පර්යේෂණ දීමා වැඩි කරන ලෙසත්, සිසු මර්දනය නතර කරන ලෙසත් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද කොළඹ තුම්මුල්ල මංසංදියේ දී විරෝධතාවක් පැවැත්වීය.
අයහපත් කාලගුණය ද නොතකා ඔවුහු ඉල්ලීම් හයක් මුල්කරගෙන වීදි බැස සිටියහ.
පර්යේෂණ දීමා වැඩි කරන ලෙසත්, සිසු මර්දනය නතර කරන ලෙසත් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද කොළඹ තුම්මුල්ල මංසංදියේ දී විරෝධතාවක් පැවැත්වීය.
අයහපත් කාලගුණය ද නොතකා ඔවුහු ඉල්ලීම් හයක් මුල්කරගෙන වීදි බැස සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමුක්ති මෙයාල කොහොමත් රට දාල යන කට්ටිය තමයි. මෙයාලගේ දු දරුවෝ සේරම ඉගන ගන්නේ පිටරටවල නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න. පාරට බැහැල කෑගහන්න බැරිද අර විපතට පත්වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට රජයෙන් ලැබෙන ආධාර මදි කියලා.(නදී)
මම පෙර දින දක්වාම සරසවි සිසුන්ට සහයෝගය දැක්වුවා. එහෙත් එක්තරා සරසවි සිසුවෙකු මෙතන අදහස් ලියන අයට සමච්චල් කළ විදියට මම හිතුවා, නැවත කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ කියලා. (නි)
හැම තත්පරයකම මොකක් හරි අව්ලක්! (ස)
ජයසිංහ මහත්තය විමුක්තිව අදුනන්නේ නැහැ වගේ. නම වගේම තමයි එයාගේ ඇග පුරාම විමුක්තිය. හැබැයි ඉතින් එයා ඔය අලුත් මුණු පොතේ විමුක්ති කාමියෙක්. අතීතය ගැන දැනුමක් නැති. අම්ම තාත්තවත් හරියට කියාලා දීල නැහැ මේ මනුස්සයා අදහන විමුක්තිකාමින්ගේ කෙරුවාව. ඒ කෙරුවාව නිසා මේ පොළොවට අහිමි වුනු තරුණ ජිවිත ගණන , විනාශ වුනු රාජ්‍ය දේපල ප්‍රමාණය. මේ අද ඊයේ ඉපදිච්ච එව්වන්ට ඒවා වැඩක් තියෙනවයි.අනුර මහත්තයාගේ ඇස්ගෙඩි උඩ තියන් කරන කතාවක් ඇහුවම කට්ටිය හිතන්නේ එ්ක තමයි ලෝකේ කියලා. ඕවා ගණන් ගන්න එපා ජයසිංහ මහත්තයෝ. හොද තැනකින් කනකම් ඔය අමාරුව අරින්න බැහැ.(නදී)
මේ අදහස් වලින් පේනවා අදහස් දාන අය කොච්චර මෝඩද කියා.(නදී)
මේ විරෝධතාවයට නම් ප්‍රහාර එල්ල වෙන එකක් නැහැ. රනිල් මහතාගේ නෝනා ත් මෙතන ඉන්න නිසා මේකට කඳුළු ගෑස් ගහන්න ගිහින් ජාත්‍යන්තර නෑමක් නාන්න වෙන බව කට්ටිය දන්නවා. (නදී)
ශලනි මෙහෙම හැම වෙලාවේම තමන්ගේ වගේ විතරක් හිතන්නේ නැතුව සාදාරනව හිතුවා නම් හරිනේද ? තව කෙනෙක් සල්ලි දීල ඉගෙන ගත්තත් මොකද වෙන්නේ , කොහොමත් සල්ලි තියෙන ළමයි දැන් අපොස සාමාන්‍ය පෙළවත් ලංකාවේ කරන්නේ නැහැ (නදී)
අපේ මිනිසුන්ට වැදගත් වෙන්නේ ජාතිය සහ ආගම පමණි . (නදී)
හැබැයි මම බුද්ධිමතුන්ගේ දීමනා වැටුප් වැඩිකිරීමට උපරිම සහයෝගය දෙනවා. මොකද අට පාස් නැති සමහර දේශපාලකයන් ලක්ෂ ගණන් ගනිද්දී මේ මිනිසුන්ට ටිකක් වැඩියෙන් දුන්නම මොකද කියලා හිතෙනවා (නි)
