ප්‍රගති සමාලෝචන රැස්වීමක මුවාවෙන් සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල හා ආචාර්යවරුන් අරලියගහ මන්දිරයට ලබන පළමුවැනිදා කැඳැවීම ගැන ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු හා සභාපති චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරු විරෝධය පළ කරති.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උත්සාහා කරනුයේ විශ්ව විද්‍යාල පරිපාලනය දේශපාලනීකරණයට ලක් කිරීමට බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් ඔවුහු කියති.
මේ රැස්වීම ජනපතිගේ ජනපතිවරණ ව්‍යාපාරයේ කොටසක් බවට පවතින සැකය සාධාරණ බවද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ විජේ? (අ)
කැමති අයට යන්න පුළුවන්, ඔබලාගේ දේසපාලනය අනෙක පිට බලෙන් පටවන්න එපා
විජේසුරිය "කොහොමත් මේ රජය නිසා විශ්වවිද්‍යාලවලට සෑහෙන සේවයක් වුනා."වුණ එකම සේවය තමයි අසරණ දරුවන්ව බලහත් කාරයෙන් රැගෙන ගිහින් හමුදා පුහුණුවක් දීල "මොළ හෝදපු" එක.මොළ හෝදපු දරුවට දෙසපලකයෙක් දැක්කම කානු පල්ලේ වැටිලා සැරියුට් ගහන්නයි, වදින්න කියද්දී වදින්නයි උගන්වපු එකද? (අ)
වතුර බේසමේ කකුල් දෙක දාගෙන රෑ 2-3 වෙනකම් දුක් විදලා පාඩම් කරලා ගණිත අංශයෙන් විශ්වවිද්දියාලයට සමත් වුන(2014) මගේ දරුවත් බලහත් කාරයෙන් ඔය කියන හමුදා පුහුණුවට අරගෙන ගිහින් සැලියුට් ගහන්න උගන්වල ගෙදර එව්වා. (අ)
ඉස්සර කිව්වෙ නම් සරත් ෆොන්සේකා හදන්නේ රටම හමුදා කරණය කරන්න කියල .එත් අද මොකක්ද රටට සිද්ද වෙලා තිබෙන්නේ?(අ)
ඔහොම තමයි අවශ්‍ය සුදුසුකම් හරි හැටි සපුරන්නේ නැතිව තනතුරු වලට රින්ගුවාහම, (හේ)
විජේසුරිය, ලජ්ජා නැද්ද දොළ පිදේනි වලට ඔහොමත් කඩේ යන්න. කවදා සිද්ද වුනු දේවල්ද? (නදී)
ටිකිරි බණ්ඩා, ඔබ කියන දේ සම්පුර්ණ සත්‍යයි. (නදී)
මහාචාර්ය වරුන්ගේ සුදුසුකම් නැවත පරික්ෂා කරන්න (ස)
කැමති අයට විතරක් නෙවේ. හැමෝටම අනිවාර්ය කරලා. ළමයින්ට උගන්වන්න තියෙන වෙලාවේ දේශපාලන රැස්වීම්වලට යන්නවෙලා. (දිල්)
වික්‍රම, ඊලග ආත්මෙවත් හොදින් ඉගෙන ගන්න බලන්න. එතකොට ඔයාටම ඔය තැන්වලට ගිහින් බලන්න පුළුවන් මොන වගේ දේශපාලන සංස්කෘතියක්ද කියලා. මම හිතන්නේ දන් සැලෙන් කලා දිරවාගන්න බැරුව ඉන්න එක්කෙනෙක්ද කොහෙද ? (නදී)
මම දේශපාලනය කරන කෙනෙක් නෙමේ. මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. මේ දවස්වල අපිට ලියුමක් ලැබිල තියෙනවා, දෙසැම් 2 ජනාධිපතිතුමා සහභාගිවෙන මහපොළ සම්බන්ධව පැවැත්වෙන වැඩසටනකට සහභාගී වෙන්න කියලා. ඒකට නොගියොත් මහපොළ අහිමි වෙනවා කියල කියලා තියෙනවා. මොන තරම් විලි ලජ්ජා නැති කතාවක්ද ඒක. මාධ්‍යවේදීන්ට මේවා පේන්නේ නැද්ද? (නදී)
ටිකිරි බන්ඩා ඔබ කියන දෙවල් වලට එකගවෙන්න අමාරුයි. මාත් සරසවි ශිෂ්‍යයෙක්.මාත් නායකත්ව පුහුණුවට සහබාගි වුණා.එකෙදි ඔය කියන මොළ හෝදන ඒවා කරන්නේ නෑ...තමන්ට හරි කියලා හිතෙන දේ ස්වාදීනව තෝරාගන්න තමා කියලා දෙන්නේ..විශ්ව විද්‍යාලයේ නවක අනුරුපිතාවයේදී තමා ඕක වෙන්නේ.වත්මන් රජයෙන් වුණු විශාලම සේවය තමා විශ්ව විද්‍යාල වල නවක වාදය සීමා කරපු එක.නවක වදය තව ටික දවසකින් විශ්ව විද්‍යාල වලින් නෑතිවෙලාම යාවි. නායකත්ව පුහුණුවට වියදම් කරන මුදල් නාස්තියක් කියන එක පුළුල්ව කතා කල යුතු මාතෘකාවක්. රජයේ කොච්චර වැරදි තිබුනත් හරි දේ අගය නොකිරීම කුහකකමක්.....(අ)
මේ ප්‍රගති සමාලෝචන මීට කලින් කොහෙද තිබුනේ ,එතකොට අරලිය දන්සල වහලද ? (ම)
විජේසූරියට පිස්සුද? විශ්ව විද්‍යාලයකට ගිහිල්ල බලන්න. මම දන්නා විශ්ව විද්‍යාලවල සමහර දේවල් නඩත්තු කරන්නේ ආදී සිසුන් රජය ගෙවන්නේ වැටුප් විතරයි. (ම)
ජයවේවා! (නි)
ඔබතුමාගෙන් අපි සාධාරණ සමාජයක් බලාපොරොත්තු වෙනවා (නි)
එතකොට ජෙප්පෝ විශ්ව විද්‍යාල ඇතුලේ කරන්නේ දේශපාලනේ නොවේද? මෙයාල ජෙප්පන්ට කඩේ යන්නේ. (නදී)
ඔබ හරි (නි)
ඒකනම් ඇත්ත.දේශපාලනය ගෑවෙනවා කියන්නේ අධ්‍යාපනය ඉවරයි.(හේ)
ඔබලාට මගේ උපහාරය අනිකුත් රාජ්‍ය නිලධාරිනුත් මේ විදිහට කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්නවානම් කොච්චර හොදද මේක මෙවර පටන්ගත්තේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ තමඊ හෙදියන් පිරිසක් අරලියගහ මන්දිරයට ගෙනිහිල්ල (අ)
අනෙකුත් රාජ්‍ය නිලධාරිනුත් මේ විදිහට කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්නවා නම් කොච්චර හොඳද? (නි)
ඔබට මගේ උපහාරය! (නි)
උගත් කොන්ද පන ඇති පිරිසක්. ඔබලාට සුබ පැතුම්. (ර)
දේශපාලනය ගෑවුණේ කොතැනද එතන අවුලක්... (නි)
විජේසුරිය වගේ රටක සිදුවන අසාධාරණ දේවල් නොදැක සිටින අය ඉන්නා රටක දරු පරපුරක ඉරණම කොපමණ අසුන්දරද? (නි)
කාටවත් බල කරලා නෑ.. ඔයලා එන්න එපා.. අපි යන්නම්.. කොහොමත් මේ රජය නිසා විශ්වවිද්‍යාලවලට සෑහෙන සේවයක් වුනා. (අ)
විජේසුරිය, මොකද? ඔයා එතනත් මොකක්හරි තැනක් ගන්නද හදන්නේ? (නි)
අරලියගහ මන්දීරයට ගියා කියල ඉබේම එතුමාට ජන්ද වැටෙනවද? (ර)
විශ්ව විද්‍යාල කවදාවත් දේශපලම අතකොලු නොවිය යුතුයි. (ර)
ආචාර්ය මහාචාර්ය වරුනි, ඔබ තුමන්ලාගේ උගත්කම දේශපාලනයට යට වෙන්න දෙන්න එපා. එහෙම උනොත් උසස් අධ්‍යාපනය වල පල්ලට යාවි.අපේ දරුවන්ගේ අනාගතය විනාශ වේවි. (ස)
රුවන් අපි කැමති ඔය කියන ලියුම බලන්න. අනේ ඔය ලියුම දෙන්නකෝ මාධ්‍යවලට දාන්න කියල....... (ස)
මේ රැස්වීම ජනපතිවරණ ව්‍යාපාරයේ කොටසක්. (ර)
ඕකට ඔච්චර දඟලන්න දෙයක් නැහැ. කැමති කෙනෙක් ඕනෑ නම් යයි. අකමැති කෙනෙක් නොයා ඉන්න. ඕක අනිවාර්ය කරලා නැහැනේ. ඕකට ගියත් එතන වැරදි දෙයක් කියනවා නම් ආචාර්යවරුන්ට ඒක අවබෝධ කරගන්න පුළුවන්. මොකද එයාලා උගත් බුද්ධිමත් අයනේ. (නි)
සරසවියට දේශාපලනය ගෙනාව නිසයි අද මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ.(හේ)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා විශ්ව විද්‍යාල පරිපාලනය දේශපාලනීකරණයට / පාදදීකරණයට ලක් කිරීම, ජේආර් 1977 දී පටන් ගත්තේ සුදුසුකම් නැති එඋන්ට දොළ පිදේනි වලට කඩේ යන්න ලජ්ජා නැත.(ස)
මේවා මීට කලින් මේ රටේ සිදු වුන දේවල් නෙවෙයිනේ. මොකද මේ රජයේ සේවකයන්ට දෙපා ලඟට එන්න කියල බලපෑම් කරන්නේ. ඊළඟට ආවේ නැත්තේ කවුද කියල සොයලා බලාවි. අනතුරුව සිදුවෙන්න් මොකද්ද කියල අපිට හිත ගන්න පුළුවන්. (ස)
ආචාර්‍යවරුත් කලු කෝපි බීවා නම් අහු උනා තමයි (නදී)
කිසිම රජයේ සේවකයෙක් ආණ්ඩුවට කඩේ යාමට අවශ්‍ය නෑ. හැබැයි, ආණ්ඩුවයි රජයයි කියන්නේ දෙකක් කියල හිතාගන්න බැරි මිනිස්සුත් මෙතන කමෙන්ට් දල තියෙනවා. (ස)
මේ මහත්වරු දේශපාලනය දන්නෙම නැති කරන්නෙම නැති හරිම ස්වාධීන පුද්ගලයන් කියලද කියන්නෙ? විශ්ව විද්‍යාල ඇතුලත තියෙන්නෙ අන්තගාමී දේශපාලන කඳවුරු. එයාලා විරුද්ධ මත ඉවසන්න බැරි කට්ටියක්. එයාලගේ මතයේ නැති අය තමයි බහුතරයක් විශ්වවිද්‍යාල තුල ඉන්නේ. ඒවට සල්ලි එන්නෙ කොහෙන්ද කියලා බොහෝ අය දන්නවා. එයාලව සනසන්න මේවා ඉවසගන්න බැරි තත්වයක් තියෙන්නේ. ඡන්ද ප්‍රතිපලයෙන් ඒවට පිලිතුරු ලැබෙිවි. කොටියට කඩේ යන උන්ගෙන් යැපෙන නොරටුගාමි දේශපාලන පක්‍ෂවලට කඩේ යන අය තමයි එයාලගේ දේශපාලනය ගැන ලැජ්ජ වෙන්න ඕනා. (නදී)