IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සරසවි අනධ්‍යන වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි

(රංජන් කස්තුරි )

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් කිරීමේදී භාවිතයට ගන්නා ශිෂ්‍ය අත්පොත සහ අයැදුම් පත්‍රය පිළියෙළ කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි වාර්තාවේ.

සරසවි ප්‍රවේශ ශිෂ්‍ය අත් පොත පිළියෙළ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2023 උසස් පෙළ විභාගය සමත්  සිසුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම මාස ගණනාවකින්  ප්‍රමාද විය හැකි බව ද විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ග ප්‍රියන්ත මහතා පැවැසීය.

සරසවි ශිෂ්‍ය අත්පොත සහ අයැදුම් පත්‍රය පිළියෙළ කිරීම මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සෝදුපත් බැලීම හා ඒ ඒ භාෂාවලින්  පිළි‍යෙළ කිරීම ආදී කටයුතු  සිදු කරන්නේ අනධ්‍යයන සේවකයන් බව ද ප්‍රියන්ත මහතා සඳහන් කළේය.



අදහස් (5)

සරසවි අනධ්‍යන වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි

Priyantha Wednesday, 22 May 2024 10:23 PM

සොදුපත් බලන්නේ ඒ අයද?

:       0       7

Kolitha Wednesday, 22 May 2024 10:29 PM

ඔය මගුල පෞද්ගලික ආයතනයකට දුන්නා නම් රට ගොඩ.. මේ බත් බැලයෝ එක්ක මොක සංවර්ධන ද?

:       1       13

G AJITH Thursday, 23 May 2024 12:46 AM

මේකට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද එහෙම නැත්නම් මේකට වෙන අය බඳවාගන්න බැරිදමොකක්ද මේ කරන විහිලුව

:       0       3

Saman Thursday, 23 May 2024 04:53 AM

ලංකාවේ සියලුම එකමුතඅ සංවිධානය තහනම් කළ යුතුයි...

:       0       4

Jayaweera mama Thursday, 23 May 2024 03:11 PM

දැනට උපාධිය ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට හා විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්න සිටින දරුවන්ට හා දැනට උසස් පෙළ හදාරන සිසුන්ට ඡන්ද බලය තියෙනවා කියලා පැහැදිලියි. ඉතින් දරුවනේ ඔබලාගේ අනාගතය කාබාසිනියා කිරීමට කටයුතු කරන්නේ වෙන්න ජනාධිපති අපේක්ෂක කයියනායක මැතිතුමා නායකත්වය දරණ මාලිමාව හා කිසිම ඡන්ද පදනමක් නැති පෙරෙට්ටුවෝ තමයි. එහෙම නම් ඔවුන්ට ඔය දරුවන්ගේ අනාගතය කාබාසිනියා කරන මාලිමාව ජයග්‍රහණය කරනවාද? නැත්නම් ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට මාලිමාව පරාජයට පත්කරනවාද? කියලා තේරුම් අරගෙන ඉදිරි ජනාධිපතිවරණය වෙලාවේ ඔබලගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site