මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට දළ දේශිය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කැර ගැනීම, විශ්ව විද්‍යාල ක්‍රමයේ යහ පාලනය තහවුරු කිරීම,පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමයේ යහ පාලනය තහවුරු කිරීම ,පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද(09) පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදුරුතුමනි ..ඔබට ජය..!!(දිල්)
සරසවි ඇදුරෝ මේ විදිහට මහපාරේ ඉන්න ඕනෑ කට්ටියක්ද? (නි)
මේ සමහර අදහස් නිවැරදියි. මම මේ ෆොටෝ වල ඉන්න සමහර අය දන්නවා. අපි විශ්ව විද්‍යාලවල ඉන්න කාලේ හිටිය අය. ඒ දවස්වල අපි මේවා ගැන උද්ඝෝෂණ කරනකොට පැත්ත පළාතේ එන්නෙ නැතුව හිටියා. අද මහපාරේ ගුරුවරු හැටියට කෑගහනවා... (නි)
2003 පේරදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මේ ගැන කියලා කෑගහනකොට කොහෙද හිටියේ? දැන් ඇහැරිලා. (නි)
ඒඩ්‍රියන්, ඒක තමා දැනට තිබෙන මිම්ම (නි)
නිදහස් අධ්‍යාපනය රැක ගන්න විශ්වවිදියාල ආචාර්යවරුන් ගෙන යන සටනට ජයවේවා ! (ර)
මේවා කරලා වැඩක් නෑ...මොකද දේශපාලනය කරන්නේ සහ බලය තියෙන්නේ ඉගෙන ගත්තු අයට නෙවෙයිනේ..ඉතින් මොකටද අධ්‍යාපනය ගැන කියලා.. බීරි අලියට වීනා ගහනවා වගේ..(හේ)
අපේ සරසවිවලට ගිය කළ(දිල්)
රටේ උසස් අධ්‍යාපනය කරදරයක් නැතිව කරගන යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල පමනයි, අනිත් ඒවගේ හැමදාම මොකක් හරි අල්ල ගෙන ඩේගා නටනවා, මේ හදන්නේ ඒ ටිකත් කාලා දාන්නද? (හේ)
සුනෙත් ඔබ හරි. (හේ)
ඇයි හැමදාම සරසවි වල ප්‍රශ්න? (නි)
කුමාර්, ඔයාගේ අදහසට මම එකගයි. (ර)
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටන පොදු අවශ්‍යතාවක් උදෙසාය. (නි)
ඇත්තටම මේ සටනේ සැබෑ උරුමක්කාරයෝ වන්නේ හීනෙන් නැගිට නන්දොඩවන්නන් නොව අපේ අනාගත පරපුරයි. අපට නිදහස් අධ්‍යාපනය මිස වෙන කවරක්ද? (නි)
ඉස්සර වගේ නෙවෙයි පිටරට රැකියා නැහැ ඉහල උපාධිධාරීන්ටත් (නදී)
මේක තමයි වෙලාව (දී)
ඔබලා හිතන්නේ පෞද්ගලික සරසවි වල හොඳ ආචාර්යවරු ඉන්නවා කියලද ? ඉන්න අයගේ සුදුසුකම් නැහැ. පෞද්ගලික සරසවි වල තත්වය ඒකයි. ඒක මුදලලාලිගේ දරුවන්ට හොඳයි (නදී)
අවාසනාවකට හැමෝටම පේන්නේ අනුන්ගේ ඇද. අද ජාතික විශ්ව විද්‍යාල වල ඇති සම්පත් වලින් ප්‍රයෝජනයට ගන්නේ 50% විතරයි. ඉතිරිය අකාර්යක්ෂමතාවය නිසා අපතේ යනව බව කතා කරන්නේ කීයෙන් කීදෙනාද? ඔවා දෙනු පරහට තමා සම්මතේ සිට. (නදී)
මේ බෝඩ් එල්ලගෙන අව්වේ දුක් විදින වෙලේ අර පොදු අපේක්ෂකතුමා එක්ක කතා කරලා ප්‍රස්නේ විසදගන්න. එතුමා දිනෙව්වා නම් ඉවරණේ. (නදී)
පඩි වැඩි වුනාට පස්සේ 6% ගැන වගේ වගක්වත් නැතිව හිටපු අය දැන් මොකද එක පාරටම. මෛත්‍රී මහත්තයෝ ඔය උගුල් වලට නම් අහු වෙන්න එපා (නදී)
අනිවාර්යෙන් සතියේ දින 5 තුල අඩුම වශයෙන් පැය 8ක් වත් විශ්ව විද්‍යාලය තුල රැඳී සිටිනු! (නදී)
සුන්ත්, කුමාර්, ඇදුමෙන් පැළදුමෙන් සරසවි ඇදුරෙකු මැනිය නොහැක. ඔහු කොණ්ඩය වැව සිටියත්, ඔහුගේ බුද්ධිය ඔයාල දෙන්නටම වැඩ දහස් ගුනකින් වැඩි. අද ගොඩක් හොඳ ප්‍රතිපල ගන්න (ප්‍රථම පන්ති සාමාර්ථ) අය ගොඩක් රට දාල යන්නේ පඩි මදි නිසාම නෙමේ. (ර)
මේවා රටටම විශාල කොඩිවිනයක් වෙලා. අපරාදේ ළමයින්ගේ කාලය. (නි)
අනිවාර්යෙන් සතියේ දින 5 තුල අඩුම වශයෙන් පැය 8ක් වත් විශ්ව විද්‍යාලය තුල රැඳී සිටිනු! (හේ)
දේශපාලනීකරණය වූ සරසවිය (අ)
ප්‍රථම පන්ති සමාර්ථයෙන් හොඳ මොළ තියනවද කියන්න නම් බැහැ. (ර)
කුමාර, ඔබට පුලුවන්ද ලක්ෂ 70කට විතර උපාධියක් ගන්න. (ර)
මේ තමා රටේ උගත්ම පිරිස රටට පෙන්වන ආදර්ශය. අර්ථයෙන්ම මේ අය කට්ටඩියෝ (ඇදුරෝ)තමයි. 100% ෂුවර් මේ අය අම්ම තාත්තට ගරු කරන්නේ,සලකන්නේ නෑ. මේ අය පොකට් එක ගැන විතරක් හිතන ඇදුරෝ. (බ)
කියන විදියට මේ ඉල්ලීම් මේ වෙලාවේ ලැබෙයිද.(හේ)
සමහරු දැක්කම ඇදුරෝද යකැදුරෝද කියලා හිතාගන්න අමාරුයි (නි)