චන්ද්‍රසිරි බණ්ඩාර, සුමනදාස අබේගුණවර්ධන සහ පියසේන රතුවිතාන යන ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ අනාවැකි නිසා වූ හානියට විරෝධය පළ කරමින් ජ්‍යොතිෂ සංගම් අද (27) කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් කළේය.
මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ වෛතික ජ්‍යොතිෂ විද්‍යාභි වර්ධන සංගමය සහ කුරුණෑගල මානස ගුරුකුලයේ ජ්‍යෙතිෂ්‍ය සංගම්ද ඊට එක්විය.
ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනන බව ඔවුහු කීහ. ඔහු නොදිනුවොත් සිරසට පැමිණ වෙඩි තබාගන්නා බවද කීහ.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ අනාවැකි නිසා රටට නම් හානියක් උනේ නැහැ. හොර ජ්‍යෙතිෂ්‍ය වෙළෙන්දෝ නම් එළිදරව් උනා. (බ)
ඩිලාන්, වගකීමක් නැති, රට වටේට සංවර්ධනය නාමයෙන් පවුලේ කට්ටියට ගසාකන්න ඉඩදුන් අයට තවදුරටත් රටක සංවර්ධනය බාරදිය හැකිද? (නි)
ඔක්කොම හොරු! මිනිස්සුන්ව නොමග යවන මොවුන්ව පුනරුත්ථාපනය කළ යුතුයි. (බ)
සමත්, ඔබේ අදහසට මමත් 100%ක් එකඟ වෙනවා (නි)
ලියොන්ගේ ප්‍රකාශය හරියට හරි (නි)
ඔය ඔතන විලාප දෙන ගොඩක් අය හොරු. මිනිස්සුන්ට බොරු අනාවැකි කියලා යන්ත්‍ර හදහා කෘතිම මැණික් දාලා ලක්ෂ ගනන් මුදල් හොයනවා. (නදී)
කරන වැඩේ හරියට කරන්න ඕනෑ. මහින්ද මහත්තය දිනනවා කියනකොට මට නම් හිතුනා මේ සැරේ පරදීවි කියලා. කලින් පරදිනවා කිව්වාම දිනුවනේ (නි)
සැබෑ ජීවිතයට සාස්තර අවශ්‍ය නැහැ (නි)
මේ අය ළඟට දැන් එච්චර මිනිස්සු එන්නේ නැතුව ඇති (නි)
හරියට දන්නේ නැතුව මොකටද අනාවැකි කියන්න යන්නේ. මේ අය කියන දේ ඇත්ත. බොරුකාරයන් නිසා වටිනා ශාස්ත්‍රයක් හෑල්ලු වෙනවා. (නි)
ඔක්කොම එකයි (නි)
ගාල්තැන්නේ එක්කෙනා නැද්ද? (නි)
නැකැත් හිස මත තබාගෙන වැඩ නොකර තමන්ගේ හිතට එකඟව, අවංකව, නිසි කලට, නිසි වෙලාවට සුදුසු ආකාරයට සුදුසු පරිදි තමන්ගේ වැඩ කරන්න පුරුදු වෙන්න. (නි)
ජ්‍යෝතිෂයට ගිය කල! (නි)
හොර කේන්දරකාරයින්ට එරෙහිව යහපත් ජ්‍යෝතිෂවේදීන් ඉදිරිපත්වීම හොද ලක්ෂණයක් (නි)
මේවා කතා ඇහුවම හිනා යනවා අනේ (දිල්)
ජ්‍යෝතිෂවේදීන් පාරට බැසීම කළයුතු නොවේ. තම වටිනා ඡන්දය පරාදයට පත්කළ බැවින් අවමානයට ලක් වූ ඡන්දදායකයින් තමයි මෙවැනි උද්ඝෝෂණ කළයුත්තේ. (නි)
සිරිසේන මහත්තයෝ, ඔබතුමා ප්‍රවේශම්වන්න (නි)
