බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විවාහ වූ පුවතක් 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා' වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඒ රුමේනියානු නිරූපිකාවක් හා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වූ ලුලියා වැන්තර් සමගය. කෙසේ වෙතත්, සල්මාන් හා ලුලියා අතර විවාහය ඉන්දියාවේ හෝ රුමේනියාවේ සිදු නොවූ බව සඳහන් වෙයි. මෙම වෙබ් අඩවිය සඳහන් කරන්නේ සල්මාන් හා ලුලියා අතර විවාහය ඩුබායිහිදී සිදුවූ බවය.
මීට දින කිහිපයකට පෙර හදිසියේම ඩුබායි බලා පිටත්ව ගිය සල්මාන් එහිදී රන් භාණ්ඩ වෙළෙඳ සැල් කිහිපයකම රැඳී සිටි බවට මෙම වෙබ් අඩවියේ ඡායාරූප සහිතව වර්තා කර තිබේ. එමෙන්ම සල්මාන්ගේ මෙන්ම ලුලියාගේ ඥාතීන් කිහිපදෙනෙකුද ඩුබායි ගුවන් තොටුපළේ රැඳී සිටින ඡායාරූප කිහිපයක්ද ඒ අතර වෙයි. එහෙත්, තවමත් සල්මාන් මෙන්ම ලුලියාද මේ පිළිබඳව ප්‍රසිද්ධියේ මාධ්‍යයකට තොරතුරු පවසා නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd