ශ්රී ජයවර්ධනපුර කොට්ටේ පාර්ලිමේන්තුව බලා පෙළපාළියෙන් යන්නට ගිය විශ්ව විද්‍යාල සිසුහු පොලිස් ප්‍රහාර හමුවේ පැයක් පමණ පාර මැද වාඩිවී විරෝධතාව පළ කර මීට ටික වේලාවකට පෙර විසිර ගියහ.
සිසුන් විසි දෙනකු පමණ තුවාල ලබා සිටි අතර තුන් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.
ඉතිරි තුවාල කරුවන් ද රෝහලට රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි.
විසිර යෑමට පෙර පාරේ වැටී තිබුණු කොල කැබැලි ආදිය ඉවත් කරනු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න බලන එක විතරයි. සමාජවාද කතාවක් මෙතනට අදාළ නැහැ. කැම්පස් යන්න බැරිවුණ, උපාධි කඩෙන් ගත් සහ ගන්න හදන කට්ටියට මේවා පෙනෙන්න බැහැ (නි)
ශ්රී ලංකාවේ තරම් නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නැහැ වෙන මොන රටක්වත් (නි)
මේ ළමයින්ගේ දෙමාපියන් වගකියන්න ඕනෑ මේ වගේ දේවල් වලට යවන එක ගැන. මම කියලා තියෙන්නේ මගේ දුවට මේවාට යන්න එපා කියලා. මොකද එයාලා රැකියාවක් කරලා වෙනම ජීවත්වෙනකොට පුළුවන් එයාලගේ තීරණ ගන්න. මෙයාලව මෙහෙයවන අය මේක කරන්නේ එයාලගේ වාසි සඳහා කියලා මෙයාලා දන්නේ නැහැ. මේ ළමයින්ට සමාජීය වගකීම කියන එක උගන්වන්න ඕනෑ. ඊයේ අපි මේ ළමයි නිසා කොච්චර කරදර වුණාද? මේ ළමයින්ට නොතේරෙන දේවල් ඇයි මේ ළමයින්ගේ දෙමාපියන් කියලා දෙන්නේ නැත්තේ. ළමයි විශ්ව විද්‍යාලයට ගියාම ඔක්කොම හරි කියලයි බොහෝදුරට මේ ළමයින්ගේ දෙමාපියන් හිතන්නේ. (නි)
ජය වේවා! දිගටම සටන් කරමු (නි)
මට නම් හරිම කණගාටුයි මේ ළමයි ගැන. මමත් විහ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව හිටියා 80 දශකයේ මුල. අපි යන්තම් පිටවුණා වර්ජන රැල්ලට වසර ගාණක් වහන්න කලින්. ඒ නිසා අපිට රැකියා හොයාගන්න කරදර වුණේ නැහැ.ළමයින්ට ඇත්ත තේරෙන්නේ නැහැ. මට කණගාටු ඒකයි (නි)
අර නායකත්ව පුහුණුව කියලා විශ්ව විද්‍යාල ළමයින්ට සති ගණන් මොකද්දෝ පුහුණුවක් දුන්නා නේද? ඒ වෙනුවෙන් අතිවිශාල මුදලකුත් වැයකළා නේද? මේ ළමයි අපිට පෙන්වන්නේ අපේම සල්ලි වලින් ඉගෙනගත්තා කියන ඒ නායකත්වයද? (නි)
සදුනිගේ අදහස මේ සදුනි ප්‍රතික්ෂේප කරනවා.ඔබ කවුරු වුණත් හොඳින් හිතන්න. පුද්ගලික සරසවි නිසා රජයේ සරසවි වහන්නේවත් කප්පාදු කරන්නෙත් නැහැ.නමුත් උසස්පෙළ සමත්වී සුදුසුකම් ලබන සමස්ත සිසු ප්‍රජාවම දරාගන්නත් බැහැ.ඔබ දන්නවාද කොළඹින් ඒ තුනක් ගන්නා අයත් සමහරවිට සරසවි යන්න නොහැකිව ඉතිරිවෙන බව. (නි)
දැන් සතුටු ඇති දෙතුන් දෙනෙක් ගේ හරි ආණ්ඩු කඩා ගත්තනේ. ඔව්වා පස්සේ යන අහිංසක ළමයින්ට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. තමන්ට ඉගෙනගන්න තියන කාලය තමා නාස්ති කරගන්නේ කියලා. අන්තිමට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිය අය කලින් එලියට ඇවිත් රැකියාවලුත් කරාවි. මේ අය තාම කඩේ යනවා. අනික ඕකෙන් වෙන්නේ ඔය ළමයින්ට හම්බ වෙන්න තියන රැකියාත් නැති වෙන එක. අන්තිමට නාස්ති වෙන්නේ අහිංසක දෙමාපියන්ගේ අහිංසක දරුවෝ. (නදී)
දැන් නම් පුද්ගලික විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා (නදී)
අපරාදේ එක බිල්ලක්වත් ලැබුණා නම් නේද? ගණන් ගන්න එපා පස්සේ හම්බ වෙයි. (නදී)
ඔය සදුනි ඒ සදුනිගේ අදහස ප්‍රතික්ෂේප කලාට මේ බන්දුල, ඒ සදුනිගේ අදහස අනුමත කරනවා. අද අපේ රටේ සිංහල දරුවන් ගණන අඩු වේගෙන යනවා. ලෝකයේ සිංහල ජාතිය කියන්නේ වේගයෙන් වදවෙන ජාතියක්. අද දරුවෝ 1/5 ඉගෙන ගන්නේ අන්තර්ජාතික පාසල්වල. ඒ මදිවට විශ්ව විද්යාලත් පෞද්ගලික වෙන්න ගියොත් දෙමව්පියෝ කොහොමද දරුවන්ගේ බර දරාගන්නේ ? තමුන් අනිත් කෙනාගේ ළමයට දෙවැනි වෙනවට කිසිම දෙමාපියෙක් කැමති නැහැ. ඔවුන් කරන්නේ අඩුවෙන් ළමුන් හදන එක. ඉස්සර අපේ පවුල් වල ළමයි 7, 8 ක් හිටියා. දැන් ඉන්නේ දෙන්නයි. මෙහෙම ගියොත් ඉස්සරහට 1 ට බහි. (නදී)
ඔය වගේ පෙළපාලි යන්නේ ඔතන ඉන්නකන් විතරයි. එලියට අාව ගමන් සමාජ වාදේ ඉවරයි. ඊට පස්සේ මිනිස්සු ගසා කන එක ඉක්මනින්ම අරඹනවා. දොස්තරලා එලියට එන්නත් කලින්ම මිනිස්සුන්ගේ පොකට් සුද්දෙ පටන් ගන්නවා. බොරු කාරයෝ. (නදී)
මේ දේවල් ඔය ළමයින්ට රැකියාවක් ගන්න ගියත් බලපානවා.(හේ)
මේ අය අනාගත ශ්‍රී ලංකාවේ වගකිව යුත්තන් බවට පත්වීමේ පෙරහුරුවක් ලබනවා. (නදී)
මේ කරන දේ හරි උනත් වැරදි උනත්, මේවට නායකත්වය දෙන අය සමාජයේ ඉහල තැන් වලට යනවා. මොකද ගොඩක් අයට නායකත්ව පුහුණුව අපේ අධයාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නැති නිසා. පොඩි හරි නායකත්වක් දීල තියනවා නම් එක ගොඩක් වටිනවා. මේක මම දැකපු දෙයක්. (නදී)
ප්‍රවේශමෙන් දරුවනේ, ඔයාලට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ අමුතුම කට්ටියක් එක්ක. මිනිස්සු මොනවා කිවුවත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය මෙහෙමහරි රැකිලා තියෙන්නේ ඔයාලා නිසා. බුදු සරණයි. (නි)
මෙතන කමෙන්ට් දාල තියෙන ගොඩක් අයගේ අදහස් බැලුවම ජනතා මතය කුමක්ද කියන එක ඉතා පැහැදිලියි. (නදී)
ඉහලින් අදහස් දක්වා තිබෙන අති මහත් බහුතරය තම මොළ සේදී ඇති බවවත් නොදැන අදහස් දක්වා තිබේ. ශිෂ්‍යයා යනු ජනතාවගේ අනාගත පරම්පරාවයි. ඔහු ශිෂ්‍ය අයිතිවාසිකම් රැක ගැනීමට පාරට බහින්නේ අනාගතයේ එන සිසුන්ටත් නිදහස් අධ්‍යාපනය සුරැකී තිබිය යුතු බැවිනි. අතීතයේ සිට ශිෂ්‍ය ප්‍රජාව සිසු අයිතීන් රැක ගැනීමට පාරට බැස උද්‍ෙගෝෂණය කළ බැවින් අදටත් සීමාවන් ඇතිව හෝ නිදහස් අධයාපනය රැකී තිබේ. සිසු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සමාජවාදයක් හෝ ධනවාදයක් හෝ ලිබරල් වාදයක් වෙනුවෙන් නොවේ. එය සමස්ථ ජනතාව වෙනුවෙනි. අනාගතයේ උපදින දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය රැකගැනීම වෙනුවෙනි. සිසු උද්ගෝෂණ වැරැද්දක් ලෙස දකින ජනතාවගෙන් කොටුවෙන් එලියට ගොස් සිතා බලන මෙන් ඉල්ලා සිටිමි. මෙතන ජනතා අයිතීන් කප්පාදුවට පක්ෂව අදහස් දක්වා තිබෙන්නේ එසේ කිරීමට සූදානම් වී සිටින ඇමතිවරුන් නොවේ. මහජනතාවමයි. මස් මඩුවකදී මරණු ලබන කිසිම සතෙක් තම කැමැත්තෙන් අනුන්ගේ ආහාර සඳහා බිලිවෙන්නේ නැත. නමුත් ලංකාවේ පුරවැසියා තම කැමැත්තෙන්ම අයිතිවාසිකම් කප්පාදුවට එකඟ වේ. පක්ෂව කතා කරති. (නදී)
මගේ ආයතනයකට නම් මම පැත්ත පළාතේ ගන්නේ නැහැ. අන්තිමට එතනත් ඇවිල්ලා නටන්න ගත්තොත් හොඳට හිටීවි. මේ ළමයි ඕක කවදා තේරුම් ගනීද දන්නේ නැහැ (නි)
සරසිගේ කතාව, ඇත්තටම දුක හිතෙන කතාවක්. (නදී)
මෙහෙම ඔය බංකොලොත් දේශපාලන විප්ලවකරුවන් පසුපස ගියොත් සැමදාම මෙම සිසුන්ට හිමි මහපාරම තමා. සිසුන් බිලිදීලා කොටසක් ජනප්‍රිය වෙනවා, රටත් කනවා, අහිංසක සිසුන්වත් කනවා (නි)
හරි වීරයෝ වගේ. (හේ)
දැන් මොනවද මෙයාල මේ ගමනෙන් බලාපොරොත්තු වුනේ..රජය හදිසියේ පනතක්වත් ගෙනාවද නිදහස් අධ්‍යාපනේ අහෝසි කලා..විශ්ව විද්‍යාල වලට දෙන ප්‍රතිපාදන කපල දැම්ම කියලා. නිදහස් අධ්‍යාපනේ රැක ගන්න පෙළපාලි යන්න අපි දන්නා විදියට නම් අමුතු විශේෂ දෙයක් උනේ නම් නැහැ..දැන් එහෙම ගිහිල්ල මොනවද ලබා ගත්තේ. (නදී)
මෙයාලා නිදහස් අධ්‍යාපනේ රකින්නේ උද්ගෝෂණ කරලා. දවසට ළමයින්ට දේශනවලට යන්න නොදී බලපෑම් කරලා වෙන්න ඇති. පැමිණීම 80% නැති උනාම විභාග ලියන්න දෙන්නේ නැති නිසා මෙයාලගේ ව්‍යපාරේට තව කට්ටිය සම්බන්ද කරගන්න පුළුවන්නේ. (නදී)
ඔය එක එක ගැට වලට අහුවෙලා පිරිහෙන්නෙ තමන් ඉපදුන රට ජාතිය බව මතක තියාගන්න. (නි)
මටත් දැන් ලොකු දරුවෝ ඉන්නවා. දෙවැනි කෙල්ල සරසවියේ. මමයි පවුලයි නොවඳින වැඳුම් වැඳලා දරුවාව උද්ඝෝෂණ වලින් වළක්වාගත්තා. අපි දුක්විඳලා හම්බ කරලා දරුවන්ට වැඩිදුර උගන්වන්නයි විශ්ව විද්‍යාලෙට යැවුවේ. අපේ දරුවන්ට මම කියා දුන්නේ මෙච්චරයි. ඔය සටන්කළ කට්ටිය අවුරුදු ගාණක් පරම්පරා ගාණක් සටන් කරලා ලබාගත් දෙයක් නැතිබවත්, ඒ පස්සේ ගිහින් දරුවාගේ අනාගතය තමන් විහින්ම විනාශ කරගන්න එපා කියන එකත් මම කියලා දුන්නා (නි)
දැනටමත් වෛද්‍ය විද්‍යාල හැර අනිත් පෞද්ග්ලක විශ්ව විද්‍යාල ආරම්භ කරලා තියෙන්නේ. පොඩ්ඩක් හොයා බලන්න.(හේ)
මම උසස් පෙළ කලේ 1987.සරසවියෙන් පිටවෙන කොට වයස 30 ට කිට්ටුයි. රැකියා සොයාගෙන නංගිව බන්දලා දීලා, මම එකලාසක් වෙනකකොට වයස 35 ට කිට්ටුයි. මගේ වයසේ සරසවි ගියේ නැති පාසල් මිතුරන්ගේ දරුවන් දැන් සමහරු සරසවියේ. එක් කෙනෙක් ගේ දරුවෙක් රැකියාවක. සන්තෝසයි. ඒ දරුවන්ට දෙවි පිහිටයි.(හේ)
ලංකාවේ උගතුන් තවත් අය ඉගෙන ගන්නවාට බියවන්නේ මොකද .රටේ මිනිස්සු ඉගෙන ගන්න එක රටට හොඳ බව මේ මිනිස්සුන්ට නොතේරෙන්නේ.(හේ)
මේකට කියන්නේ "සරසවි උණ" කියලයි. මේක හැදුනම රුධිර පට්ටිකා වල පහළ බැසීමක් නොව ප්‍රමාණයකට වැඩිය ඉහළ යාමක් තමයි වෙන්නේ. ඒ නිසා තමයි වැඩිවන රුධිර පට්ටිකා පැලෙන්න ගුටිකන්නේ. අම්ම තාත්තාගේ බලාපොරොත්තු වතුරේ යවලා කොහේ හරි තැනක නැවතිලා ගිමන් හැරපල්ලා. ඊට පස්සේ ටෙලි නාට්‍ය ලියලා ආයිත් සමාජය කාපල්ලා. (නදී)
අපේ ආයතනයේ අබෑර්තුවකට උසස් පෙළ සමත් අයත් උපාධිදාරීන් රැසකුත් ඉල්ලුම් කළා. තෝරා ගත්තේ උසස් පෙලින් පසු වෘත්තීය පාඨමාලාවක් කල තරුණයෙක්. ලොක්ක කිව්වේ උපාධිදාරීන් බඳවා ගත්තොත් වැඩ කිරීම පසෙක තියල අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගනීවි කියලා. (නදී)
සකුන්තලා ඔයා කැම්පස් යන්න බැරි වුන අයගේ දහදිය මහන්සියෙන් උපයන බදු මුදල තමයි උසස් අධ්‍යාපනයට යෙදවෙන්නේ. ඔයාගේ හත් මුතු පරම්පරාවම කැම්පස් නම් ඔයා අනෙක් අයට උපහාස කලාට කමක් නැහැ. ඔයාගේ මව්පියන් මොන කැම්පස් එකේද ඉගෙන ගත්තේ ? එතකොට සීයා මුත්තා ? (නදී)
සකුන්තලා ගේ උසස් අධ්‍යාපනයට වියදම් කලේ කවුද ? දුෂ්මන්තද ? ටිකක් කෙලෙහි ගුණ ඇතිව කතා කරන්න. ඔය කැම්පස් ගියේ නැති වුනාට මිනිස්සු, ගියපු උදවියට ඉගෙන ගන්න බදු ගෙවනවා. (නදී)
ළමයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් කැපකිරීම් කරන මල්ලිලාට අපගේ ප්‍රණාමය! (නි)
මේ ළමයින්ව මේවාට යොමුකරන අයට ඕනෑ ශිෂ්‍ය බිල්ලක්. මේ අහිංසකයෝ පව්. ඊටත් වඩා මේ අයගේ මවුපියන් පව්. ඉගෙනගන්න තියෙන කාලේ නේද මේ නාස්ති කරන්නේ. (නි)
විජයබාහු, කීර්ති, ඔය දෙන්නා හරියටම හරි. (නි)
ඒත් කවුරුත් නිකමට ටිකක් හොයලා බැලුවද මොනවද මෙයාලගෙ ඉල්ලීම් කියලා.(හේ)
උසස් පෙළ හොදට පාස් වුණත් අපේ විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණ එක ගැන අපිට දැන් දුකක් නැහැ.(හේ)
විශ්ව දැනුම සොයායන්නවුන්ට විශ්ව දැනුම ලබාගන්න තමයි විශ්ව විද්‍යාල ස්ථාපනය කරලා තියෙන්නේ. දැන් විශ්ව දැනුම ලබාගන්නේ අන්තර් ජාලයෙන් විතරයි. පුස්තකාල සේවකයන් නොහිටින්න පොත රාක්ක වල මකුළු දැල් බැඳිලා පොත් පුස් කාල. එහෙම ඉගෙන ගන්න අයගෙන් පළමු පන්තියේ සාමාර්ථ සහිතව උපාධිය සමත් අයට කථිකාචාර්ය පදවි ලැබෙනවා. ඒ වගේ කථිකාචාර්ය වරුන් පස්සේ කාලෙක දර්ශන ශූරී උපාධි ලබාගත්තත් පර්යේෂණාත්මකව තම දැනුම සහ විශ්ව දැනුම වර්ධනය කර ගැනීම ලංකාවේදී වෙන්නේ හරි අඩුවෙන්. එවන් මහා ඇදුරන්ගෙන් ලැබෙන විශ්ව දැනුම කුමක්ද? පුද්ගලික විශ්ව විද්‍යාලවල උගැන්වීම සඳහා අවශ්‍ය පමණට පළමු පන්තියේ සාමාර්ථ සහිත උපාධිධාරීන් නැති නිසා දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ සාමාර්ථ සහිත උපාධිධාරීන් බඳවා ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන නිසා පුද්ගලික විශ්ව විද්‍යාලවලින් පිරිනැමෙන උපාධිවල ගුණාත්මක තත්ත්වය කෙසේ වේවිද?(හේ)
අහිංසක දෙමාපියන්ගේ දරුවෙකුට ඉදිරියට එන එකත් නැතිවෙනවා මේ දේවල් වලින් (නි)
මෙච්චරකල් ළමයින්ව කොහොමහරි උනන්දු කරලා, අපොස උසස් පෙළ සමත් කරවලා, විශ්ව විද්‍යාලේ යවලා දෙමාපියෝ නිදහස් වුණා. දැන් ඉතින් දෙමාපියන්ට මේ පුද්ගලික ඒවාට යවන්න,වයසට ගිහිල්ලත් රැකියා කරන්න වෙනවා. ආර්ථික අපහසුතා වලින් මිදෙන්න ළමයි ගණන අඩු කරන්නත් වෙනවා. (නි)
86 සිට 91 වෙනතුරුම කට්ටියක් සරසවි ශිෂ්‍යයින්ව කඩේ යැව්වා.අන්තිමට අහිංසක දෙමාපියන්ට දරුවන් අහිමිවුණා. ඒ දෙමාපියෝ අදටත් විඳවනවා. ළමයින් උසිගන්වපු අය ඉවත්වෙලා ඉඳලා සියල්ල අවසන් වුණාට පස්සේ ඇවිල්ලා දැන් වෙන කට්ටියක් ලවා මේ අහිංසකයින්ව කඩේ යවනවා. මේ සත්‍ය කවදා තේරුම් ගනීද? (නි)
86 - 91 යුගයට අහුවුණ අපි ජීවන අරගලයෙන් ගොඩඑන්න අපේ රත්තරන් රට දාලා විදේශ වලට ඇවිල්ලා තාමත් විඳවනවා. අපිට කළු සුද්දෝ වෙන්න බැරි නිසා මේ දේවල් නොදැක්කා වගේ ඉන්න බැහැ (නි)
තරුණ කාලෙනේ! අපිත් කළා. රැකියාවක් හොයාගෙන ජීවිතය ගෙනයනකොට මේ ඔක්කොම බොරු. අපේ වයස ගියා.විවාහය කල්ගියා.දරු සම්පත් ලබාගන්න ප්‍රමාද වුණා. උපාධිය ගත්තට වැඩක් නැහැ. (නි)
විශ්ව විද්‍යාලයෙන් පිටවුණාම මේ අය දර්ශනයෙන් ඉවත් වුණාට, දෙවැනි පරම්පරා අනුක්‍රමයෙන් අසාධාරණය අයුක්තියට එරෙහිවෙන එක ස්වභාවික සංසිද්ධියක්. ශිෂ්‍යයෝ නැඟී සිටින්නේ සාධාරණය සඳහා මිස වැඩි පඩි ඉල්ලා නොවේ (නි)
මගේ දරුවාත් සරසවියේ. මම කියල තියෙන්නේ රටේ මිනිස්සුන්ව හදන්න යන්න කලින් තමන් අධ්‍යාපන කටයුතු හරියට කරගෙන ඉන්න කියලා. ඉස්සරහට මහජනයා දොස් කියන්නේ සිසුන්ට නෙවෙයි මව්පියන්ට. අපේ ළමයි, දෙමව්පියන් වන අපිට ආණ්ඩු මට්ටු කරගන්න බැරි නම් බාහිර බලවේග වලට දොස් කියල වැඩක් නැහැ. (නදී)
මම වැඩ කරන්නේ අපේ ආයතනයේ මානව සම්පත් අංශයේ. එක්තරා ඇබෑර්තුවකට බඳවා ගන්න ඔන්න මෙන්න කියලා තිබුන උපාධිදාරියෙක් කැපිලා ගියේ ඔහු සරසවියේදී අරගල වලට සම්බන්ධයි කියලා ඔහුගේ අසල්වැසි අපේ සේවකයෙක් ලොක්කාව දැනුවත් කළ නිසා. (නි)
අපිටත් මල්ලිලා ඉන්නවා. ඒ අය වෘත්තීය විභාග කරන ගමන් රැකියාවක් කරනවා. මේ ළමයින් දැක්කම මට ඇත්තටම කණගාටුවක් ඇති වුණා. මේ අයගේ ගෙවල් වල ඉන්න උදවිය මොනතරම් හිතේ බයෙන්ද ඇත්තේ. (නි)
ඇයි මිනිස්සු පෞද්ගලික සරසවි වල වැරැද්ද දකින්නේ නැත්තේ,(හේ)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවරවෙයිද කියලා? (නි)
මම උසස් පෙළ කලෙත් 80 අග භාගයේ. සරසවියට ගිහින් එතනටම නාකි වුනා. අම්මලාට කිව්වා නංගිලාව බන්දලා දෙන්න මා ගැන හිතන්න එපා කියලා. රැකියාවක් සොයාගෙන පවුලේ අයට උදව් කරලා මට යන කලක් බලා ගන්නකොට කොන්ඩෙත් සුදු වේගන එනවා. අවංකව කියන්නේ දැන් ඉගෙන ගන්න සහෝදරියන්ට නම් මට සිද්ධ වුන දේ හීනෙකින් වත් වෙන්න එපා. විවාහ වුනේ පරක්කු වෙලා නිසා අදටත් මට දරු සම්පතක් නැහැ. (නදී)
මේවා උසාවියෙන් බේරගන්න පුළුවන් වුණ දාට ළමයි උද්ඝෝෂණ නතර කරයි.(හේ)
මම හිතන්නේ නැහැ අන්තරය ඔය තුවාලකාරයෝ ගණන ගැන සතුටු ඇති කියලා. සඳුනි කියනවා වගේ බිල්ලක් නොලැබීම ගැන කණගාටු වෙනවා ඇති. තව ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් තියෙයි. (නි)