දහස් ගණන් මහජනයා ගංවතුරෙන් අසරණ වෙලා සිටින එකේ ඕක පස්සේ කරගන්න තියලා ඒ මිනිසුන්ට ටිකක් පිහිට වෙන්නකෝ (නි)
ගොඩක් දෙනෙක් පාර අවහිර වෙලා කියලා අදහස් දක්වලා තියෙනවා. මෙයින් පාර කිසිම අයුරකින් අවහිර වෙලා නැහැ. මේකෙන් පේන්නේ අදහස් දක්වපු අයගේ කුහකකම විතරයි. (නදී)
මේක උද්ඝෝෂණ විරෝධතා කරන්න ඕන වේලාවක්ද? අරෙහෙ දහස් ගණන් මිනිස්සු ගංවතුරෙන් විපතට පත්වෙලා. පුළුවන් තරමින් උපකාරයක් කරනවා වෙනුවට කට්ටියක් පඩි වැඩි කරන්න කියනවා. තව කට්ටියක් සැණකෙළි පවත්තන්න ඉඩ දෙන්න කියා බෙරිහන් දෙනවා. (ස)
රටේ සල්ලි කොපමණ අපරාදේ නාස්ති කරනවද...දයට කිරුලටයි අරකටයි මේකටයි ....පර්යේෂණ වලට සල්ලි නැතිව කොහොමද අද්‍යාපනය නගාසිටුවන්නේ. ලංකාවේ කී දෙනාද පර්යේෂණ ලිපි පළකරන්නේ. මේවා ඇතිවෙලා තමයි මම රටින් පිටවෙලා අද විදේශ විශ්ව විද්‍යාලයක සේවය කරන්නේ. මේ රටේ පර්යේෂණ වලට හොදට රජයෙන් පහසුකම් සපයනවා. අපිට දුකයි අපේ දැනුම රටට දෙන්න බැරි වීම ගැන. එත් මොනවා කරන්නද. (ස)
කිව්වට වරදවා හිතන්න ඒපා. මමත් විශ්ව විද්‍යාලයට ගිය ළමෙයක්. එක එක දීමනා වැඩි කරන්න කියලා කි්ව්වට මේ අය විශ්ව විද්‍යාලවලට වෙලා කරන්නේ මොනවද කියා බැලුවොත් නරකද? (නදී) .
දිලූ එ්ක නම් ඇත්ත (නදී)
ඇත්තටම අවුරුදු 3 කින් ඉවර කරන්න පුළුවන් පාඨමාලාවන් නිකන් පරක්කු වෙන එක තමයි වෙන්නේ. මගේ නම් අදහස තියෙන විදියට ඉගෙනීම් කරගෙන ඉක්මනින් රස්සාවක් හොයා ගත්තා නම් අඩුම තරමේ දෙමව්පියන්ට වත් බරක් නොවී ඉන්න පුළුවන් (නදී)
පර්යේෂණ කරන අයට පමණක් මේක දෙන්න ඕනි. අනික් අයට දෙන්න හොද නැහැ. ගොඩක් කට්ටිය හරියට පර්යේෂණ කරන්නේ නැහැ.(නදී)
මේ තමයි රටේ බුද්ධිමතුන්, උගතුන්...මේ උදවිය මෙහෙම පාරවල් වල ඉන්න ඕනෑ නැහැ (නි)
මම නම් මේ කරන දේ අනුමත කරන්නේ නැහැ (නි)
මේවා අපේ සමහර අයට වැදගත් නැහැ. අද හවසට බනින්න පටන් ගනීවි මෙයාලට වැඩ නැතුවට පාරට බැහැලා කෑ ගහනවා කියලා. (නි)
ලංකාවේ පාලකයෝ දැන් ටික ටික ඉල්ලීම් ලබාදෙන්නේ විරෝධතාවයේ බලය අනුව බව පේනවා. මේක නම් ආශ්චර්යයක්ම තමා. (නදී)
මෙතන අදහස් ලියපු එක්තරා සරසවි සිසුවකු සෙසු පාඨකයන්ව හැඳින්වුයේ සාමාන්‍ය පෙළ වත් නැති නුගතුන් විදියට. උපාධිදාරින්ට රැකියා වෙළඳපලේ ඉඩක් නැති වෙන්න එක කාරනාවක් තමා මේ උද්දච්චකම සහ සමාජයට අනුගත වෙන්න නොදැනීම. තමන් තරම් දන්නා කිසිම කෙනෙකු නැති කියලා හාපුරා ලැබෙන රස්සාව පටන් ගත්තාම ඉතින් ප්‍රශ්න ගොඩයි. (නදී)
රටේ මේතරම් විනාශයක් වෙලා තියෙද්දී මේ කරන දේවල් හරිද? (නි)
ඉස්සර සිසුන් විතරයි, දැන් ගුරුවරුනුත් එකතුවෙලා.ඒත් දේශපාලනය බලවත්.... (නි)
මේ වැස්සේ පාරට බැහැලා පාර අවහිර කළවිට අපි කොහොමද ගෙවල් වලට යන්නේ? එයාලට ප්‍රශ්නයක් නැහැ. (නි)
මෙවැනි වුර්තීය ක්‍රියාමාර්ගයන් ක්‍රියාවට නංවන්නේ මාස ගානකට පෙර සිට සැලසුම් කිරීමෙන් හා විවිද පාර්ශවයන් දැනුවත් කිරීමෙන් පසුවයි. එබැවින් අයහපත් කාලගුණ තත්වයක් රටේ යම් ප්‍රදේශයක ඇතිවූ පමණින් වුර්තීය ක්‍රියාමාර්ගයක් කල් ල් දැමීම දුෂ්කර කටයුත්තක් බව මතක් කිරිමට කැමතියි. (ස)
මෙහෙමි ඉතින් හැම එහෙකටම පාරට බැස්සම හරිද? සරසවි කියන්නේ ඔහොමද ආදර්ශයක් වෙන්නේ ? ඔතන ඉන්නේ ලංකාවේ ඉන්න හොදම සිසුන්. උසස් පෙලින් වැඩිම ලකුණු අරන් බොහොම අමාරුවෙන් අම්මල දුක් මහන්සියෙන් හම්බු කරලා එවන්නේ පාරවල් ගානේ ඉන්නද ? ඔය පුරුද්ද අන්තිමට රස්සාවල් කරන්න ගියාමත් ඇති වෙලා වැඩ කරන එක පැත්තකින් තියල වැඩ වර්ජන. (ස)
දිලූ ඔයා විශ්ව විද්‍යාලයට ගිය ළමයෙක් නම් ඇයි මොකටද ආචාර්යවරුන් කරන කියන දේවල් බලන්න අපි යන්නේ ? ඔයාම ඒ ටිකත් මෙහි සදහන් කළා නම් හොදයි නේද? (නදී)
පර්යේෂණ දීමනා වැඩිකළ යුතුයි. මන්ද අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. (නදී)
මොනවද මේ කරන වැඩ? රටේ සාමාන්‍ය ජනතාව මොනතරම් නම් අපහසුතාවයට පත්වෙලාද? (නි)
මේ කට්ටිය උගත් නිසා මේගොල්ල මොනවා කලත් හරිනේ. නේද ගාමිණී , අහිංසක මිනිහෙක් ගමට යන්න පාරක් ඉල්ලලා පාරට බැස්සොත් තමා උසාවි පොලිසි ගානේ යන්න වෙන්නේ. (නදී)
වැඩකරන ජනතාව අපහසුතාවයට පත් වෙන එක තමයි ඉතින් වෙන්නේ. එක්කෝ දුම්රිය වර්ජන , බස් වර්ජන පෙළපාලි. ගෙවල් වලට යන්න පරක්කු කරන එක තමයි (නදී)
මේ මිනිසුන් ටත් පුළුවන් නම් කියන්න අන්තරේට කඩේ යනවා ජේවීපී එකට කඩේ යනව කියල. එතකොට මෙතුමන්ලට කරන්න තියෙන්නේ කඩේ නෙමෙයි රට දාල යන්න. එතකොට විශ්වවිද්‍යාල සිසුන්ට හා දේශකවරුන්ට පිස්සු කියන අයම මේ ප්‍රතිපල බුක්ති විඳ ගනියි. (ස)
ඒගොල්ලෝ හැමදාම ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ සිසුන් ගැනත් මොනවා හරි දාලා. එතකොට මිනිස්සු වැඩිය මුකුත් කියන්නේ නැහැනේ. එක පාරක් අධ්‍යාපනයට 5% ඉල්ලලා උද්ගෝෂණයක් කරා. ඒ එක්කම ඒගොල්ලොන්ගේ ඉල්ලීම් වගයකුත් තිබුණා. පස්සේ ඒ ඉල්ලීම් නම් හුඟක් දුරට දිනා ගත්තා. ඊට පස්සේ අර 5% මතක නැහැ. දැනුත් ඒගොල්ලෝ කරන්නේ එ්කම තමයි. කොහොමද ටිකිරි මොලේ (නදී)
ජේ.වි.පි එකෙන් ලස්සනට පෝස්ටර් ටිකනම් ඇඳලා දීල තියෙනවා. (නදී)
මේ කට්ටියට නරකද අර ගංවතුරෙන් අනාත වෙලා ඉන්න මිනිස්සුන්ට මොනවහරි කරානම්. අනිත් මිනිස්සු ගංවතුරේ ගහගෙන ගියත් කමක් නැහැ අපේ වැඩේ කෙරෙනවා නම්!. පොඩ්ඩක් මේ දවස් පහුවෙනකම් වත් ඉන්න බැරි හැටි. (නදී)
අමාලි විනී, ගෙදර යන එකත් වැදගත් තමයි. එ්ත් රටේ අධ්‍යාපනයට වෙන විනාසය ගැනත් ජනතාව අවදානය යොමුකරන්න ඕන නේද? උගතුන් කියන්නේ මොනාද කියල නුවණින් හිතල බලන්න. අද්‍යාපනය විනාස උනොත් රටම අදුරේ. තමන් ගැන විතරක් නොහිතා ගුටි කන්න හරි පාරට බහින සිසුන්ට ඇදුරන්ට ප්‍රණාමය.(නදී)