(නිමල කොඩිතුවක්කු)
රජයේ විශ්ව විද්‍යාලවල සිටින ශිෂ්‍යයන් දඩමීමා කරගනිමින් ඇතැම් වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සිදුකරන ක්‍රියාවන්ට එරෙහිව මහජනතාව නැගී සිටිය යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය (සයිටම්) දෙමාපිය සංගමය අවධාරණය කරයි.
සයිටම් ආයතනය හෝ එහි උපාධිය සම්බන්ධයෙන් එල්ල වෙන ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට සූදානම් බවද එම සංගමයේ සභාපති කේ.බී තෙන්නකෝන් මහතා කොළඹ ජාතික පුස්තකාළ පරිශ්‍රයේ අද 06 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
සයිටම් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කරන බලපෑමේ වන්දිය එම විරෝධතා සංවිධාන කරන කණ්ඩායම් වලටම දැරීමට සිදුවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙන්නකෝන් මහත්මයා ඔබේ දරුවා ගැන ඔබ බලාගන්න. අපේ බුද්ධිමත් දරුවන් කරන්නේ මොකක්ද කියලා අප දන්නවා. ඔබ ඒ ගැන කණගාටු වියයුතු නැහැ.
ධම්ම, මගේ බදු මුදල් පාවිච්චි කර තමයි නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ.නොමිලේ අධ්‍යාපනය ලබා ගනිමින්, සරසවියට ඇතුල්වී දේශපාලකයන්ට කඩේ යාමට මගේ බදු මුදල් වැය කරනවට මා කොහෙත්ම අකමැති වෙමි. බුද්ධිමත් දරුවන් කරන්නේ මොකක්දැයි කියල දන්නවනම්, ඔවුනට ඉගෙනුම සදහා සරසවියට යා යුතු නැත. අනික නම් සිසුන් කරන්නේ මොකක්ද කියලා දන්නවනම්. රටේ බදු ගෙවන, රැකියාවට යන මහජනයාට අවහිර කරමින් මහා මාර්ගයේ කලබල නොකළ යුතයි.
මේ ගැමුණු මහත්තයාගේ දෙමාපිය සංගමයද ,නැත්නම් බ්‍රෑන්ඩ් නිව් එකද ? මට පෙන විදියටනම් අලුත්ම එක වගෙයි .
තමන් දක්ෂ නම් කිසිම කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. අපිත් ගමෙන් ඇවිත් විශ්ව විද්‍යාලයට ගොස් පැමිණි පිරිස් තමයි. නමුත් අපි කිසිම කෙනෙකුට බය නැහැ අපි දක්ෂ නිසා. ඒ නිසා පුද්ගලික අංශයට තියෙන බොරු බය ඉවත් කර ගෙන තරගකාරී රටාවට ළමුන් හුරු කිරීම තමයි වැදගත්.
මිනිපේ ඒදවස් වල ඉගෙන ගත්තේ නැත්නම් , දැන් අනික් යට බනින්න එපා. ඔයා බදු ගෙවන්නේ නැතුව ඉන්න. ඔයාගේ බදු මුදල් නාස්ති කරන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අය. අහිංසක ළමයි මුදලට නොව දක්ෂයාට තැන දෙන්න කියල කියන්නේ. තේරුනාද ?
ධම්ම ඔය වගේ උද්දච්ච බොළඳ ටෝක්ස් අපි 1971 දී සහ 1988-1989 කාලයේදීත් ඇසුවා. 1987 කාලයේදී අපි විශ්ව විද්‍යාලයේ සිටිද්දී සමහර අපේ යාළුවන්ට අනන්තවත් අපි අවවාද කරා ඔය ඔබ කියන බුද්ධිමත් දරුවන් නොමග යවන ඊනියා මානව හිතවාදී දේශපාලන පක්ෂය කියන දේවල් නොකරන ලෙස. නමුත් ඔවුන් ඒවා ඇසුවේ නැහැ. අද අපේ එම යාලුවෝ මැරුණු තැන්වල හිටවපු ගසුත් නැහැ. ඔවුන් ගැන අද කතාවක්වත් ඔය කුහක දේශපාලන පක්ෂය කරන්නේවත් නැහැ. ඔවුන් අනුගමනය කරන්නේ කරපිංචා නියායයි. පාවිච්චිකර ඉවත දැමීමයි. ඒ ටික ඔබ කියන බුද්ධිමත් දරුවන් ටික දෙනා තේරුම් ගත්තොත් ඔවුන්ගේ සහ අනිත් අයගේ ජීවිත වලට ඔවුන් කරා ගන්නා යහපතක් වේවි.
මෝඩ දරුවන් වෙනුවෙන් සයිටම් හොර උපාධිකඩය විවෘත කලාට අපිට කමක් නැහැ.නමුත් උගත් බුද්ධිමත් දරුවන් ඉගෙනගන්නා රජයේ වෛද්‍යවිද්‍යාලයේ උපාධිය ඒ මෝඩ ළමයින්ට දීමට අපි විරුද්ධයි.තව දෙයක් ඔබගේ දරුවට සයිටම් හොර උපාධියක් ඇතිබව ප්‍රසිද්ධියේ පෙන්විය යුතුයි..උදා. සයිටම් කියන ලාංචනය ඔවුන්ගේ ඇඳුමෙහි පැළඳිය යුතුයි...එවිට රෝගීන්ට ඒ හොර දොස්තරලාගෙන් අරක්ෂාවිය හැක.
මිනිපේ ,,කියන්නම් වාලේ බදුමුදල් හැම එකටම ගවන්ට එපා හැම මහජන සුබසදනයක්ම කරන්නේ බදු මුදලින් වෛද්‍ය සිසුන් විතරක් නොවේ ,,,,මන්ත්‍රීලා අඩුමුදලට බත් වේල කන්නෙත් බදු මුදලින් ,,මිනීපෙට වෛද්‍ය සිසුවෙක් වෙන්න බැරිවුනේ බුද්ධිය අඩුනිසා ,,,මමත් 8 සමත් ,,මටත් බුද්ධිය මදිවුනා ,,,,මෙම ගැටලුවේ පිය sb ,,,ගැටලුව විසදන්න ඉඩනොදෙන්නේ දත් රාජිත සහ ඕනේ ගොනෙක් කිරිඇල්ල ,,,,සෛටම් වාසිය යුතුය,,සුදුසුකම් ඇති සෛටම් දරුවන් රජයේ විශ්යවිද්යාල වලට අනුයුක්ත කර ගැටලුව විසදිය යුතුය ,,නෙවිල් චන්ඩියගෙන් ළමුන්ට වන්දි අරන් දිය යුතුය ,,,නැවත පුද්ගලික විදුහල් එපා
මේ දවස්වල NSBM කැම්පස් ඇඩ්ස් ටී.වී. එකේ නිතරම යනවා.රජයේ රැකියාවලටත් තියෙන විබාග වලින් දැන් දැන් පාස්වන ගොඩ දෙනෙක් පුද්ගලික විශ්ව විද්‍යාලවල ළමයි. NSBM ,ස්ලිට් සහ අනිකුත් පුද්ගලික විශ්ව විද්‍යාල වල ළමයි පන්ති වර්ජනය කරලා නැහැනේ.මේ දොස්තරලට රැවටිලා පන්ත්වර්ජනය කරන වෛද්‍ය සිසුන් හැර අනිකුත් සිසුන්ට යන එන මං නැති වෙනවා.
රජයේ වෛද්‍යවිද්‍යාලයේ උපාධිය තමයි හොඳම එක කියන එක මිත්‍යාවක්. ඒක හරියට රජයේ සේවය තමයි හොඳම සේවය කියනවා වගෙයි.
එතකොට මේ දෙමාපියනුත් විරෝදතා වලට ඉන්නවනේ ඒ අය දඩමීමා ද නැත්නම් වෙන මිමෙක්ද
මෙතන ප්රශ්නය තියෙන්නේ රජයේද පෞද්ගලිකද කියන එක නෙවෙයි . උපාධියේ ප්රමිතියයි .
මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නොදැන එය ගැන කතා කරනවා. ඕනෑම කෙනෙකුට රටින් පිට ගොස් ඕනෑම හොර විශ්ව විද්යාලකින් සහතික අරන් එන්න පුළුවන් නම්, ඇයි මේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල සහතික නොහොද? මගේ මෙතන අවුල තිබෙන්නේ, සයිටම් ගැන නොවේ,දේශපාලන හැමදාම චන්දෙන් අන්ත පරාජය ලබන පක්ෂ,සිසුන් කුලී හේවායන් ලෙස යොදා ගැනීමයි.
ඩිංගිරාල මහත්තයෝ තමන් ගැන විතරක් නෙමේ රටේ ඉදිරි පරම්පරාවෙ අනාගතය ගැන හිතලා ඒ වෙනුවෙන් වැඩ කරපු ඔබේ සගයින් මිය ගොස් ඒ වෙනුවට එම පරම්පරාවෙ ඔබ වැන්නවුන් ඉතිරි වීම ගැන ඇත්තේ ඉතා කණගාටුවක්.. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා වේ.. අනුන් ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා වැඩ කලේ නම් ඔවුන් බොහොමයක් අද ඔබලාට වඩා උසස් තැනක
ලංකා මොකක් නිසාද පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන ළමයි රජයේ විශ්ව විද්‍යාල වලින් එන ළමයින්ට වඩා රජයේ විභාග පාස් වෙන්න හේතුව? ඔබට කොහෙන්ද තොරතුරු මූලාශ්‍ර?
සමන්ට තේරෙන විදිහට මොකක්ද නිදහස් අධ්‍යාපනය කියන්නේ?
පුද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රතිපල හොද වීමට එක හේතුවක් තමයි, අතින් ගෙවල ඉගෙනගන්න එක. නිකම් ලැබෙන දේ කාටවත් අගයක් නැ.
මිනිපේ මහත්තයෝ... කැම්පස් ළමයි උපාධිය සම්පූර්ණ කරනවා කියන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරයි කියන එක... එහෙම උපාධිධාරියො රැකියා විරහිතව පාරෙ ඉන්නවයි කියන්න එකට "නිකම් ලැබෙන දේ අගයක් නෑ" වගේ කථා කියන්න එපා. ඒක අදාල නෑ. මොකද කැම්පස් වල අමතර වැඩ කරන ළමයිනුත් ඉන්නවා අධ්‍යාපනය වෙනුවෙන්ම පමණක් ජීවිතය කැප කරන ළමයිනුත් ඉන්නවා. උපාධිය සාර්ථකව නිම කළාට පස්සේ මේ කොයි කාටත් එකම ඉරණම තමයි. මේ ළමයින්ට වෙන අසාධාරණය මෙතන පණ්ඩිත අදහස් දාන කාටවත් පේන්නේ නෑ. උසස් පෙළ හොඳට සමත් වෙලා කැම්පස් උපාධිය සමත්කරලා එනකොට ඒ ගොල්ලන්ට රස්සා නෑ. ඒත් ඇති හැක්කන්ගේ දරුවො කොහොම කරත් වයිට් කොලර් ජොබ්ස්, ලොකු ලොකු තැන්වල. මේකම තමා ලංකාගේ කථාවෙනුත් නොකියා කියවුනේ....