නාවල තැන්පත්කාරියකගේ මුදල් වංචා කළැයි කැර ඇති පැමිණිල්ලක් අනුව සෙලාන් බැංකු සභාපති මොහාන් පිරිස්ට හා නීති අංශයේ රෝහණ මුහන්දිරම්ට උසාවියේ පෙනී සිටින්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. 1995දී ඇමෙරිකා ඩොලර් 22695ක් ද, රුපියල් ලක්‍ෂ එක හමාරක් ද තැන්පත් කළ බවත්, තමා මුදල් තැන්පත් කර නැති බව 2006දී බැංකුව පැවසුවත් බැංකු ලියැවිලි තමා ළඟ ඇතැයි නාවල ශිරාණි අනෝමා දුල්ලෑව මහත්මිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නීය. බැංකු වාර්තා වසර හයකට පසුව විනාශ කරන බව බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් කීවේය. වසර සියයක් ගත වුවත් විස්තර තිබිය යුතු බව මහේස්ත‍්‍රාත්වරයා පැවැසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිත් විනාස වෙලා ඇති.....
මාර වැඩකනේ.ගිණුම් විනාශ කරද්දි සල්ලිත් නැති වෙනවද? මම අදනේ දන්නේ.
සුහද හදක්.....
මිනිස්සුනේ තව තවත් සල්ලි දාන්න.....
බැංකුවෙන් ගත්ත ලෝන් අවලංගු කරන්න ඕනේ
පොතේගුරෝ, ගණුදෙණුකරුවන්වත් වෙනස් කරනවලු.
ලාල් ගලබඩ ඉතාලියේ සිට සියලුම බැංකුවල තැන්පත් සදහා බැංකුව අවුරුදු කීයක් පසුවුනත් බැංකුව වගකිවයුතුයි.අවුරුදු 6 කින් විනාස කරන බව කියන පෙරකදෝරු මහත්තයාට නැවතත් විභාගය කරන්න නියෝග දිය යුතුයි,අනික මෙම බැංකුව ගිණුම් හිමියාට වග කියන ගමන්,මහා බැංකුවටද වග කිවයුතුයි.මුදල් තැන්පත් කලේ නැත කියා කියන්නේ නම් මේ බැංකුවේ මුදල් දමා ඇති අය වහාම මුදල් අයින් කර ගැනීම නුවනට හුරු වේ.එතකොට මහා බැංකුවේ ඒ බැංකුව තබා ඇති සංචිත වලින් සියල්ලන්ටම ගෙවා දමනු ඇත.
සෙලාන් බැංකුව හැමදාම මෙහෙම තමයි ?....
කොතලාවල ගේ සමූහ ව්‍යාපාරය මගේ පුතා ට ලක්ෂ 42 කට ත් පොලු තියල, යන එන මන් නැති කරා .මේ වගේ බැංකු වල සල්ලි තැන්පත් කරන අයට නම් දෙවියන්ගේම පිහිටයි,
සුහද හදක් නේද ??
මේක අපරාධයක්
ඔක්කොම එකයි
දැන් ඉතින් සල්ලි වලට වෙච්චි දේ කොහොම වෙතත්, මේ මනුස්සයට මේ සල්ලි කොහෙන්ද කියා කියා හොයාවි
බැංකු ලියකියවිලි තියාගන්නේ අවුරුදු හයද ??????????
අයියෝ අපේ සල්ලි.........
වත්මන් බැංකු සභාපතිතුමා කොහොම කෙනෙක්ද?
බැංකුවාර්තා වසර හයකට පසුව විනාශ කරනවාලු. එතකොට ගනුදෙනු කරුවෝ, මුදල්?
බැංකු වාර්තා වසර හයකට පසුව විනාශකරනවාලු.. එතකොට ගණුදෙණුකරැවන්....මුදල්??
මේ බැංකුවෙන් මටත් රුවටිල්ලක් කළා.පස්සේ මම ගිණුම නතර කළා.
මේ කියන විදිහට පෞද්ගලික බැංකු විශ්වාස නැහැ අපිට.. අන්තිමට බඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කිව්වලු...
සෙල්ලන්ද කොල්ලෝ?
බොහොමයක් බැංකු කලක් ගණුදෙණු නොකරන අයගේ සල්ලි වංචා කරනවා