සමහරු මෙතැන ප්‍රතිචාර දක්වන්නෙ කිසිදු පදනමක් නැතුව. අපි කතා කළේ වැරදි විදිහට භාවිතා කරන ශාස්ත්‍රයට විරැද්ධව. ජ්‍යොතිෂයට නිග්‍රහ කරන සමහරැ ඒක කරන්නෙ .මේ ඉන්න අයත් අනිවාර්යෙන් තම තමන්ගේ අව්‍යශතාවලට කේන්දර බලනවා මෙතන උද්ඝෝෂණය කළාට (දිල්)
ජෝතිෂ්‍ය කරන හැමෝම මිත්‍යා දෘෂ්ටිකයෝ. ඔය කාටවත් බෑ මිනිස්සුන්ගේ අනාගතය කියන්න. (නදී)
ඔය එක සාස්තර කරුවෙක් ප්‍රේමදාස ජනාදිපතිවත් ඇන්දුවා. වරක් තමන් නොදන්නා ප්‍රවුර්ති රුපවාහිනියේ කියවන්න ගිහින් (එකම සැරයක්) කුමාර් අබේසිංහ මහත්මයාගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්තා. මේ ගොල්ලෝ අනාවැකි කියන්නේ අර අහිකුන්ටක කට්ටියවාගේ බඩ ගොස්තරය රැකීමට (නදී)
රට ජාතිය බේරාගත් සුමනදාසට, චන්ද්‍රසිරිට ජයවේවා ! රතුවිතානට ජයවේවා ! (නදී)
රට පස්සට තල්ලු කරන මිත්‍යා මත කාරයෝ. කාලීන සිදුවීම් කිවලා බලන්න අහිංසක දක්ෂ ළමයෙක් බිල්ලට දීල නිධානයක් ගන්න. මිනිසුන් රවටා සල්ලිගන්න මෙවැනි මිනිසුන්ට පොලිසියෙන් ගැහුවේ නැහැනේ (දිල්)
සේරම බොරු කාරයෝ කියන්නෙම බොරු (දිල්)
ජ්‍යොතිෂය කියන්නෙ මොකක්ද කියලා රාජකීය ජෝතීර්වේදියාටත් වැරදුන එකෙන් පෙනෙනවා. අනෙක් අය ගැන කුමන කතාද?පෙර රජදවස නම් මොවුන්ගෙ හිස ගසා දමනවා. (නි).
බුදුන්ගේ ධර්මය හරියට තේරුම්ගත් පුද්ගලයා මේ අන්ධ භක්තිකයන් අලුයම ලූ කෙළපිඬක් සේ බැහැර කරනවා. ජ්‍යෝතිෂ ,සාස්තර ,ලග්න පලාඵල ,අනාවැකි මේවා සත්‍ය නම් එදා සුනාමියෙන් මියගිය ලක්ෂ ගණනක් අද බේරිලා. (නි)
තරහා කාරයෙක් ඉන්නවනම් මේ අය ළඟට යැව්වනම් හරි (දිල්)
අම්මේ ,තාත්තේ හඳහන් බලන්න කියා ගොසින් ජෝතිෂ්‍ය කරුවන් තරකරන්න වියදම් කරන සල්ලි වලින් තමන්ගේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාරයක් අරන් දෙන්න.(දිල්)
ඩිලාන්ගේ අදහසේ අන්තිම පේලියේ කියලා තියෙන විදිහටම ජනතාව කරලා පෙන්නුවා පසුගිය අටවැනිදා .(දිල්)
මේක සාත්තරකරුවන්ගේ වරදක් නෙවෙයි (දිල්)
සාස්තර කියන අය කට ඇරියොත් කියන්නේ බොරු. එක්කෙනෙක් හරි ඉන්නවා නම් මෙයාලා කියන දේවල් ඇත්ත කියලා ඔප්පුකරන්න පුළුවන් දාන්නකෝ බලන්න අදහසක් (නි)
මේ ඔක්කොම එකයි. යන්න එපා මේ අයියලා ළඟට. අපල කියා දෙයක් නැහැ. තමන් මහන්සි වුණොත් ඔය අපල එකක්වත් නැහැ (නි)
