඡන්දෙ දෙන ජනතාව මීට වැඩිය ටිකක් හිතුවොත් හොඳයි (නදී)
මාර වැඩක් තමයි. එසැණහි කිසිදා පලනොවූ අදහස් ගලාගෙන එන බව පෙනේ. කාගේ කොන්ත්‍රාත් ඉටුකරන්නට එන්නේ දැයි කිව නොහැක. නමුත් මට එකක් කිව හැකිය. අන්තර්ජාල [සිංහල] පුවත්පත් ඉතිහාසයේ ෆේස් බුක් සාමාජිකයන් ලක්ෂ 4 කට වැඩිය ලයික් කර තිබු එකම සිංහල පුවත්පත, ලංකාදීප එසැණ පුවත්පත බව අවිවාදයෙන් කිව හැකියි. ඉතින් මේ කොන්ත්‍රාත් කරුවන්ට, එසැණට වැඩිය හොද තෝතැන්නක් වෙනත් තැනක තිබේවිද ? (නදී)
ඡන්ද කැඩීම සදහා පළමුවැන්නා කරලියට පැමිණ ඇත. තව කීදෙනෙක් පෝලිමේ ඇතිදැයි නොදනිමි. (නදී)
තුෂාර මහතා දක්වා තිබෙන විස්තරය අගය කරමි.පාඨක ජනතාව මෙවර ඉතා කල්පනාකාරීව, පවුල්වාදය ,දූෂණයෙන් තොර යහපත් රටක් සඳහා එක්සේසත් වියයුතු වේ. (නි)
මේ කපේදි නම් මෛත්‍රී බුදුන් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ අපේ භික්ෂු පරපුර නටන විගඩම් නිසා. (ස)
මේ 50,000 අහිමිවෙන්නේ එයාට නෙමෙයි. ඒ "පාඩුව" විඳදරා ගන්නේ ඊට වඩා සුක්ෂම ඉලක්කයක් සපුරා ගන්න. ජනතාව ඇස් ඇරගෙන සිටිය යුතු වෙලාවක්. (නි)
අන්තිමට ඇපත් නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
අපරාදේ 50 000 රජසන්තකයි නැති බැරි කෙනෙකුට වියදම් කලානම් පින් (අ)
නම ඇහැව්වෙත් අදයි.(අ)
අයියෝ ඇපත් නැති වෙන අයකුට පොදු ජනතාවගේ ජනාධිපතිවරණයට සේවා සැපයිය යුතු වෙනවා. ජාතික අපරාධයක්, නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අනුව එසේ කල හැකි බව පිලි ගන්නා අතර, රට හා තමන්ගේ තත්ත්වය තේරුම් ගන්නා ලෙස අනෙකුත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. (නදී)