විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ දූදරුවන් වෙනුවෙන් පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන හඳුන්වා දීමේ වැඩ සටහනක් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දී අද (22) පැවැත්විණි.
උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න, ප්‍රතිපාදන කොමිසමේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේක මැතිවරණ නීතියට එකඟයිද ? (නදී)
පේරාදෙණියේ විතරද විශ්ව විද්‍යාල තියෙන්නේ? අනේ මන්දා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
අනේ හොඳයි (නි)
පේරාදෙණියේ තියනවලු රජරට තියනවලු .හැබැයි අලුත් සංකල්පයක්ලු.අනේ මන්දා ඉතින් (නි)
විශ්ව විද්‍යාල ආචාර්යවරු 6% ක් අධ්‍යාපනයට වෙකරන්න කියලා කෑගැහුවා. එතකොට බීරි අලි වගේ ඉදලා දැන් මේ දේවල් පමා වැඩියි (නදී)
කොච්චර කරුණාවක්ද ? (ස)
ගොඩක් පෙර පාසල් ගුරුවරු දන්නේ, පෙර පාසල් හා දිවාසුරැකුම් මධ්‍යස්තාන කරගෙන යන්න විතරයි. (නදී)
චන්ද තිබුනත් නැතත් කිසිම ප්‍රසිද්දියක් නැතිව දරුවන් ගේ අවශ්‍යතා මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නිහඬව යමක් කළ ආර්යාවන් අපේ ඉතිහාසයේ හිටියා. (හේ)
මේවා කරලා නෙමෙයි, දැන් නම් සක්කරයගේ පුතා වයිමා ආවත් ගොඩදානවා නම් බොරු (නදී)
අනුකම්පාසහගත හදවතක් ඇති ඔබ අගයමු (නි)
මේක කොහොමද අලුත් සංකල්පයක් වෙන්නේ. ? මගේ මහත්තයා සේවය කරන විශ්ව විද්‍යාලය තුල දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් දැනටම තිබෙනවා. කාවද මේ රවට්ටන්න හදන්නේ ? (නදී)
දන්නා තරමින් දිවා සුරැකුම් ස්ථානයක් දැනටමත් පේරාදෙණිය සරසවියේ තිබෙනවා. (නදී)
ඒක නම් හොඳ වැඩක් (නි)
බොහොම කාලෝචිත තීරණයක් (නි)
කාන්තාවන් වන අපි කළයුතු සහ නොකළයුතු වැඩ හඳුනාගෙන ක්‍රියා කළයුතුයි. ඊට තරාතිරම අදාළ වෙන්නේ නැහැ. නීතියට ගරුකිරීම සැමට අදාළයි. (නි)
හරියට හරි විජේදාස ඡන්දයත් කිට්ටු නිසා බොහොම කාලෝචිතයි. (නදී)
මේ වැඩේ පසුගිය සෑහෙන කාලයක් පහු වෙලා දැන් ඇයිද දන්නේ නැහැ පටන් ගන්නේ? ඒ කාලෙත් සරසවි සේවකයන්ට ඔය දරුවන්ගේ රැකවරණ ප්‍රශ්නය තිබුන නේද ? (නදී)
අනේ මන්දා මේ හදිසියේ සරසවි සේවකයන්ගේ දරු උපත් සංක්‍යාව වැඩි වුනා වද්ද? (නදී)
මේවා අලුත් දේවල් නෙමෙයි පේරාදෙණියේ මෙම පහසුකමට දැන් වසර 10 කටත් වැඩියේ කාලයක ඉදලා තියෙනවා (නදී)
මගේ නැන්දගේ දුව පේරාදෙණිය සරසවියේ සේවය කරන අතර ඇගේ බාලම දරුවා පසුගිය අවුරුද්දේ සිට දැනටත් එහි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැකවරණය ලබයි. අනේ මන්දා මේ වැඩ පිළිවෙල මොකක්ද කියලා. (නදී)
පුළුවන් කට්ටිය මේ දැන් උනත් ගිහින් බලන්න පේරාදෙණිය සරසවියේ දැනටම මේ පහසුකම් තිබෙනවා. මේක අලුත් වැඩක් නෙවෙයි . ප්‍රවර්ධනයක් විතරයි. (නදී)
මෙහෙම ස්ථාන තියෙන බව පෙන්වන එකත් හොදයි. එතකොට මිනිස්සු මේවා ලබාගන්ට මොනවා හරි කරයි. (නදී)
විශ්ව විද්‍යාල අචාර්ය වරු සමග නම් කටයුතු කරන එක බොහොම අමාරුයි. මොකද ඒගොල්ලෝ බොහොම උගත්. ටොපි කන්න බොහොම හොරයි. (නදී)
මේවා කරන්න ඡන්දයක් එනකල්ම ඉඳලා තැපැල් ඡන්දෙ හෙට කියල බලන් හිටිය නේද? විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය නම් රටේ බුද්ධිමත් පිරිසක් (නදී)
ප්‍රමාද වැඩියි (නදී)
රජරට විශ්වවිද්‍යාලෙ එකට දැන් අවුරුදු තුනයි. තවම ළමයි නෑ. (ස)