(ප්‍රසාද් රුක්මල් )

බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ත්‍රීමයිල් ප්‍රදේශයේදි සරසවි සිසුවෙකු පැදවූ යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු මියගොස් තවත් සරසවි සිසුවෙකු බරපතළ තුවාල ලබා ඊයෙ (16) රාත්‍රි දියතලාව මූලික  රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ මඩකළපුව ඉරුජයපුරම් කෝව්ල්පාර පදිංචිව සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වන මානික්කරාජ් එරෝන් (22) නැමති සරසවි සිසුවෙකු යැයි පොලිසිය කීය .

අනතුරින් තුවාලලබා ඇත්තේ  මියගිය සිසුවාගේ  වයසේ පසුවන මිතුරෙක්  යැයි පොලිසිය පැවසීය .

 මෙම මියගිය සරසවි සිසුවා තවත් මිතුරන් පිරිසක් සමග යතුරුපැදි හතරකින් විනෝද චාරිකාවක ගොස් ඇති බවත්  මොවුන් රාත්‍රි නවතැන් ගැනිමට ඇල්ල ප්‍රදේශයේ නවතැන් පොළට යතුරුපැදි වලින් ගමන්කරමින් සිටියදි මෙසේ බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ධාවනයවූ මෝටර් රථයක සරසවි සිසුවා පැදවූ යතුරුපැදිය ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇතයි පොලිසිය සදහන් කලේය .