විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගන්නා නවක සිසුන්ට ඉදිරියේදී මානසික සෞඛ්‍ය තත්ත්වය මැනීම සදහා වන පරීක්ෂණයකටද මුහුණ දීමට සිදුවනු ඇත.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාව මේ සදහා මූලිකත්වය ගෙන තිබේ.පරීක්ෂණය කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය ගැන ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ අදහස් විමසමින් සිටිනා බව
උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මෑත කාලයේ විශ්වවිද්‍යාල වල ඇතිවූ සිදුවීම් දෙස බැලීමේදී මෙවන් පරීක්ෂණයක් හදුන්වාදීම යෝග්‍යයැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂුනිකා හිඹුරේගම මහත්මිය පවසන්නිය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිසුන් මානසිකව මෙන්ම ශාරීරිකවද සූදානම් කිරීමේ අරමුණින් නායකත්ව පුහුණු වැඩසටහනද කි‍්‍රයාත්මකය.නමුත් වෙනම මානසික සෞඛ්‍ය තත්ත්වය මැනීම සදහා වන පරීක්ෂණයක්ද ඇති කිරීම සිදුකළ යුතුව ඇතැයි බළධාරීන්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. මේ උගත්තු පෙනෙන්නේ මානසික ලෙඩ්ඩු වගේ තමයි. හේතුව උගත් හැම දෙනාම දන්නවා (නි)
ඔය ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලින් බලයට එන තුමාලගේත් මානසික තත්වය පරික්ෂා කලොත් නරකද? (නි)
ඔය මානසික පරීක්ෂණයම මානසික ලෙඩක් බවට පත් කළ හැකි අය එමටයි. දරුවනේ අවදියෙන් ඉන්න... (නි)
මම හිතන්නේ අලුතෙන් එන සිසුන් වාගේම දැනට සිටින සිසුන්ගේගේද මනස පරික්ෂා කළොත් හොඳයි. මොකද අලුතෙන් සිසුන්ගේ මානසික තත්වය පිස්සු කරන්නේ දැනට සිටින සිසුන් නිසා බැවිනි . (නි)
විශ්ව විද්‍යාල සඳහා තේරෙන රටේ උගත් බුද්ධිමත් සිසුන් පය තබන විශ්ව විද්‍යාලයේ පවතින දේශපාලන පරිසරය නවක සිසුන් ඔවුන්ගේ දේශපාලන රාමුවට කොටුකර තැබීමට දරන උත්සාහයන් මත මානසික පීඩනයට ලක්වීම වලක්වා ගැනීම අසීරු වේ. විශ්ව විද්‍යාලයේ සන්නද්ධ ගතව සිටින දේශපාලන කල්ලි ඔවුන්ගේ පටු අරමුණ ඉටු කරගැනීමට දරන පළමු පියවර වන්නේ නවකවදය ක්‍රියාත්මක කිරීමයි. මෙය ශිෂ්ඨ සම්පන්න සමාජය අනුමත නොකරන්නකි. පාසල් තුල විනය ගරුකව අද්‍යාපනය ලද උගත් සිසුන්ට මෙය ද දරා ගත නොහැකි පිඩනයකි. තවද ,උසස් අද්‍යාපනය තුලින් ලබන මහා දැනුම බුද්ධිය සමාජ ගත කිරීම වෙනුවට මොවුන්ට සිදුවන්නේ විශ්ව විද්‍යාලය තුල ඇති අයහපත් පරිසරයට අනුගතවිමටයි. මේ හේතු මත උගත් කම කෙසේ වෙතත් , සැබෑ උගතුන්ගෙන් රටට ලැබිය යුතු යහපත් නව ආකල්ප අප රටට නොලැබීම ද අභාගයකි.(නදී)
කිසිම පිස්සෙක් තමුන්ට පිස්සු කියලා දන්නේ නැහැ. හිතන්නේ හොදට ඉන්න අනිත් මිනිස්සුන්ට පිස්සු කියලා. බොරු නම් ගිහින් කතා කරලා බලන්න පිස්සන් කොටුවේ කට්ටියගෙන්. (නි)
කොහොමත් ඔය නිදහස් අධ්‍යාපනයෙන් බිහිකරන්නේ පිස්සෝ තමයි. අන්තවාදී පුද්ගලවාදය තමයි මුන්ට හැදෙන පිස්සුව. උදාහරණය දොස්තර.(නදී)
උසස් අධ්‍යාපන ඇමති වරයාගෙන්ම පටන්ගත්ත නම් තමයි වඩාත්ම සුදුසු. ඔහුගේ සිට පහලම සිටින රටේ පුරවැසියෙකු වන මා දක්වාම පරික්ෂා කල යුතුයි. අපි හැමොටම පිස්සු නිසා තමයි ලංකාව රටක් විදියට මෙතරම් ආගාදයකට වැටී තිබෙන්නේ.(නදී)
හොද වැඩක් විශේෂයෙන් ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වල අය පරීක්ෂා කරන්න ඕනෑ. මොකද ඒගොල්ලෝ හැසිරෙන්නේ අනිත් අය පහත් කරලා (නි)
සබ්බේ පෘතග්ජනා උම්මත්තකා... කියලයි බුදු දහමේ ඉගැන්වෙන්නේ. ඒක සත්‍යයක් කියලා රටේ සිද්ධ වෙන දේ දිහා බැලුවම කියන්න පුළුවන්. ඒක හින්දා මේ උගත් දරුවන්ට අපහාස නොකර පොදුවේ රටේ ඉහල ඉඳලා පහලට එනකම් මනෝ චිකිත්සාවකට සහබාගි වුනොත් නම් කාටත් ගුණයි.අනික රටේ තියෙන ඇති නැති පරතරය දිහා බැලුවම කාටද අප්පා පිස්සු හැදෙන්නේ නැත්තේ (නි)
පෙරේරා ඔබ හරි. කලයුත්තේ ඒකයි. නැතුව මේ පරීක්ෂණ සම්පත් නාස්තියක් විතරයි. උසස් පෙළ සමත් නම් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් බවට පූර්ව නිගමනයක් කළයුතුයි. ආකල්ප මැන්නත් වැඩක් නැහැ, ඒවා වෙනස්වෙනවා ඇතුලට ආවාම. දෙවන වසරේදී පිස්සු හැදෙයිද කියලා නිශ්චිතව කියන්න බැහැ. (නි)
පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට ඇතුලත් වන අයටත් මෙවැනි මානසික සෞඛ්‍ය තත්ත්වය මැනීම සදහා වන පරීක්ෂණයකට හා මැර දර්ශකය මැනීමේ පරීක්‍ෂණයකට ද යොමු කර වාර්තාවක් ගැනීම වත්කම් හා බැරකම් වාර්තාව සමගම මැතිවරණ කොමසාරිස් වෙත භාරදීමට ක්‍රමවේදයක් ඇති කලොත් නරකද? (නි)
ලසන්ත මාන සමග එකග වෙමි. කොහොමත් දැන් හැටියට නම් මහත්තයා/බිරිය දෙන්නම පරීක්ෂාව කරගන්න එක හොදයි. (නි)
සනීවා , ඔයාට මානසික ලෙඩක් තියනවද කියලා ඉස්සෙල්ලම බැලුවොත් නරකද? (නි)
සිංහල කතාවක් තියෙනවනේ අතීසාරයට අමුඩ ගහනවා කියලා. මේකත් ඒ වගේ වැඩක්. මානසික නීරෝගිතාව කියන්නේ මොකද්ද කියලා අපේ අය දන්නවා ඇති කියලා හිතනවා (නි)
ඔයාගේ මිනිහා නම් අන්ත මානසික රෝගියෙක්.(නදී)
තවත් සරසවි සිසුන් අවුස්සන සහ කෝපයට පත් කරන ක්‍රියාවක්.මනස පිරික්සීම වරදක් නැහැ.නමුත් එය ප්‍රථමයෙන් සරසවි සිසුන්ගෙන් ඇරඹීම යෝග්‍ය නැහැ. මෙයට වරද ළදරුවා කාලේ ඉඳලා වැරදි විදියට සමාජගත කිරීමයි. එහෙනම් හොඳ නැද්ද මෙය ඔඩු දුවනකන් ඉඳලා සරසවි සිසුන් කේන්ද්‍ර කරගෙන අරඹනවාට වඩා කලයුතු තැනින් ආරම්බ කලොත්? අපේ රටේ පාර්ලිමේන්තුව දැක්කම ඔයිට වඩා මනසවල් ගැන කලකිරෙනවා (නි)
