අනුරාධපුර මහදිවුල්වැව ඇටවීරගොල්ලෑවේ පදිංචි යාපන විශ්ව විද්‍යාලයයේ වව්නියා මණ්ඩපයේ විද්‍යාවේදී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාධිය හදාරණ එස් චරිත නිරංජන් සෙනවිරත්න තරුණයා කොඳු ඇටය ඇදවීමේ රෝගයක් වැළදී ඇතැයි වෛද්‍යවරු කියති.
දැනට වසර දහයක් පමණ ඔහු මෙම රෝගයෙන් පෙළෙන අතර එය සුව කිරීම සඳහා ඉන්දීයාවේදී ශල්‍යකර්මයක් කළයුතු බව චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ජ්‍යෙෂ්ඨ විකලාංග ශල්‍ය වෛද්‍ය සාජන් කේ හෙග්ඩ් පවසා ඇත.
ඒ සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ විසිතුනක මුදල සොයා ගැනීම සඳහා තමන්ට හැකියාවක් නොමැති බව ඔහුගේ පියා වන ඩී බී සිරිවර්ධන මහතා කියයි.
දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔහු සුව කැර ගැනීමට ඔහුගේ පියා පරීත්‍යාගශිලීන්ගේ උදව් ඉල්ලයි.
ලංකා බැංකුවේ මැදවච්චිය ශාඛාවේ එස් චරිත නිරංජන් සෙනවිරත්න නමින් අංක 3974950 ගිණුමකි. swift code –BCEYLKLX
ඔවුන්ගේ දුරකතන 071-2938379,025-5633421

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙයට උදව් කල යුතුයි (නදී)
අපිට හැකි අයුරින් අපි කීයකින් හෝ උදව් කරමු .! මාත් යම් මුදලක් යැවීමට ඉටා ගත්තෙමි .! හැමගේ කාරුණික හදවත් මේ දරුවා දෙසට යොමු වේවා ..!(දිල්)
පුළුවන් තරම් මේයාට උදවු කරන්න ඕන අපි ඔක්කොම එකතු වෙලා වැඩි දුර තොරතුරු ලින්ක් වලින් බලන්න https://www.facebook.com/pages/Helping-Charitha/1501885846697914?ref=හල් https://www.facebook.com/giveahandtocharitha?fref=ts (අ)
ඔබ තනි නැත මෙසිරිලකේ, ඔබ වටිනවා අපට පුතේ. අපටත් අඩු පාඩු ඇතේ එනමුත් ඔබ රකිනු ඇතේ. (ස)
අපිට හැකි අයුරින් අපිත් උදව් කරමු.(අ)
හැකි තරමින් උදවු කරමු (නි)
මේ දරුවට හැකි අයුරින් පිහිට වෙමු. මම ඔබට උදව් කරනවා පුතේ, (ස)
පුළුවන් තරම් උදවු කරමු (නි)
පුතනුවනි, ඔබ තනිවී නැත. මේ පුවත පල කලාට ලංකාදීපයට ස්තුති කරමි. අපේ පුතෙකු ලෙස සලකන්න බොහෝ අය සිටින බව ස්ථීරය. මම සුළුවෙන් කරන අධාරය භාරගන්න. (නදී)
හේතුව මොකක්ද මේ ලෙඩේට ? සිංහල බේත් වලින් පුළුවන් නේද මේවගේ දේ හදන්න? ඒවත් කරලා බලන්න හොඳ කෙනෙක් ගෙන්. අනික ඇලුමිනියම් බාජන වල කෑම වතුර දාල තියෙනවා නම් වෙනස් කරලා වීදුරු, මැටි වගේ දේ පාවිච්චි කරන්න. අාට දුර්වල වෙනවා විස නිසාත්. කුඹුරු පරණ විදියට කෘතීම පෝර නොදා වවලා කෑමට ගන්න. (නදී).