දෑන් මෙයාලාත් කියපු අනාවැකි ඔක්කොම හරිගිහින් තියෙනවාද? එහෙනම් ඔය කියපු සියල්ල 100%ක් හරිගිය අයට පමණයි ඔය බෝඩ් අල්ලාගෙන ඉන්න පුලුවන්.අනිත් හැමෝම බෝඩ් බිමදාලා යන්න. (නි)
මම නම් හිතන්නේ හොඳ වැඩ දෙකක් වුණා. එකක් තමයි රටට වූ සෙත. අනෙක තමයි දැන් තිබෙන ජ්‍යෝතිෂය බොරුවක් කියලා ඔප්පු වූ එක. (නි)
මේ මැතිවරණය සමඟ ජ්‍යෝතිෂයේද මළගම සිදුවුණා. (නි)
සල්ලි අරගෙන මිනිස්සු මුලාවේ දමන අයට අපි කියන්නේ වංචනිකයෝ කියලයි (නි)
අපේ යාළුවො ටිකගේ මුහුණු ටික බලන්නකෝ (නි)
කොහොමහරි මිත්‍යාව පරාජය වුණා. (නි)
ජ්‍යෝතිෂ දැනුම විතරක් තිබුනට මදි. (නදී)
නැති වැඩක් කරන්න ගියේ නෑ සිරස.(හේ)
දැන් වීදි බැස්සා කියලා වැඩක් නෑ.(හේ)
මොනා කරන්නත් කලින් තමන්ගේ වෙලාව බලගත්තනම් මෙහෙම වෙන්නේ නැහැ මෙයාලට.(හේ)
මේ ඔක්කොම එකයි. බිස්නස් කාරයෝ. මේවා ඇත්තනම් බුදු හාමුදුරුවෝ තමයි මුලින්ම මේවා ගැන කියන්නේ. (නදී)
මිනි පෙට්ටි සාප්පු කාරයෝ රෝහල් වලට එරෙහිව වීදි බැස්සා වගෙයි මට පේන්නේ. ඉර,හඳ, තරු, ග්‍රහලෝක විකුණාගෙන කන්නේ නැතිව සාධාරණ විදියට යමක් හරි හම්බ කරගන්න උත්සාහ කලානම් හොඳයි. (නදී)
අනේ පවු, කෝ මෙතන ජෝතිෂ්‍යකාරයෝ. කොහෙන්ද අහුලා ගත්ත කිහිප දෙන්නේ ඉන්නේ. මේ කොයි කෙනා ගැනවත් දැන් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. (නදී)
සාස්තරකාරයො කියන්නෙ කොහොමත් බොරු කාරයෝ. තනිකරම බොරුව මත යැපනෙ විද්‍යාවක් යැයි කියා ගන්නා දෙයත් ජ්‍යෙතිෂය කියන්නෙ. (නදී)
දැන් තියෙන්නේ ජේවීපීයට බාරදෙන්න. එයාලට හොඳ පළපුරුද්දක් තියනවා (නි)
හොරුන්ගෙත් හොරු. බොරුවෙන් බඩවියත රැකගන්නවා (නි)
ලියොන් උන්නැහෙත් හොඳ සාස්තරකාරයෙක් වගෙයි. ඉගෙනගත්තේ කාගෙන්ද? (නි)
ඔය කාටවත් ගහන්න බැරි කෘතහස්ත අනාවැකි කියන්නෙක් වන අපේ දීමු මැතිතුමා ඉන්නාතුරු අපි නම් වෙන සාත්තරකායෝ ළඟට යන්නේ නැහැ.ඒ අතින් එතුමාගේ කුසලතාවයට අභියෝග කරන්න තරම් මේ රටේ වෙන කවුරුවත් නැහැ. (නි)
රට නිදහස් කරදුන් සුමනදාසලාට මෙසේ ස්තුතිය පුදකරමි (නි)
කොහොම වුණත් අපේ ජාතික වීරයා සුමනදාස අබේගුණවර්ධන තමයි. (නි)
හරි. මෙතන ශාස්ත්‍රකාරයින්ට අපි අවස්ථාවක් දෙමු මහා මැතිවරණයෙන් කොයි කොයි පක්ෂ ආසන කීය බැගින් ගන්නවද කියලා කියන්න බලන්න කියලා (නි)
රටේ ජනතාව නොමග අරින, පට්ට බොරු බේගල් දෙසා බාලා ජනතාවගේ සල්ලි කොල්ලකන, මේ හොර බොරු "ජ්‍යොතිෂ" කාරයෝ රටේ තහනම් කලයුතුයි. (නදී)
ඔය ඔක්කොම බොරුකාරයෝ. ගැහැණු රවට්ටාගෙන බඩ වඩා ගන්නවා (නදී)
වැරදුනේ මහින්දටවත්,එතුමා දිනනවා කියපු අයටවත් නෙමෙයි.රටේ සාමකාමී ජනතාවට. මහින්ද වගේ නායකයෙක් සමඟ රට සංවර්ධනය කරමින් ඉදිරියට යන්න ජනතාව වන අපිටත් වාසනාව, උවමනාව තියෙන්න ඕනෑ. කණගාටුවට කරුණ ලොව සත්‍ය සමබර කරුණු බොහොමයක් සිංහල මාධ්‍යයෙන් පළනොවීමයි. එනිසා ලාංකික අපි හැමදාම හොරු පස්සේ එළවලා රටේ ආරක්ෂාව මුලුමනින්ම නැතිකර ගන්නවා. දුවන්නම් වාලේ දුවන්නේ නැතුව බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිදුවන සියලු කරුණු ගැන හොඳ සිහිබුද්ධියෙන් සිතන්න බලන්න. (නි)
දැන් මේ රටේ බහුතරය දුවන්නන් වාලේ දුවන කෙවිටෙන් දක්කන ගව රැළක් වගෙයි කියලයි මට නම් පෙනෙන්නේ. (නි)
හොර ජ්‍යෝතිෂවේදීන් නිසා එය හෑල්ලුවට ලක්වෙනවා... (නි)
මම නම් කියන්නේ වැරදි වැඩ කළ නිසා නිකම් වටිනා ශාස්ත්‍රයක් පහත් තත්ත්වයට පත්වුණා කියලයි. මම පුද්ගලිකව ඕවා විශ්වාස කරන්නේ නැතිවුණාට ඕක මිනිස්සුන්ට ජීවත්වෙන්න මඟ පෙන්වීමක් හැටියට ගත්තට වරදක් නැහැ. (නි)
මේ අය රටේ ජනතාව රැවටූ බව රටම දැනගෙන හිටියා. ඒත් එයාලා ඒක දැනගන හිටියේ නැහැ. (නි)
කපුවා කපෝති! හැමදාම බොරුවෙන් රවටන්න බැහැ. (නි)
මොනා වුනත් මෙයාලගේ අනාවැකියෙන් රටට සෙතක් වුනානේ. (බ)
දිලාන් මහතා වෙත. ඔබගේ සංවර්ධනය කියන වචනයේ අර්ථකථනය ගැන තව සොයා බලන්න. කුඩුකාරයින් ආරක්ෂා කිරීම , මාර්ග කිලෝමීටරයට සිය දහස් වාරයක් වැඩියෙන් ගෙවීම, බදු මුදල් අපතේ යැවීම වගේ දේවල් දෙස ඔහේ බලාගෙන ඉන්න ජාතියකුත් ඉන්න බව නම් ඔප්පු වුණා (නි)
බුදුන් වදාළ දහම අනුගමනය කළා නම් මේ විනාශය නැහැ (නි)
පොස්ටර් සහ ප්‍රකාශන ශෛලිය දැක්කම මේකත් දැනට ජවිපය භාරගත්තු කොන්ත්රාත්තුවේ වැඩක් බව පෙනෙනවා. (බ)
මෙයාලගේ මෙහෙම එකක් විතරයි අඩුවකට තිබුණේ. දැන් ඒකත් හරි (නි)
අනාවැකි නිසා ජ්‍යෝතිෂයට වුණ හානිය කොපමණද? (නි).
බොරුකාරයන් සමාජයෙන් තුරන් කළයුතුයි (නි)
මේ දෙන්නා විතරක් නෙමෙයි කිවුවේ රාජපක්ෂ පරදිනවා කියලා. තව අය ප්‍රසිද්ධියේ කිව්වා. (නි)
බුදුන්ගේ දේශනාව අනුව සියලුම දේ අනිත්‍යි, කිසිම දෙයක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න එපා. (හේ)
දැන් ජ්‍යෙතිෂකාරයෝ ගණන් ගන්නේ නැහැ (බ)