( විමුක්ති එස් රුද්‍රිගු සහ මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ තුරඟ තරග පිටිය ප‍්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියම කළේය.
සැකකාර තරුණයා මානසික අබාධයකින් පෙළෙන බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යොමු කොට ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකාර චතුරංග ද සිල්වා නමැති සිසුවා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප‍්‍රගතියය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළේය
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි කොළඔ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති තරුණීයකී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා ෂුවර් එකටම JVP
අංගොඩ මානසික බන්ධනාගාරයට දැම්මත්, වැලිකඩ බන්ධනාගාරගත කෙරුවත් ආපහු එළියට නම් එවන්න එපා... ආවත් මැරෙන්න තමයි සිද්ද වෙන්නේ..!
නීතියෙන් බේරුණාට පුතේ මේවාට නිසි දඬුවම් ලබන ආත්මේ හරි හම්බ වෙනවා.
මෙවැනි ආකාරයේ කෲර අපරාධයක් සංවිධානාත්මකව කළ පුද්ගලයෙකුට තර්කාණූකූලව සිතීමේ හැකියාවක් ඇති බව හොඳින්ම පෙනේ. එම නිසා මානසික ප්‍රශ්ණ මත මොහුට කිසිම සමාවක් නොදිය යුතුය. එසේ කළ හොත් එය මුළු සමාජයටම ඇති කරන වැරදි පූර්වාදර්ශයක් වේ.
විශාදය තිබුණා කියලා මිනීමැරුම් වලට අධිකරණයෙන් සමාවක් ලැබෙන්නෙ නෑ දන්නා තරමින්. භින්නෝන්මාදය වැනි රෝග වලදී නම් පුලුවන් තමන්ගේ පාලනයක් නොමැතිව මිනී මැරිය හැකි නිසා.
මානසික රෝගයක් ලෙස රඟපෑම සාමාන්‍ය උපක්‍රමයක් විය හැකියි. නීතියෙන් ගැළැවෙන්න දැන් එක එක වෙට්ටු දානවා වෙන්න ඇති. නමුත් මළ දැරිව්යගේ පිට්පසින් ආ කර්මය සේම මොහුගේ පිටුපසින් ද කළ කර්මය ඇදී යනු ඇති.
නීතිය කොහොම වුනත් ස්වභාව ධර්මයාගෙන් බේරුමක් ලැබෙන්නේ නැහැ. මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පෑවෙත් පූර්ව කර්මයක් ගෙවා තමයි .මෙහෙම කෙනෙක් සිටින පවුල්වල සතර වර්ගයාටම මේ පවේ හිමිකම ලැබෙන්නේ දරුවෙකු පැවිදි කලොත් සතර වර්ගයාම නිවන් දකිනවා කියන කියමන අනුව තමයි. තවත් එකක් ,මූ මේ දැරිය මරල තියෙන්නෙ අලුගෝසුවා මරණ දඩුවම් දෙනවා වගේ මුහුණ වැසීමෙන් පසුව ඇත්තටම ඌට අලුගෝසු තනතුර ලබාදීම ඉතාමත් සුදුසුයි . සම්මුඛ පරීක්ෂණ අවශ්‍ය නැහැ .දඬුවමක් ලෙසට එම තනතුරට අදාල පත්වීම් ලිපියක් ඔහුට දෙන්න
මේක සැලසුම් සහගත මිනීමැරුමක් කොහොමත් ඔය වගේ දෙයක් තියා කුඹියෙක්වත් හිතාමතා මරන්න පුලුවන්නම් ඒකට මානසික ප්‍රශ්නයක් තියෙන්න ඕනෑමයි.
මානසික රෝගයක් ඇති. ඒ ළමයා අනුරගෙ පෝස්ට් share කරල තිබ්බේ..