දිවයින පුරා විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් අද (31) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුව පවසයි.
අධ්‍යයන කාර්ය මණ්ඩලයේ මාසික හිලව් දීමනාවට සාපේක්ෂව තමන්ගේ දීමනා පහත් මට්ටමක ඇති බවත් එය 100% දක්වා වැඩි කරන ලෙසද, භාෂා දීමනාව, පිළිගත් රක්ෂණ ක්‍රමවේදයක්, වයස අවුරුදු 60 දක්වා බාධාවකින් තොරව සේවය කිරීමේ අවස්ථාව ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් ධම්මික එස්.ප්‍රියන්ත මහතා පවසයි.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එහිදී තම ඉල්ලීම් සාධාරණ බව පිළිගෙන අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු රජයේ බලධාරීන් දැනුම්වත් කර ඇති නමුත් මේ වන තෙක් තම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් හෝ සිදු නොකළ බව ප්‍රියන්ත මහතා කියා සිටියේය.
අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් සියලුම විශ්ව විද්‍යාලවල දෛනික කටයුතු අඩාල වී ඇතැයි විශ්ව විද්‍යාල වෘත්තීය ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමටද සූදානමක් ඇතැයි එම කමිටුවේ සම ලේකම්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි අනධ්‍යයන සේවකයෝ සංකේත වර්ජනයක
නදීෂා Thursday, 31 March 2016 09:22 AM
සම්පුර්ණ ඇත්ත. අවංකවම මෙයාලට ගෙවන පඩිය වැඩියි. කරන වැඩක් නැහැ ගොඩක් දෙනෙක්. (නි)
නිල්මිණි-ජපානය Thursday, 31 March 2016 09:41 AM
මේ අයගේ වැඩ ගැන දකින්න නම් විශ්වවිද්‍යාල අැතුළට ගිහින් බලන්න ඕනේ. තුන හමාර වෙනකොටම ඇගිලි සලකුණු තියන යන්ත්‍රය ළග පෝලිමේ. හරියට වැඩක් කරන්නේ සුළු පිරිසයි. වැඩ කරන්න බැරි වර්ජන කරන අයගේ වැඩ තහනම් කරලා රැකියා විරහිත උපධිධාරියෝ තාක්ෂණ ඩිප්ලෝමාධාරියෝ බදවා ගන්න හොද අවස්ථාවක්. (බ)
හිමාල් Thursday, 31 March 2016 11:51 AM
කිසිදු පැමිණීම් පිටවීම් සටහනක් නැති, ඉගැන්වුවාද නැද්ද හොයලා නොබලන, මාසෙට දවසක් කැම්පස් එන සමහර දේශකතුමන්ලාට විතරක් අසාමාන්‍ය පඩි වැඩි වීමක් දුන්නම ඔහොම වෙනවා.(හේ)
සචිත් Thursday, 31 March 2016 06:21 AM
මේ කෑගහන බහුතරයක් කරන්නේ අයිස් ගහන එක තමා,ඒ මදිවට තව පඩිත් ඉල්ලනවා. අවංකව වැඩ කරන අනධ්‍යයන සේවකයෝ අදත් වැඩ. (බ)