සියලුම දේශපාලකයන්ටත් මානසික පිරික්සුමක් කරමුද? (නි)
අන්න හොද පිළිවෙලක්. අපේ රටේ සරසවි ඉන්න බොහෝ දෙනෙක් මානසික රෝගීන්. (නි)
අදහස අගය කළ යුතුය.බොහෝ රටවල උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආතතිය අවම කර ගැනීම සඳහා නොමිලයේ සේවාවන් සලසනවා.තමන්ට යම් මානසික පීඩනයක් ඇතිවුනහම ළමයි ඒවාට ගොස් උපදෙස් ගන්නවා. සෑම පාසලකම පවා මෙවැනි කෙනෙක් ඉන්නවා.ළමයින්ගේ මානසික තත්වය මෙයින් ආරක්ෂා වෙනවා. (නි)
අද ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට මේක අවශ්‍යයි. (නි)
මානසික පරික්ෂාව කරන්න ඕනා දෙවෙනි වසරේදී සහ ඊට පස්සේ. ඒක තමය් ඒ අයගේ මොලේ අවුල් වෙන කාලේ.(අ)
ඇයි ප්‍රදේශීය සබා පළාත් සබා පාර්ලිමේන්තුව ඒවාට නැද්ද ?(අ)
මේක හොද වැඩක් චන්ද අපේක්ෂකයින්ගෙත් බලන්න ඕන(අ)
මේක හොද වැඩක් චන්ද අපේක්ෂකයින්ගෙත් බලන්න ඕන (අ)
මානසික පිරික්සුම කරලා වර්ග කරන්න ක්‍රිමිනල් මානසිකත්වය, ලිංගික මානසිකත්වය, සොරකම් කිරීමේ මානසිකත්වය යනාදී වශයෙන්. එය පිටවීමේ සහතිකයේ සටහන් කරනවානම් වඩාත් හොඳයි.(නදී)
ඉහළ පාලනාධිකාරියේ අයගෙත් බලන්න ඕනෑ (නි)
උසස් අධ්‍යාපනයට ඉන්න ලොකු අයගෙත් බැලුවානම් හොදයි.(නදී)
සාදුකාරයක් දීලා ඔය වැඩේ තම තමන්ගේ ගෙදරින්ම පටන් ගත්තා නම් හොදයි. වැඩේ වෙන්න ඕනෑ පිළිවෙල 1. මම 2. මහත්තයා/බිරිය 3. සරසවි ළමයි (නි)
දුප්පත් දෙමව්පියන්ගේ මුදලින් සහ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන සරසවියට ඇතුල් උනාට පසු බංකොලොත් දේශපාලුවන්ට කඩේ යාම කරන්නේ මානසික රෝගයක් නිසා විය හැක. එ නිසා ඇතුල්වීමට පෙර මොවුන්ගේ මානසික රෝග ගැන විමසුමක් කර ඇතුල් කර ගැනීම වඩා හොඳයි.(නදී)
හරි දැන් ඉතින් ඔය ටෙස්ට් එකෙනුත් පාස් වෙලා කැම්පස් එකට ගියා කියමුකෝ. ඊට පස්සෙත් පිස්සු නැටුවොත්? (නි)
පටන් ගන්න ලොකු තැනින්.(නදී)
දැන් වෙනදේවල් දිහා බැලුවම ඉතාමත් හොද අදහසක්. දැනට ඉගෙන ගන්න අයගෙත් පරික්ෂා කලානම් හරි .මොකද මේ අය දැන් කෙලින්නෙම පිස්සුනේ.(නදී)
දැන් වෙන දේවල් දිහා බැලුවම ඉතාමත් හොද අදහසක්. දැනට ඉගෙන ගන්න අයගෙත් පරික්ෂා කලානම් හරි. මොකද මේ අය දැන් කෙලින්නෙම පිස්සුනේ.(නදී)
එලියට ආවට පස්සෙත් රස්සාවක් දෙන්න කලින් බැලුවොත් හොඳයි.(නදී)
මෙතන මානසික පරික්ෂාව කල යුත්තේ මේ ආයතනයේ උඩම ඉන්න කීප දෙනෙක්ගේ. එතකොට ළමියින්ගේ පරික්ෂා කරන්න ඕන වෙන්නේ නැහැ නේද?(නදී)
