දිවයින පුරා විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් අද (31) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුව පවසයි.
අධ්‍යයන කාර්ය මණ්ඩලයේ මාසික හිලව් දීමනාවට සාපේක්ෂව තමන්ගේ දීමනා පහත් මට්ටමක ඇති බවත් එය 100% දක්වා වැඩි කරන ලෙසද, භාෂා දීමනාව, පිළිගත් රක්ෂණ ක්‍රමවේදයක්, වයස අවුරුදු 60 දක්වා බාධාවකින් තොරව සේවය කිරීමේ අවස්ථාව ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් ධම්මික එස්.ප්‍රියන්ත මහතා පවසයි.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එහිදී තම ඉල්ලීම් සාධාරණ බව පිළිගෙන අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු රජයේ බලධාරීන් දැනුම්වත් කර ඇති නමුත් මේ වන තෙක් තම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් හෝ සිදු නොකළ බව ප්‍රියන්ත මහතා කියා සිටියේය.
අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් සියලුම විශ්ව විද්‍යාලවල දෛනික කටයුතු අඩාල වී ඇතැයි විශ්ව විද්‍යාල වෘත්තීය ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමටද සූදානමක් ඇතැයි එම කමිටුවේ සම ලේකම්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ ඇත්ත. අවංකවම මෙයාලට ගෙවන පඩිය වැඩියි. කරන වැඩක් නැහැ ගොඩක් දෙනෙක්. (නි)
මේ අයගේ වැඩ ගැන දකින්න නම් විශ්වවිද්‍යාල අැතුළට ගිහින් බලන්න ඕනේ. තුන හමාර වෙනකොටම ඇගිලි සලකුණු තියන යන්ත්‍රය ළග පෝලිමේ. හරියට වැඩක් කරන්නේ සුළු පිරිසයි. වැඩ කරන්න බැරි වර්ජන කරන අයගේ වැඩ තහනම් කරලා රැකියා විරහිත උපධිධාරියෝ තාක්ෂණ ඩිප්ලෝමාධාරියෝ බදවා ගන්න හොද අවස්ථාවක්. (බ)
කිසිදු පැමිණීම් පිටවීම් සටහනක් නැති, ඉගැන්වුවාද නැද්ද හොයලා නොබලන, මාසෙට දවසක් කැම්පස් එන සමහර දේශකතුමන්ලාට විතරක් අසාමාන්‍ය පඩි වැඩි වීමක් දුන්නම ඔහොම වෙනවා.(හේ)
මේ කෑගහන බහුතරයක් කරන්නේ අයිස් ගහන එක තමා,ඒ මදිවට තව පඩිත් ඉල්ලනවා. අවංකව වැඩ කරන අනධ්‍යයන සේවකයෝ අදත් වැඩ. (බ)