"මම සිල් බිඳ ගත්තේ" ගීතයත් සමග පුද්ගලිකව ගොඩ නැංවුණු මතත් සමග, නදීෂා හේමමාලි වෙනස් සංකල්පයක් ඇති මියුසික් වීඩියෝවක් සඳහා දායක වී ඇත. නදීෂා හේමමාලිගේ නිෂ්පාදන ආයතනය විසින් මෙම ගීතයේ වීඩියෝව නිෂ්පාදනය කර ඇති අතර, ඒ පිළිබඳ ඇය අප සමග මෙසේ පැවසුවාය.
මේ දවස්වල විශේෂ වැඩකටයුත්තක් නැහැ. අලුත් අවුරුද්ද සඳහා සූදානම් වෙනවා. ඒ ටික තමයි තියෙන්නේ.
"සිල් බිඳගත්" ගීතයත් සමග බොහෝ මතවාද පළවුණා සහ නව ගීතය මේ සියලු දේට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා, ඒ පිළිබඳව කතා කළොත්?
මේ සිංදු දෙකම වෙනස් ආරෙක සිංදු දෙකක්. එහි මාතෘකා දෙකක් පිළිබඳවයි කතාකරන්නේ. ඉතිං 'සිල් බිඳගත්' ගීතය ටිකක් වෙනස්ම තේමාවක් මුල්කරගෙන තමයි අපි කළේ. අනෙක් ගීතය පිළිබඳ කතා කරනවට වඩා, ඒ ගීතය නරඹා තේරුම් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. අනික මම විශේෂයෙන්ම කියන්න ඕනේ, මම ඉතාමත්ම ආසාවෙන් බලාපොරොත්තු වූ චරිතයක් මම මෙහි නිරූපණය කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනා මේ ගීතය කළේ මගේ Production House එකෙන්. Reel & Track Production නමින් තමයි මේක නිකුත් කළේ. රූප රචනය කළේ මගේ ආයතනයෙන්. ඉදිරියේදී ඕනෑම කෙනෙකුට රූප රචනාවක් වැනි ඕනෑම නිර්මාණ කටයුත්තක් සඳහා මගේ ආයතනයට එන්න පුළුවන්.
විවිධ වූ තේමාවන් යටතේ ගීතයන් සඳහා දායක වන ඔබ පිළිබඳව බොහෝ දෙනා දරණ මතය වෙනස්. ඒ පිළිබඳව ඔබේ අදහස?
එක එක්කෙනාට එක එක විදිහට පුද්ගලික මත තියෙන්න පුළුවන්. අපි තාම මේ ගීතය එළිදැක්වුවා පමණයිනේ. ප්‍රේක්ෂකයන්ගේ මොනවගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා තව ටික දවසකින් බලමු.
ඉදිරි වැඩ කටයුතු පිළිබඳව කතා කළොත්?
එහෙම විශේෂ කියලා දෙයක් නැහැ. මොකද මම සූදානම් වෙලා ඉන්නේ ටෙලිනාට්‍යයක් සඳහායි. ඒවගේම මගේම නිෂ්පාදනයක් මේ වසර තුළදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි දැනට තියෙන අලුත් කලා කටයුතු.
ඩිලාන් ක්‍රිෂාන්ත







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd