( විමුක්ති එස් රුද්‍රිගු සහ මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ තුරඟ තරග පිටිය ප‍්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියම කළේය.
සැකකාර තරුණයා මානසික අබාධයකින් පෙළෙන බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යොමු කොට ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකාර චතුරංග ද සිල්වා නමැති සිසුවා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප‍්‍රගතියය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළේය
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි කොළඔ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති තරුණීයකී
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සිසුවිය මරූ සිසුවා මානසික වෛද්‍යවරයෙක් හමුවට
Lal Wednesday, 18 January 2023 06:58 PM
මේ මිනිහා ෂුවර් එකටම JVP
hemantha Wednesday, 18 January 2023 07:16 PM
අංගොඩ මානසික බන්ධනාගාරයට දැම්මත්, වැලිකඩ බන්ධනාගාරගත කෙරුවත් ආපහු එළියට නම් එවන්න එපා... ආවත් මැරෙන්න තමයි සිද්ද වෙන්නේ..!
fairoos Wednesday, 18 January 2023 07:40 PM
නීතියෙන් බේරුණාට පුතේ මේවාට නිසි දඬුවම් ලබන ආත්මේ හරි හම්බ වෙනවා.
LallaThursday, 19 January 2023 11:32 AM
අපි ආගමෙන් රට පාලනය කිරීමට ගිහිල්ල තමා මේ කාලකන්නි වෙලා තියෙන්නේ. දැන්වත් මිත්‍යාව නවතා නීතිය මත පදනම්ව සිතන්නට පුරුදු වෙමු. මේ පිස්සා උගේ තත්ත්වය දැන දැනම විශ්ව විද්‍යාලය තුලට එවපු දෙමාපියන්ට දඬුවම් නියම කිරීමට නීති සැකසිය යුතුය. අනෙක මේ වගේ අය නිසා කොතරම් හානි වුනත් නීතිඥයෝ මුන්ව නිදහස් කරගන්න කැස කරනවා. සල්ලිවලට ජීවිතය ආපස්සට හැරවීමට පුලුවන්ද?
anura Thursday, 19 January 2023 08:44 AM
මෙවැනි ආකාරයේ කෲර අපරාධයක් සංවිධානාත්මකව කළ පුද්ගලයෙකුට තර්කාණූකූලව සිතීමේ හැකියාවක් ඇති බව හොඳින්ම පෙනේ. එම නිසා මානසික ප්‍රශ්ණ මත මොහුට කිසිම සමාවක් නොදිය යුතුය. එසේ කළ හොත් එය මුළු සමාජයටම ඇති කරන වැරදි පූර්වාදර්ශයක් වේ.
JagathS Thursday, 19 January 2023 08:48 AM
විශාදය තිබුණා කියලා මිනීමැරුම් වලට අධිකරණයෙන් සමාවක් ලැබෙන්නෙ නෑ දන්නා තරමින්. භින්නෝන්මාදය වැනි රෝග වලදී නම් පුලුවන් තමන්ගේ පාලනයක් නොමැතිව මිනී මැරිය හැකි නිසා.
කිරිපුතා Thursday, 19 January 2023 09:50 AM
මානසික රෝගයක් ලෙස රඟපෑම සාමාන්‍ය උපක්‍රමයක් විය හැකියි. නීතියෙන් ගැළැවෙන්න දැන් එක එක වෙට්ටු දානවා වෙන්න ඇති. නමුත් මළ දැරිව්යගේ පිට්පසින් ආ කර්මය සේම මොහුගේ පිටුපසින් ද කළ කර්මය ඇදී යනු ඇති.
සුසන්ත Thursday, 19 January 2023 10:51 AM
නීතිය කොහොම වුනත් ස්වභාව ධර්මයාගෙන් බේරුමක් ලැබෙන්නේ නැහැ. මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පෑවෙත් පූර්ව කර්මයක් ගෙවා තමයි .මෙහෙම කෙනෙක් සිටින පවුල්වල සතර වර්ගයාටම මේ පවේ හිමිකම ලැබෙන්නේ දරුවෙකු පැවිදි කලොත් සතර වර්ගයාම නිවන් දකිනවා කියන කියමන අනුව තමයි. තවත් එකක් ,මූ මේ දැරිය මරල තියෙන්නෙ අලුගෝසුවා මරණ දඩුවම් දෙනවා වගේ මුහුණ වැසීමෙන් පසුව ඇත්තටම ඌට අලුගෝසු තනතුර ලබාදීම ඉතාමත් සුදුසුයි . සම්මුඛ පරීක්ෂණ අවශ්‍ය නැහැ .දඬුවමක් ලෙසට එම තනතුරට අදාල පත්වීම් ලිපියක් ඔහුට දෙන්න
sampath Thursday, 19 January 2023 10:15 PM
මේක සැලසුම් සහගත මිනීමැරුමක් කොහොමත් ඔය වගේ දෙයක් තියා කුඹියෙක්වත් හිතාමතා මරන්න පුලුවන්නම් ඒකට මානසික ප්‍රශ්නයක් තියෙන්න ඕනෑමයි.
සත්‍ය Friday, 20 January 2023 09:25 AM
මානසික රෝගයක් ඇති. ඒ ළමයා අනුරගෙ පෝස්ට් share කරල තිබ්බේ..