ළමයෙන්ගේ නම් එක පාරක් බැලුවම ඇති. හැබැයි දේශපාලකයන්ගේ නම් හැමදාම බලන්න ඕනෑ. (නි)
මේක සිංහල බෞද්ධ රටක්. මනස සකස් කර ගැනීමට ඕන කරන හැම දේශනයක්ම බුදු දහමේ අන්තර්ගත වෙනවා. (නි)
කැම්පස් යන්න බැරුව වසර 11/ 13 ක් ඔය කවුරු කවුරුත් නිදහස් අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඇයි? කැම්පස් යන්න බැරි අය කැම්පස් යනවුන් විතරක් නිදහස් අධ්‍යාපනය ලබනවා කියලා කුහක ප්‍රකශ කරන්නේ (නි)
කාලීන තීරණයක්. මෙය අනිත් ක්ෂේත්‍රයන්ටත් ව්‍යාප්ත කරනවා නම් හොඳයි. විශේෂයෙන් නිලවරණ, මැතිවරණ සහ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා අත්‍යාවශ්‍යයි.(නදී)
මේ අධ්‍යාපන ක්‍රමයෙන් වෙන්නේ කොහොමත් මානසික පිස්සෝ බිහිවෙන එක විතරයි. උපාදි කියලා රජයට අරගෙන බොරුවට පඩි ගෙවනවා. කාලේ කාලා නිකන් ඉදලා රටට බරක්වෙලා මියයනවා. ඒ මදිවට විශ්‍රාම වැටුපත් ගන්නවා. ඒ තුලින් ජනතාවට බදු වැඩි කරලා අපහසුතාවට ලක්කරනවා. හොදම දේ රජයේ රැකියා අවමකර ජනතාවට ප්‍රතිලාබ ලබාදීම. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොතරම් පිරිසක් නිකන් ඉන්නවද ??රජයේ කොතරම් පිරිසක් පින් පඩි ගන්නවද ? මේක තමයි රටේ විනාසේ !! (නි)
අධ්‍යාපනයට අයිති සියළු දෙනාගේම මොළ පරික්ෂා කළ යුතුයි.(නදී)
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මුල් පුටුවේ ඉදලා පරික්ෂා කරන්න.(නදී)
මේක ඉස්සෙල්ලම කරන්ඩ ඕනේ රට කන දේශපලුවන්ටයි පවුල්වල උදවියටයි එයාලට කරලියට එන්න ඡන්දය දුන් අයටයි.(නදී)
බොහොම හොඳයි. කැම්පස් ආපු දා ඉඳන්ම ජ්‍යෙෂ්ට සිසුන් නවක වදය දෙනවා. ඇදුරෝ සිසුවියන්ට අයුතු යෝජනා කරනවා. ඉංග්‍රීසි බැරිනම් දේශනා තේරෙන් නෑ. දවසක් පරක්කු වුනොත් පැවරුම් බාරගන්නේ නෑ. එතකොට තව අවුරුද්දක් වැඩිපුර ඉන්න ඕනෑ. හැම තැනම කැපිල්ල. මේවා මැද හිත හයියට තියාගන්න බැරිනම් නවක සිසුන් ලෙඩ වෙනවා දිවි නසා ගන්නවා. මානසික තත්වය බලල පෞරුෂය වර්ධනය කරන්න ප්‍රතිකාර කරන්න ඕනේ. උපාධිධාරීන් අපේක්ෂා කරන ඉහල රැකියා කරන්න මනා පෞරුෂයක් ඕනෑ, ආතතිය දරාගන්න හැකිවෙන්න ඕනෑ. ගෙවල්වල මල් වගේ හැදුන ළමයින්ට විශේෂයෙන්ම මෙය කරන්න ඕනෑ.(නදී)
ප්රතිපාදන කොමිසමේ ඉහලුන්ගේත් මානසික මට්ටම්.(නදී)
ඉන්දියාවේත් මෙහෙම උපාධියට රැකියා දුන්නා නම් කොහොම තියෙයිද ? වසරකට මිලියන 10 විතර උපාධි ගන්නවා. ඒ අය රැකියා හොයාගෙන ලෝකේ වටේ යනවා. පිකටින් කරන්නේ නැහැ. (නි)
ලෝකේ කොහෙවත් නැති දේවල් ලංකාවට ගෙනෙන්න හදනනේ ඇයි? ලංකාවේ උසස් පෙළ විබාගේ ජයගෙන කැම්පස් තේරෙන දරුවෙක් සරසවිය තුල තියන විෂය ධාරාව හැදෑරීමට සුදුසුකම් සපුරා ඉවරයි. සරසවි වරම් ලබන දරුවන්ගේ හැකියාවන් අබියෝගයට ලක් කරන මෙවැනි යෝජනා වලට අපි නම් කැමති නැහැ (නි)
මානසික පරීක්ෂාවෙන් පේල් වෙන අය දේශපාලනේට අරගෙන අධ්‍යාපන ඇමති වරුන් වීමට පුහුණු කලයුතුයි.(නදී)
රනිල් කිව්වා හරි. වඩා හොද නැද්ද උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කන්ගෙත් මොලේ පරීක්ෂා කලානම්? (නදී)
මේකෙන් නොකියා කියන්නේ විශ්ව විද්‍යාලවල ඉන්නේ මානසික ලෙඩුන් කියලද .?(නදී)
සියල්ලටම පළමුව යම් ප්‍රශ්නයක් තියෙනවනම් මහා පාරේ බල්ලෝ වගේ බුදියා ගන්නේ නැතුව විනීත විදියට සාකච්ඡා කරලා විසඳගන්න. නැතිනම් අසොභන විදියට හැසිරිලා තම්න්ගේ පවුල් පසුබිහම ප්‍රදර්ශනය නොකර ඉන්න.(නදී)
මාදවී කියලා තියන විදියේ කවුන්සලින් සේවා අපේ රටට අවශ්‍ය නැහැ. මේක බෞද්ධ රටක්. (නි)
මට හිතෙන විදිහට මේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන තරගකාරිත්වය නිසා තමයි දැන් ඉන්න ළමයි ආගම ධර්මයෙන් ඈත් වෙලා ,තරගකාරී ,ආත්මාර්ථකාමී,කුහක රටාවකට පත් වෙලා තිබෙන්නේ. මෙම අධ්‍යාපන රටාව වෙනස් කරලා ළමයින්ව පීඩනයෙන් නිදහස් කලානම් සිසුන්ටත් හොඳ මානසිකත්වයකින් ඉගෙන ගෙන නිදහස් අධ්‍යාපනයේ ඵල රටට නෙලා දෙන්න හැකි වෙයි.(නදී)
අධයාපනය සදහා සියලු දෙනාටම අයිතියක් ඇත , මෙවැනි පරීක්ෂන මගින් එය අහිමි කල හැක. නිදහස් සිතිවිලි නෙති කල හැක. සියලු දෙනාටම මානසික ප්‍රශ්න ඇත. නමුත් එක කොට්ටාශයක් පමණක් පරීක්ෂා කිරීම සමානාත්මතාවය නැති කිරීමකි. සිදු කල යුත්තේ රටේ ආර්ථික හා සමාජ සංවර්දනය තුලින් සිසුන් එම තත්වයට වැටීම වැලක් වීමය. එසේ නොමැතිව අපේ රටේ එක පිරිසක් පරීක්ෂණ තියා පිස්සන් යැයි හංවඩු ගැසීම නොවෙයි.(නදී)
සරසවි වලට දේශපාලනය ඇතුලත් නොකර හිටියානම් ඔය මොකවත් ඕනේ නැහැ.(නදී)
අමාලි සිල්වාටත් මානසික පරීක්ෂණයක් කරන්ඩ ඕන වගේ.(නදී)
මානසික ප්‍රශ්ක කාටද නැත්තේ. අපි ඔක්කොම එක විදියක පිස්සෝ. පිස්සුව නෙමෙයි ප්‍රස්නේ පිස්සු කෙලින එකයි. ඔය අන්තරේ ඔතනින් අතු ගාලා බංකොලොත් දේශපාලන පක්ෂ වලට විශ්ව විද්‍යාල ගොදුරු බිම් නොකර සිසුන්ගේ සාදාරන ප්‍රශ්න හොයලා බලලා ඒඑවට විසදුම් දීලා සිසුන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් බිහි කල දවසක සිසුන්ගේ මානසික ප්‍රස්නත් නැති වේවි.(නදී)
කැම්පස් ගියාම තමා ඉංග්‍රීසි වල අගේ තේරෙන්නේ. දේශන තේරෙන්නේ නැහැනේ. එතකොට තමයි කරපු මෝඩකම තේරෙන්නේ. සිංහලයාගේ ජාතිවාදී හැගීම් වලට යටවෙලා තීරණ ගත්තම මුහුණදෙන්න වෙනේ අපිටමයි. බුද්ධියෙන් ක්‍රියාකරමු දැන්වත් (නි)
මුලින්ම පරීකෂා කරන්නන ඕනෑ දේශපාලඥයින්ගේ (නි)